Tuesday, December 31, 2019

Super Bright Led Flasher...

පහතින් දැක්වෙන්නේ, ඉතා වැඩි දීප්තියකින් දැල්වෙන  Led Flasher පරිපථයකි. ඔබට ඉතා හුරු පුරුදු BC 547 ට්‍රාන්සිස්ටරයක් මෙයට යොදාගෙන ඇති අතර පරිපථයට  සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 6 කි. මෙම පරිපථය ඉතාමත් සරල වුවද, ඔබගේ නිර්මාණශීලි අදහස් සහ හැකියාව මත මෙම පරිපථය විවිධ වූ කාර්යන් සදහා යොදා ගත හැක. 

Sunday, December 22, 2019

සෝලා චාර්ජ් කන්ට්‍රෝලර්...


පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ සෝලා විදුලි පද්ධතියකදී Charge Controller Unit එකක් සවිකරන ආකාරයයි. Charge Controller Unit එකක් භාවිතා කිරීමේ වාසි කීපයක්ම තිබෙනවා. එහි ඇති ප්‍රධානතම වාසිය තමයි, බැටරි අවශ්‍ය ප්‍රමාණයට චාර්ජ් වූ පසු, සෝලා පැනල් වලින් බැටරියට ලැබෙන විදුලිය ස්වයන්ක්‍රියව නවතා දැමීම. එමගින් බැටරි ආරක්ෂා වනවා සේම බැටරිවල ආයු කාලයත් වැඩිවනවා. ඒවගේම තවත් වාසියක් තමයි, Charge Controller Unit එකෙන් ඉන්වර්ටරයට විදුලිය සැපයිය යුතු වේලාවද ඔබට සකසා තැබිය හැකියි.

Friday, December 20, 2019

Musical Door Bell...


UM 3482A IC උපාංගය භාවිතයෙන් නිර්මාණය ඇති Door Bell පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. ජනප්‍රිය ගීත 12 ක නාද රටා මෙම IC උපාංගයෙන් උත්පාදනය වන අතර, මෙම පරිපථය සදහා 1.5v සිට 3v දක්වා වෝල්ටීයතාවයක් ලබාදිය හැක. IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් පෙන්වා ඇත. 

Sunday, December 15, 2019

Bi Colour Led Circuit...


පහතින් පෙන්වා තිබෙන්නේ තවත් Led Flasher පරිපථයකි. මෙහි විශේෂත්වය වන්නේ, Bi Colour Led බල්බයක් මේ සදහා යොදාගෙන තිබීමයි. මෙම බල්බයේ පින් තුනක් තිබෙන අතර, බල්බය පාට දෙකකින් දැල්වේ. බල්බයේ මැද  පින් එක (-) වන අතර, දෙපැත්තේ පින් දෙක පාට දෙකට අදාල + පින් දෙක වේ. BC 557 ට්‍රාන්සිස්ටරයේ සහ NE 555 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරය පෙර පරිපථ  වලදී ඉදිරිපත් කර ඇති නිසා ඒවා නැවත ඉදිරිපත් නොකරමි. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 6 කි.  




Saturday, December 14, 2019

Shock Alarm Circuit...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, යම්කිසි කම්පනයක් සිදුවූ වහාම ක්‍රියාත්මක වන Alarm පරිපථයක්. මෙම පරිපථය සදහාද යොදාගෙන තිබෙන්නේ ඔබට ඉතා හුරු පුරුදු LM 358 IC උපාංගයයි. මෙහි Shock Sensor එක සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ Shock Sensor එකක් භාවිතා කරන්න. Shock Sensor එක ඔබට අවශ්‍ය ස්ථානයක සවි කල විට එම ස්ථානයේ යම් කම්පනයක් සිදුවූ විගස පරිපථයේ ඇති බසරය නාද වනු  ඇත. උදාහරණයක් ලෙස Shock Sensor එක ඔබ දොරකට සවි කළේ නම්, යමෙකු විසින් දොර ඇරීමට උත්සාහ කිරීමේදී බසරය නාද වනු ඇත. පරිපථය සදහා 3v වෝල්ටීයතාවයක් ලබා දෙන්න. වාහන ආරක්ෂක පද්ධති වලද මෙවැනි Shock Alarm එකක් අඩංගු වේ. පරිපථයේ ඇති 22k Preset එක මහින් ඔබට අවශ්‍ය පරිදි කම්පන සංවේදීතාවය සකසා ගත හැක.

Shock Sensor

Water Level Alarm Circuit...

Friday, December 6, 2019

IR Remote Switch...


