Friday, January 26, 2018

විදුලි හීටරය දිගු කලක් භාවිතා කරමු.....


සෑම නිවසකම පාහේ තිබෙන විදුලි උපකරණයක් තමයි විදුලි හීටරය.. ඒත් ඉතින් ගොඩක් දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි මෙම විදුලි හීටර වැඩි කලක් පාවිච්චි කරන්න බැරි වීම....ඒ කියන්නේ එක්කෝ හීටරය රත් වෙන්නෙම නැහැ.නැතිනම් හීටරය ක්‍රියාත්මක කරන වත් සමගම නිවසේ ට්‍රිප් ස්විචය off වීම. එත් මම අද ඔබට කියල දෙන්නම් කොහොමද විදුලි හීටරය දිගු කලක් පාවිච්චි කරන්නේ කියල..

ගොඩක් වෙලාවට ඔබ කරන එක වැරද්දක් තමයි,නියමිත ප්‍රමාණයට හීටරය ගිලෙන සේ භාජනයට ජලය නොදැමීම. ඔව්....දැන් ඔබ හිතනවා ඇති මොකක්ද මේ නියමිත ප්‍රමාණය කියලා.....උසස් වෙළද නාමයන් යටතේ අලෙවි කරන ඕනෑම හීටරයක එම  හීටර දගරයේ කොපමණ උසකට ජලය තිබිය යුතුද යන්න පැහැදිලිව සලකුණු කර තිබෙනවා....අන්න ඒ සලකුණ තමයි මම නියමිත ප්‍රමාණය කියලා කිව්වේ....මම දැන් ඔබට පහදා දෙන්නම්  මෙහි තාක්ෂණික පැත්ත...හිටරයේ අපට පෙනෙන දගරය අපට සිල්වර් පාටට පෙනුනට ඇත්තටම මෙය කොපර් බටයක්. කොපර් බටයට සිල්වර් ඉලෙක්ට්‍රොප්ලේට් කරලයි තිබෙන්නේ..ඉතින් මෙම කොපර් බටය ඇතුලේ තමයි හීටර් එලිමන්ට් එක තිබෙන්නේ..එනම් මෙම කොපර් බටයට හීටර් එලිමන්ට් එක නොගෑවෙන ලෙස, කොපර් බටයත් හීටර් එලිමන්ට් එකත් අතර සිලිකන් ස්තරයක් යොදා තිබෙනවා..
ඉතින් මෙම අපට බාහිරින් පෙනෙන කොපර් දගරය පුරාවටම හීටර් එලිමෙන්ට් එක නැහැ...මෙම හීටර් එලිමන්ට් එක ඉවරවෙන ස්ථානය තමයි ජලය තිබිය යුතු අවම සීමාව ලෙස සලකුණු කර තිබෙන්නේ...දැන් ඔබට වැටහෙනවා ඇති හීටර් එලිමන්ට් එක පිහිටා තිබෙන ප්‍රමාණයට ජලය තිබිය යුතු බව.. එසේ ජලය නොතිබුනොත් ජලය නොමැති නිසා හීටර් එලිමන්ට් එක ඉතා අධිකව රත් වෙනවා..එවිට ඒහා සමගම වටේ ඇති සිලිකන් ස්ථරයද අධිකව රත්වී එම ප්‍රදේශයේ සිලිකන් ස්තරය පිපිරීමකට ලක්වන අතර හීටර් එලිමෙන්ට් එකද එම  ස්ථානයෙන් පිලිස්සී කැඩී  යනවා....එවිට හීටරය අක්‍රීය තත්වයට පත් වෙනවා..මෙම පිලිස්සී කැඩී ගිය හීටර් එලිමන්ට් එකේ එක කෙළවරක් පිපිරී ගිය සිලිකන් ස්තරය තුලින් බාහිර කොපර් බටයේ ගෑවී තිබේනම් හීටරය ක්‍රියාත්මක කරනවත් සමග විදුලි කාන්දුවක් ඇතිවන නිසා ඔබගේ නිවසේ ට්‍රිප් ස්විචය off වෙනවා..

තවද හිටරය දිගු කලක් පාවිච්චි කිරීමට නම් හීටරය off කල සැනින් ජලයෙන් ඉවතට හීටරය ගන්න එපා...ස්විචය off කර තත්පර 20 පමණ ගිය පසු හීටරය ජලයෙන් ඉවත් කරන්න. මෙම උපදෙස් පිළිපදින්නේ නම් විදුලි හීටරය දිගු කලක් භාවිතා කල හැක.    

Sunday, January 21, 2018

නිවසේ විදුලි පද්ධතිය පරික්ෂා කරගැනීමට උපකරණයක්....( Plug Base Earth Leakage Tester)


අපි කවුරුත් දන්නවා,නිවාස විදුලි පද්ධතියක හෝ ගොඩනැගිලි විදුලි පද්ධතියක එය භාවිතා කිරීමේදී විදුලියෙන් වන ජීවිත හා දේපල හානි වලක්වා ගැනීමට උපක්‍රම යොදා තිබෙන බව..මෙහිදී විදුලි කාන්දු වලින් සිදුවන ජිවිත හානි ප්‍රධාන තැනක් ගන්නවා..විදුලි හිටරය,රයිස් කුකරය,ශීතකරණය,අවන්,අයන් එක ආදී උපකරණ තමයි සාමාන්‍යයෙන් නිවසක භාවිතා කරන්නේ...ඉතින් නිසි ලෙස ස්ථාපනය කරන ලද විදුලි පද්ධතියක නම් ඉහත දක්වා ඇති ආකාරයේ උපකරණ ක්‍රියාත්මක කරන විට යම්කිසි විදුලි කාන්දු වීමක් සිදුවුව හොත් විදුලි පද්ධතියට අදාල ට්‍රිප් ස්විචය ස්වයන්ක්‍රීයව off වී එම හානිය වලක්වාලනවා..

