Tuesday, May 28, 2019

Led Torch Driver Circuit ...


පහතින් දැක්වෙන්නේ ඉතාමත් උසස් තත්වයේ Led Torch Driver පරිපථයකි. මෙහි ඇති Led බල්බ 3 සදහා ඉතාමත් වැඩි දීප්තියකින් යුතු සුදු පැහැති Led 3 ක් භාවිතා කල යුතුයි. MAX 660 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම Driver පරිපථය මගින් Led බල්බ වල උපරිම දීප්තියෙන් බල්බ දල්වනු ලබනවා. පරිපථය සදහා 3v ලබාදිය යුතු අතර, ඒ සදහා බැටරි දෙකක් භාවිතා කල හැක.

















Wednesday, May 22, 2019

Dual 3v White Led Flasher...


ඉතාමත් සරල Led Flasher පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංග ලෙස BC 547 ට්‍රාන්සිස්ටර් දෙක හැදින්විය හැකි අතර, පරිපථයේ ඇති සුදු පැහැති Led දෙක මාරුවෙන් මාරුවට දැල්වෙනු ලබනවා. පරිපථය සදහා 3v අවශ්‍ය වන අතර, එය බැටරි දෙකකින් හෝ Power Pack එකකින් සැපයිය හැක.

Friday, May 10, 2019

වෙසක් උත්සවයට බල්බ පරිපථයක්...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, වෙසක් උත්සවයේදී විවිධ අවස්ථාවන්ට භාවිතා කල හැකි තවත් බල්බ පරිපථයකි. මෙම පරිපථය සදහා ඔබට ඉතා හුරු පුරුදු NE 555 සහ CD 4017 IC උපාංග දෙකට අමතරව 2SD 882 ට්‍රාන්සිස්ටර් 4 ක් ප්‍රධාන වශයෙන් භාවිතා කර තිබෙන අතර මෙහි ඇති බල්බ සදහා යොදාගෙන තිබෙන්නේ, පහත පෙන්වා ඇති ආකාරයේ 6v බල්බ 8 කි. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.



















Thursday, May 9, 2019

Ring Circuit for Electrical Wiring...


නිවාස සහ ගොඩනැගිලි වයරින් කිරීමේදී තවත් ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන පරිපථයක් තමයි, වලයාකාර පරිපථය. ( Ring Circuit ). මෙම Ring Circuit භාවිතා කරන්නේ Socket Outlet සදහා තමයි. ඔබට තෙරු ගැනීමේ පහසුව සදහා මෙම Ring Circuit එක පහත රුප දෙකකින් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.


Monday, May 6, 2019

6v සෝලා බැටරි චාජර්...

පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ 6v සෝලා බැටරි චාජර් පරිපථයකි. මෙම පරිපථය Regulator IC උපාංගයකින් සහ  ට්‍රාන්සිස්ටර් දෙකකින් සමන්විත වන අතර මෙම පරිපථය සදහා භාවිතා කල යුතු සෝලා පැනලය 12v වේ. මෙම පරිපථය මගින් 6v බැටරියක් චාජ් කල හැක. Regulator IC උපාංගයේ සහ ට්‍රාන්සිස්ටර් දෙකේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත. 


Parts List.

Solar - 12V solar cells array
C1 - 470uF electrolytic capacitor rated 25V
D1, D2 - 1N5400 or any rectifier diode rated 2A minimum
Dz - 1N5235B or any 6.8V zener diode
R1 - 3 kilo ohms 1/4Watt
R2 - 330 ohms 1/4Watt
R3 - 560 ohms 1/4Watt
R4 - 2 kilo ohms 1/4Watt
LED -3mm or 5mm Red or any low power LED
Q1 - 2N2222, CS9013, or similar NPN transistor
Bat - 6V lead acid battery


Saturday, May 4, 2019

වෙසක් උත්සවයට සරල Led පරිපථයක්...


ඉතින් වෙසක් උත්සවයට තිබෙන්නේ තවත් මාසයකටත් අඩු කාලයක්. ශ්‍රී ලාංකිකයන් වන අප වෙසක් උත්සවයට විවිධ විදුලි ආලෝක සැරසිලි කිරීමට බොහොම කැමැත්තක් දක්වනවා. මම අද පහතින් ඉදිරිපත් කරලා තිබෙන්නේ කුඩා බුදුරැස් මාලාවක් වුවද සාදා ගත හැකි ඉතාමත් සරල Led පරිපථයක්. 2N 3904 ට්‍රාන්සිස්ටර් දෙක හැරුන විට මෙහි ඇත්තේ ඉතාමත් අඩු උපාංග ප්‍රමාණයකි. පරිපථය සදහා වෝල්ට් 3.7 සිට වෝල්ට් 6 දක්වා ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.