පහතින් දක්වා තිබෙන්නේ, ඕනෑම විදුලි උපකරණයක් Remote Control එකක් මගින් On කිරීමටත් Off කිරීමටත් හැකි පරිපථයකි. පරිපථයේ L1 ලෙස රිලේ උපාංගය හරහා සවිකර ඇත්තේ 230v වලින් ක්‍රියා කරන බල්බයක් වන අතර එම බල්බය වෙනුවට ඕනෑම 230v වලින් ක්‍රියා කරන විදුලි උපකරණයක් සවිකර Remote Control එකක් මගින්  On කිරීමටත් Off කිරීමටත් හැකියි. TK 1838 IR සෙන්සර්  එක මේ සදහා භාවිතා කර ඇති අතර, එහි පින් හදුනාගන්නා ආකාරයද පරිපථයේ පසෙකින් පෙන්වා ඇත. Remote Control එක සදහා ඕනෑම IR  Remote Control එකක් භාවිතා කල හැක. පරිපථය සදහා වෝල්ට් 9 ත්  12 ත් අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක.



















Thursday, December 5, 2019

වියදම අඩුම ඉන්වර්ටර් එකක් හදමු...


 ඔබට ඉතාම අඩු මුදලක් වැය කර තනා ගන්න පුළුවන් ඉන්වර්ටර් පරිපථයක් අද මම ඉදිරිපත් කරනවා..ට්‍රාන්ෆොමරය සදහා 12v/5A/230V එකක් යොදන්න.IRFZ 44 සදහා හීට් සින්ක් යොදන්න.විදුලි බල්බ දැල්වීම වැනි කටයුතු වලට මෙය යොදා ගන්න පුළුවන්.CD 4047 IC  උපාංගය මේ සදහා භාවිතා කර ඇත.වෙරෝ බෝර්ඩ් එකක් යොදා අනවශ්‍ය පාත් ඉවත්කර හදා ගන්න.

අපගේ වෙබ් අඩවිය කොපි කරමින්  කිසිදු තාක්‍ෂණ දැනුමක් නොමැති පුද්ගලයකු විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක මෙම ලිපියද කොපි කර පල කර ඇති අතර, CD 4047 IC උපාංගය සදහා CD 4017 IC උපාංගයද, .IRFZ 44 Field Effect ට්‍රාන්සිස්ටරය සදහා IFFZ  44 නම් වූ වෙළද පොලේ නොමැති Field Effect ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන ලෙස පල කර ඇත. මෙවැනි කිසිදු තාක්‍ෂණ දැනුමක් නොමැති  පුද්ගලයන්ට රැවටුන හොත් වැරදි උපාංග යොදා මෙම පරිපත සැදුව හොත් ඔබගේ කාලයත් මුදලත් අපතේ යන බව ඔබට වැටහෙනු ඇත. 

Friday, November 29, 2019

FM Transmiter Circuit Diagram...

Parts List

C110.001uf Disc Capacitor
C215.6pf Disc Capacitor
C3,C4210uf Electrolytic Capacitor
C513-18pf Adjustable Cap
R11270 Ohm 1/8W Resistor
R2,R5,R634.7k 1/8W Resistor
R3110k 1/8W Resistor
R41100k 1/8W Resistor
Q1, Q222N2222A NPN Transistor
L1, L225 Turn Air Core Coil
MIC1Electret Microphone
MISC19V Battery Snap, PC Board, Wire For Antenna

Thursday, November 28, 2019

Battery Voltage Monitor

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, බැටරි වෝල්ටීයතා දර්ශකයක්. 12v බටරියකට මෙම පරිපථය භාවිතා කල හැක. LM 709 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර ඇති පරිපථයේ, දර්ශකය ලෙස යොදා ගැනෙන්නේ, එකම බල්බයේ කොළ පාට සහ රතු පාට දැල්වෙන Led බල්බයක්. පරිපථය සාදාගත් පසු, පරිපථය භාවිතා කිරීමට පෙර පෙර සැකසුමක් කරගැනීමට අවශ්‍ය වන අතර, පරිපථයේ බැටරිය සවි කරන B1 ස්ථානයට, 10v විදුලියක් සපයා, පරිපථයේ ඇති VR1 Variable රෙසිස්ටරය කරකවා, Led බල්බය කොළ පැහැයෙන් දැල්වෙන සේ සකසා ගන්න. ඉන්පසු ඕනෑම 12v බැටරියක් B1 ස්ථානයට සවිකර එම බැටරිය ආරෝපණය කරනවිට, බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 13.5 ඉක්මවනවිට පරිපථයේ Led බල්බය රතු පැහැයෙන් දැල්වෙන අතර, ඔබ බැටරිය භාවිතා කිරීමේදී, බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 10 ට වඩා අඩුවන විටදී Led බල්බය කොළ පැහැයෙන් දැල්වේ.

Parts List.

Resistors (all ¼-watt, ± 5% Carbon)

R1 = 1 KΩ
R2 = 18 KΩ
R3, R4 = 680 Ω
VR1 = 10 KΩ (Potentiometer)

Semiconductors

IC1 = LM709
D1 = 1N4003

Miscellaneous

B1 = 12V Battery
LED = Bi-color LED

Monday, November 25, 2019

Temperature Controlled Fan...

පරිපථයේ R1 ලෙස සදහන්ව ඇත්තේ 15K තර්මිස්ටරයකි. මෙය පරිසර උෂ්ණත්ව සංවේදකය ලෙස ක්‍රියා කරයි..

