Saturday, February 16, 2019

9v බැටරියකින් Led බල්බ 10 ක් දල්වන ආකාරය..


අද මම   ඔබට අරගෙන ආවේ,  9v බැටරියකින් Led බල්බ 10 ක් ඉතාමත් දීප්තිමත් ලෙස දැල්විය හැකි පරිපථයක්. සාමාන්‍යයෙන් 9v බැටරියකින් Led බල්බ 10 ක් දල්වන්න බැහැ.එහෙත් මෙම පරිපථය සාදා ගත් විට  9v බැටරියකින් Led බල්බ 10 ක් ඉතාමත් දීප්තිමත් ලෙස දැල්විය හැකියි.  මෙම පරිපථය ට්‍රාන්සිස්ටරයකින්, රෙසිස්ටර් දෙකකින්, කැපැසිටර් එකකින් සහ කොයිල් එකකින් සමන්විත වනවා. ට්‍රාන්සිස්ටරය සදහා BC 547 හෝ 2N 2222 භාවිතා කළහැකි අතර කොයිලය සකස් කරගැනීම සදහා ත්‍රෙඩ් එකේ විෂ්කම්භය මිලි මීටර් 5 ප්‍රමාණයේ, මිලි මීටර් 25 ක් දිග Nut & Bolt එකක් භාවිතා කල යුතු වේ. 0.25 mm කොයිල් කම්බියෙන්, පළමුව පොටවල් 40 ක් ඔතා ටැප් එකක් තබා, නැවත පොටවල් 200 ක් ඔතා  ගන්න. 

Friday, February 15, 2019

Automatic Car Head Lights Turn Off Circuit...


මම අද ඔබට ඉදිරිපත් කරන්නේ, වාහනයක  Head Lights ස්වයන්ක්‍රීයව නිවා දැමිය හැකි පරිපථයක්. මෙම පරිපථය සාදා ගත් පසු, පරිපථයේ ඇති රිලේ උපාංගය හරහා වාහනයේ  Head Lights වලට විදුලිය සැපයිය යුතුවේ. පරිපථයේ S1 ලෙස සදහන්ව ඇත්තේ වාහනයේ, Ignition  ස්විචයයි. මෙම පරිපථය වාහනයකට සවිකළ පසු, රාත්‍රී කාලයේදී වාහනය ගරාජයේ නවතන විට, වාහනයේ එන්ජිම නතර කලද තත්පර 10 - 60 අතර කාලයක් වාහනයේ Head Lights දැල්වී තිබී ස්වයන්ක්‍රීයව නිවී යයි. එම Head Lights දැල්වී තිබෙන කාලයේදී එම එළියෙන් ඔබට වහනයෙන් බැස යා හැකි වනු ඇත. තත්පර 10 - 60 අතර  Head Lights දැල්වී තිබෙන කාලය, පරිපථයේ R2 ලෙස සදහන්ව ඇති 470K Preset එක මගින් සකසා තැබිය හැක.
 

Thursday, February 14, 2019

12v Battery Monitor with Led...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ,  12v Battery  Monitor පරිපථයක්. මෙහි දර්ශකය ලෙස කොළ,රතු සහ කහ පැහැයෙන් යුතු Led බල්බ 10 යොදාගෙන තිබෙනවා. මෙම පරිපථය සදහා භවිතා කර තිබෙන්නේ, පින් 18 කින් සමන්විත LM 3914 IC උපාංගයයි. පරිපථය සාදාගෙන එහි  + සහ (-) ස්ථාන වලට 15v වෝල්ටීයතාවයක් ලබාදී පරිපථයේ ඇති10 වන Led බල්බය දැල්වෙන ලෙස  10k Preset එක කරකවන්න. ඉන් පසු පරිපථයේ + සහ (-) ස්ථාන වලට හොදින් චාර්ජ් වී ඇති  12v  බැටරියක් සවිකළ විට 10 වන Led බල්බය දැල්වී තිබෙන අතර ක්‍රමයෙන් බැටරිය බසින විට 9 වන, 8 වන, 7වන ආදී වශයෙන්  Led බල්බ දැල්වෙනු ඇත. රතු පැහැති Led දැල්වෙන මට්ටමට පැමිණි පසු බැටරිය නැවත චාර්ජ් කලයුතු මට්ටමට පැමිණ ඇති බව ඔබට නිගමනය කල හැක.   

















