අප එදිනෙදා ජිවිතයේ භාවිතා කරන බොහෝ විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණවල Transformers භාවිතා වනවා. ඉතින් ඉලෙක්ට්‍රොනික් විෂය ගැන උනන්දුවක් දක්වන ඔබට Transformer එකක සැකැස්ම සහ එහි ක්‍රියාකාරිත්වය දැන සිටීම ඉතා වැදගත් වනවා.Transformers වර්ග දෙකක් තිබෙන අතර පළමු වර්ගය Stepdown Transfomer ලෙස හදුන්වයි. වැඩි වෝල්ටීයතාවයක් ලබාදී, අඩු වෝල්ටීයතාවයක් ලබාගන්නා Transformers මෙලෙස හදුන්වයි.
අනෙක් වර්ගය Stepup Transfomer ලෙස හදුන්වයි. අඩු වෝල්ටීයතාවයක් ලබාදී, වැඩි වෝල්ටීයතාවයක් ලබාගන්නා Transformers මෙලෙස හදුන්වනු ලබයි. මෙම කුමන හෝ වර්ගයක හෝ Transformer ගැන කතා කිරීමේදී, ඕනෑම ට්‍රාන්ස්ෆොර්මරයක් දගර ( Coil ) දෙකකින් සමන්විත වනවා. ඒවා හදුන්වන්නේ ප්‍රථමික දගරය ( Primary Coil ) සහ ද්විතීයික දගරය ( Secondry Coil ) වශයෙනි. එනම් ඕනෑම ට්‍රාන්ස්ෆෝමරයක වෝල්ටීයතාවය ලබාදෙනු ලබන්නේ Primary Coil එකට වන අතර ඉන් පිටවන වෝල්යියතාවය ලබාගන්නේ Secondry Coil එකෙනි.
Stepdown Transformer එකක Primary Coil එකෙහි පොටවල් ගණන වැඩි අතර Secondry Coil එකෙහි පොටවල් ගණන අඩුවේ.
ඒවාගේම, Stepup Transformer එකක Primary Coil එකෙහි පොටවල් ගණන අඩු අතර Secondry Coil එකෙහි පොටවල් ගණන වැඩි වේ.



No comments:
Post a Comment