Sunday, November 24, 2019

Overload Protected Circuit එකක් සාදමු...


මෙම Overload Protection පරිපථය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් පරිපථයක් වේවි. ඔබගේ වටිනා විදුලි උපකරණ මෙම Overload Protection Circuit එකක් හරහා සවිකිරීමෙන්, විදුලි පද්ධතියේ එකවර සිදුවන අධි වොල්ටියතාවයන්ගෙන් ඔබගේ උපකරණ ආරක්ෂා කරගත හැකි වනවා. පරිපථය සාදා 220v Load යනුවෙන් සදහන් ස්ථානයට යම්කිසි විදුලි උපකරණයක් සවි කර ක්‍රියාත්මක කල හැකි අතර, ආදී වෝල්ටීයතාවයක් පැමිණි විගස පරිපථයේ ඇති රිලේ උපාංගය මගින් විදුලි උපකරණයට සැපයෙන විදුලිය විසන්ධි කෙරේ. පරිපථයේ ඇති 2.2K Variable Resister මගින්, ඔබ සවිකරන විදුලි උපකරණය ආරක්ෂා විය යුතු උපරිම වෝල්ටීයතාවය සැකසිය හැක. පරිපථය සදහා 12v වෝල්ටීයතාවයක් සැපයිය යුතු අතර, පරිපථයේ පෙන්වා ඇති Push On ස්විචය මගින් පරිපථය නැවත Reset කල හැක.

මෙම පරිපථයේ ඔබට නුහුරු උපාංගයක් ලෙස ඇත්තේ MCT 2E නම් වූ ඔප්ටොකප්ලර් උපාංගයයි. එහි සාමාන්‍ය පෙනුම සහ පාද හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත.

 

Saturday, November 23, 2019

60w ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයරයක් සාදමු...

අද මම ඔබට අරගෙන ආවේ ඉතාමත් උසස් තත්වයෙන් යුතු වොට් 60 බලයක් සහිත ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයර පරිපථයක්. ට්‍රාන්සිස්ටර් හතකින් යුතු, මෙම පරිපථයේ ඇති 2N 3055 ට්‍රාන්සිස්ටර් දෙක සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතු වනවා. මෙම පවර් ඇම්ප්ලිෆයර් පරිපථය සදහා ඕම්ස් 4, වොට් 80 පමණ ස්පීකරයක් භාවිතා කලයුතු අතර, පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 50v - 60v අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක. පවර් ඇම්ප්ලිෆයර් පරිපථය සදහා අප මීට කලින් ඉදිරිපත් කරන ලද, Tone Control පරිපථයක් සාදා සවිකිරීමෙන් ඉතා උසස් තත්වයේ ඇම්ප්ලිෆයරයක් නිර්මාණය  කරගත හැක.

Sunday, November 17, 2019

Sound Operated Timer...

ඉතා සරල Timer පරිපථයක් අද ඔබට ඉදිරිපත් කරනවා. මෙහි ඇති විශේෂත්වය තමයි වෙනත් Timer  පරිපතවල මෙන් Timer IC එකක් නොමැති වීම. ට්‍රාන්සිස්ටර් පහකින් සමන්විත වන මෙම පරිපථය ක්‍රියාත්මක  කිරීම සදහා 6v විදුලියක් ලබාදිය යුතු වනවා. මෙහි ඇති Condenser Mic එකට ශබ්දයක් යොමුකළ පසු, යම්කිසි සුළු කාලයකින් පරිපථයේ ඇති රිලේ උපාංගය ක්‍රියාත්මක වන අතර රිලේ උපාංගය හරහා ඕනෑම විදුලි උපකරණයක් සම්බන්ධ කර ක්‍රියාත්මක කල හැක.එම පරිපථය සහ උපාංග ලැයිස්තුව පහතින් ඉදිරිපත්කර ඇත.
 Parts List.
Resistors 
R1 = 2.7 KΩ
R2 = 100 Ω
R3, R10 = 100 KΩ
R4 = 220 KΩ
R5 = 27 KΩ
R6 = 3.3 KΩ
R7 = 1 KΩ
R8, R11 = 10 KΩ
R9 = 270 KΩ
Capacitors
C1 = 10 µF/12V
C2 = 0.04 µF
C3 = 0.1 µF
Semiconductors
T1 = AC128 or AC188
T2 – T5 = BC148
D1 = 1N4001
Miscellaneous
MIC1 = Condencer Mike
RL1 = 6V 100Ω relay

Condenser Mic එකට ශබ්දයක් යොමුකළ පසු, රිලේ උපාංගය ක්‍රියාත්මක වීමට ගතවන කාලය, පරිපථයේ ඇති C1 කන්ඩෙන්සරයේ අගය මත තීරණය වේ.  එම කන්ඩෙන්සරය සදහා 10uf සිට 220uf දක්වා වූ ඕනෑම අගයකින් යුත් එම කන්ඩෙන්සර් භාවිතා කල හැක. 220uf යෙදු විට පමා කාලය තත්පර 20 කි.

High Quality Tone Control Circuit...