අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ශබ්දයට සංවේදී ස්විචයක් සාදාගන්න ආකාරයයි. මෙයට Sound Activated Switch එහෙමත් නැත්නම් Clap Switch කියලත් කියනවා.මෙම පරිපථය සාදාගත් පසු පරිපථයේ රිලේ උපාංගය හරහා ඕනෑම විදුලි උපකරණයක් සවි කර අත්පොඩියක් ගැසූ සැනින් එම විදුලි උපකරණය ON කරන්නත්, නැවත අත්පොඩියක් ගැසූ සැනින් එය OFF කරන්නත් හැකියාව ලැබෙනවා. CD 4017 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය වී ඇති මෙම පරිපථය, ට්‍රාන්සිස්ටර් තුනකින්ද , කන්ඩෙන්සර් මයික් එකකින්ද සමන්විත වනවා...
අවශ්‍ය උපාංග.
R1,R4=2.2k
R2=1M
R3=220K
R5,R6,=1K
T1,T3= S8050
T2= BC557
ALL DIODES=1N4148
IC1 = 4017 C1,C4 = 0.22uF
C3=10UF/25V
C2=1uf/25V
RELAY=12V/400 OHM
MIC=ELECTRET CONDENSOR MIC
R2=1M
R3=220K
R5,R6,=1K
T1,T3= S8050
T2= BC557
ALL DIODES=1N4148
IC1 = 4017 C1,C4 = 0.22uF
C3=10UF/25V
C2=1uf/25V
RELAY=12V/400 OHM
MIC=ELECTRET CONDENSOR MIC
පරිපථය ක්‍රියාත්මක කිරීමට 12v විදුලියක් ලබාදියයුතු අතර, පරිපථයේ Load ලෙස සදහන් සදහන් ස්ථානයට විදුලි උපකරණයක් සවිකර අත්පොඩි ශබ්දයෙන් එය ක්‍රියාත්මක කිරීමට හැක.
Condenser Mic
මෙම පරිපථය සදහා භාවිතා කරන කන්ඩෙන්සර් මයික් එකක සාමාන්‍ය පෙනුම මම පහතින් පෙන්වා ඇත.මෙය කිසිදු අපහසුවකින් තොරව, ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංග වෙළදසැල් වලින් මිලදී ගත හැක. කන්ඩෙන්සර් මයික් කියා ඉල්ලන්න.
CD 4017 IC
S 8050 Transistor
BC 557 Transistor






No comments:
Post a Comment