PARTS LIST
R156kΩ
R218kΩ
R33.9kΩ
VR110k Preset
D1 – D10LED
IC1LM3914



Monday, February 11, 2019

පිළිස්සුන ටියුබ් බල්බයක් දල්වන්න අපෙන් ක්‍රමයක්...


මම අද කියලා දෙන්නේ තවත් හොඳ පරිපථයක්..ඔබගේ නිවෙස් වල පිළිස්සුන ටියුබ් ලයිට් ඕන තරම් ඇති.ඒවායින් වැඩක් ගන්න ක්‍රමයක් තමා මේක..ටියුබ් ලයිට් චෝක් එකට ඩයෝඩ  හතරක් සවිකරලා DC කර විදුලිය දුන්නාම හරි..කරලා බලන්න..අග්‍ර වල 230 විදුලිය ඇති  නිසා මේගැන වැඩිහිටියෙකුගේ උදවු ලබා ගන්න.

Tuesday, February 5, 2019

පරිගණක දෝෂ අලුත්වැඩියාව...


කිසිදු අනතුරු ඇගවිමකින්  තොරව පරිගණකය Restart වන්නේ ඇයි? (3 කොටස )






*Automatically Restart ඔප්ෂන් එක Active වී තිබීම.

වින්ඩෝස් වල Automatically Restart ඔප්ෂන් එක Active වී ඇති අවස්ථා වලද, ඔබගේ පරිගණකය Restart වනු ඇත. Windows XP සහ Windows 7 ඔපරේටින් සිස්ටම් වලදී එම ඔප්ෂන් එක Deactivate කරන ආකාරය පහතින් ඉදිරිපත්කර ඇත.

Windows XP වලදී Automatically Restart ඔප්ෂන් එක Deactivate කරන ආකාරය.

# My Computer අයිකන් එක රයිට් ක්ලික් කරන්න.
# එහි Properties ක්ලික් කර විට System Properties ඩයලොග් බොක්ස් එක දිස්වනු ඇත.
# එහි ඇති Advance ටැබ් එක ක්ලික් කරන්න.
# එහි Startup and Recovery කොටසෙහි ඇති Settings මත ක්ලික් කරන්න. එවිට Startup and Recovery     ඩයලොග් බොක්ස් එක දිස්වනු ඇත.දැන්  එහි System Failure යටතේ තිබෙන Automatically Restart චෙක් බොක්ස් එක අන්චෙක් කර OK ක්ලික් කරන්න.

Windows 7 වලදී Automatically Restart ඔප්ෂන් එක Deactivate කරන ආකාරය.


# Computer අයිකන් එක රයිට් ක්ලික් කරන්න.
# එහි ඇති Properties යන්න රයිට් ක්ලික් කර, System Properties වින්ඩෝ එක ලබා ගන්න.
# දැන් එහි ඇති Advance System Settings ක්ලික් කරන්න.
# එහි ඇති Startup and Recovery කොටසෙහි Settings ක්ලික් කරන්න.දැන්  Automatically Restart චෙක් බොක්ස් එක අන්චෙක් කර OK ක්ලික්ක කරන්න. 

Monday, February 4, 2019

පරිගණක දෝෂ අලුත්වැඩියාව...


කිසිදු අනතුරු අගවිමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි? (2 කොටස)




*Safe Mode Setting එකක් සක්‍රීය වී තිබීම 

පරිගණකය Restart වීම Control කල හැකි Setting එකක් Advanced  Option Menu එකෙහි අඩංගු වන අතර එය පහත ආකාරයෙන් සිදුකරන්න.

