මෙම Overload Protection පරිපථය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් පරිපථයක් වේවි. ඔබගේ වටිනා විදුලි උපකරණ මෙම Overload Protection Circuit එකක් හරහා සවිකිරීමෙන්, විදුලි පද්ධතියේ එකවර සිදුවන අධි වොල්ටියතාවයන්ගෙන් ඔබගේ උපකරණ ආරක්ෂා කරගත හැකි වනවා. පරිපථය සාදා 220v Load යනුවෙන් සදහන් ස්ථානයට යම්කිසි විදුලි උපකරණයක් සවි කර ක්‍රියාත්මක කල හැකි අතර, ආදී වෝල්ටීයතාවයක් පැමිණි විගස පරිපථයේ ඇති රිලේ උපාංගය මගින් විදුලි උපකරණයට සැපයෙන විදුලිය විසන්ධි කෙරේ. පරිපථයේ ඇති 2.2K Variable Resister මගින්, ඔබ සවිකරන විදුලි උපකරණය ආරක්ෂා විය යුතු උපරිම වෝල්ටීයතාවය සැකසිය හැක. පරිපථය සදහා 12v වෝල්ටීයතාවයක් සැපයිය යුතු අතර, පරිපථයේ පෙන්වා ඇති Push On ස්විචය මගින් පරිපථය නැවත Reset කල හැක.
මෙම පරිපථයේ ඔබට නුහුරු උපාංගයක් ලෙස ඇත්තේ MCT 2E නම් වූ ඔප්ටොකප්ලර් උපාංගයයි. එහි සාමාන්‍ය පෙනුම සහ පාද හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත.



No comments:
Post a Comment