අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, 12v Battery Monitor පරිපථයක්. මෙහි දර්ශකය ලෙස කොළ,රතු සහ කහ පැහැයෙන් යුතු Led බල්බ 10 යොදාගෙන තිබෙනවා. මෙම පරිපථය සදහා භවිතා කර තිබෙන්නේ, පින් 18 කින් සමන්විත LM 3914 IC උපාංගයයි. පරිපථය සාදාගෙන එහි + සහ (-) ස්ථාන වලට 15v වෝල්ටීයතාවයක් ලබාදී පරිපථයේ ඇති10 වන Led බල්බය දැල්වෙන ලෙස 10k Preset එක කරකවන්න. ඉන් පසු පරිපථයේ + සහ (-) ස්ථාන වලට හොදින් චාර්ජ් වී ඇති 12v බැටරියක් සවිකළ විට 10 වන Led බල්බය දැල්වී තිබෙන අතර ක්‍රමයෙන් බැටරිය බසින විට 9 වන, 8 වන, 7වන ආදී වශයෙන් Led බල්බ දැල්වෙනු ඇත. රතු පැහැති Led දැල්වෙන මට්ටමට පැමිණි පසු බැටරිය නැවත චාර්ජ් කලයුතු මට්ටමට පැමිණ ඇති බව ඔබට නිගමනය කල හැක.
| PARTS LIST | |
| R1 | 56kΩ |
| R2 | 18kΩ |
| R3 | 3.9kΩ |
| VR1 | 10k Preset |
| D1 – D10 | LED |
| IC1 | LM3914 |




No comments:
Post a Comment