පරිගණකය බූට් වන අවස්ථාවේදී, F8 Key එක Press කරන්න. එවිට Advanced  Option Menu එක දිස්වන අතර Key Board එකෙහි ඇරෝ Key යොදාගෙන එහි ඇති Disable The Automatic Restart On System Failure ඔප්ෂන් එක හයිලයිට් කර Enter Key එක Press කරන්න. ඉන්පසු Advanced Menu එකෙන් ඉවත්වීම සදහා Exit වෙත ගොස් Enter Key එක Press කරන්න.එවිට එම Setting එක සේව් කලයුතු දැයි විමසා බලමු .

Sunday, February 3, 2019

පරිගණක දෝෂ අලුත්වැඩියාව...


කිසිදු අනතුරු ඇගවීමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි?

ඕනෑම පරිගණකයක ඉතා බහුල වශයෙන් ඇතිවන දෝෂයක් වන්නේ, පරිගණකය විටින් විට Restart වීමයි. සාමාන්‍යයෙන් මෙම දෝෂය සදහා හේතු විය හැකි කාරණා 9 පමණ මුලික වශයෙන් හදුනාගෙන තිබෙන අතර ඒවා එකින් එක විස්තර කිරීමට ම බලපොරෝත්තු වනවා.

 *  මුලික Software ආශ්‍රිත දෝෂ.

මුලික Software සහ Drivers ආශ්‍රිත දෝෂයක් හේතුවෙන් පරිගණකය Restart වීම සිදු විය හැකි අතර මුලික Software සහ Drivers වල දෝෂයක් ඇතිද කියා දැනගැනීමට පරිගණකය Safe Mode යටතේ බූට් කර බලන්න. එවිට කිසිදු Restart වීමකින් තොරව පරිගණකය ක්‍රියාත්මක වන්නේ නම්, පරිගණකයේ Software සහ Drivers වල දෝෂයක් නොමැති බව නිගමනය කල හැක. (දෙවන කොටස බලාපොරොත්තු වන්න)

Saturday, February 2, 2019

Mobile Phone Detector...


මෙම පරිපථය සාදා ක්‍රියාත්මක කල විට, පරිපථයේ සිට මීටර 1.5 ඇතුලත යම් කෙනෙකු මොබයිල් ෆෝන් එකක් භාවිතා කරන්නේ නම්, පරිපථයේ ඇති Led බල්බය නිවෙමින් දැල්වෙන අතර පරිපථයේ ඇති බසරයෙන්ද බීප් හඩක් නිකුත්වේ. එනම් ගන්න සහ ලැබෙන ඇමතුම් වලදී මෙන්ම, යවන සහ ලැබෙන SMS වලදීත් Led බල්බය නිවෙමින් දැල්වෙන අතර පරිපථයේ ඇති බසරයෙන්ද බීප් හඩක් නිකුත්වේ. 

Friday, February 1, 2019

ජංගම දුරකථන සදහා බැටරි චාජරයක් සාදමු...


ජංගම දුරකථන සදහා ඉතාමත් පහසුවෙන් සාදාගත හැකි බැටරි චාජර් පරිපථයක් තමයි පහතින් පෙන්වා තිබෙන්නේ. පරිපථයේ TR1 මගින් පෙන්වා ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 300 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. පරිපථයේ දක්වා ඇති D1, D2, D3, D4, Rectifier හතර සදහා IN 4007 Rectifier හතරක් හෝ පහත රූපයෙන් පෙන්වා ඇති ආකාරයේ Bridge Rectifier එකක් භාවිතා කරන්න. මෙහි Voltage Regulator එක ලෙස යොදාගෙන තිබෙන්නේ, LM 7805 Regulator IC උපාංගයයි.