ඉතින් මම අද ඔබට හදුන්වා  දෙන මෙම සරල උපකරණයෙන් පුළුවන් ඕනෑම විදුලි පද්ධතියක ආරක්ෂාකාරී තත්වය  පරික්ෂා කරන්න. දැන් කෙනෙකුට හිතෙන්න  පුළුවන් ට්‍රිප් ස්විචය නිසි ආකාරව off වනවා දැයි බැලීමට ට්‍රිප් ස්විචය මත test button එකක් තියෙනවා නේද කියල...එත් එම test button එක press කලවිට ට්‍රිප් ස්විචය off වුයේ නම් ඔබට තහවුරු කර ගැනීමට හැකි වන්නේ ට්‍රිප් ස්විචය නිසි ක්‍රියාකාරීත්වයෙන් යුක්ත බව පමණයි....නමුත් එයින් අදහස් වන්නේ නැහැ ඔබගේ නිවසේ ඇති සියලුම Plug Base,ආරක්ෂාකාරී තත්වය යටතේ ක්‍රියාත්මක බවට. සමහර විට කාලයක් යත්ම  Plug Base වලට සම්බන්ධ Earth වයර බුරුල් වී තිබෙන්න හෝ විසන්ධි වී තිබෙන්න පුලුවන්. එවිට ඔබ ඉහත ආකාරයේ උපකරණ භාවිතා කරන විට යම්කිසි විදුලි කාන්දුවක් වුවහොත් ට්‍රිප් ස්විචය off වන්නේ නැහැ.

එමනිසා, මම පහතින් ඉදිරිපත් කරලා තිබෙන මෙම සරල Plug Base Earth Leakage ටෙස්ටරය සාදාගෙන ඔබගේ නිවසේ ඇති සියලුම Plug Base මාසයකට වතාවක් වත් පරික්ෂා කර ගන්න දැන් ඔබට පුළුවන්.මෙම Plug Base Earth leakage ටෙස්ටරය නිවසේ ඇති Plug Base එකකට Plug කර ස්විට්චය දමන්න.එවිට ට්‍රිප් ස්විචය off වුයේ නම් එම Plug Base එක ,ආරක්ෂාකාරී තත්වය යටතේ ක්‍රියාත්මක බවට ඔබට තහවුරු කරගත හැක. මේ ආකාරයට ඔබගේ නිවසේ ඇති සියලුම Plug Base පරික්ෂා කර ගන්න.

අවශ්‍ය උපාංග.

(1) සාමාන්‍ය ප්ලග් ටොප් එකක්.
(2) IN 4007 රෙක්ටිෆයර් එකක්.
                     (සුදු පාට ඉරක් ඇද ඇති පාදය + පාදය වේ.)

පහත රුපයේ ආකාරයට IN 4007 රෙක්ටිෆයර් එකේ + පාදය ප්ලග් ටොප් එකේ එඅර්ත් පින් එකටත්, - පාදය ප්ලග් ටොප් එකේ දකුණු පස පින් එකටත් සවි කරන්න.



Saturday, January 20, 2018

එයාර් කූලර් එකක් නිවසේදීම සාදාගමු...


මේ දවස් වල දහවල් කාලයේත් රාත්‍රී කාලයේත් හරිම උණුසුම්  නේද....ඉතින් කොපමණ වේගයෙන් විදුලි පංකා දැම්මත් ඒ කෙනුත් එන්නේ උණුසුම් සුළගක්....වායු සමීකරණ භාවිතා කරන්න ලොකු වියදමක් දරන්න අප කාටත් පුළුවන් කමක් නැහැ. ඔයාල දැකල ඇති වෙළද පොලේ තිබෙනවා Air Cooler කියල යන්ත්‍රයක්..ඇත්තටම මේ යන්ත්‍රයෙන් කරන්නේ අප අවට වාතය සිසිල් කරන එක. ඉතින් මේ Air Cooler එකක් වුවත් වෙළද පොලේ රුපියල් විසි තිස්දාහක් වෙනවා... දැන් මේ වගේ Air Cooler එකක් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්....මේ සදහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ කුඩා ප්‍රමාණයේ ඕනෑම විදුලි පංකාවක් සහ තරමක ප්ලාස්ටික් භාජනයක් තමයි..
පහතින් මම ඉදිරිපත් කරලා තියෙන්නේ...You Tube එකෙන් උපුටා ගන්න ලද Video එකක්... බලන්න කොහොමද ගෙදරදීම Air Cooler එකක් හදා  ගන්නේ කියලා...
අයිස් වෙනුවට ජලය වුවත් භාවිතා කරන්න පුළුවන්...    

Friday, January 19, 2018

USB Port එකෙන් පිටවන 5v , 12v වලට හරවන හැටි.....


අපි භාවිතා කරන Pen Drive වැඩ කරන්නේ 5v විදුලි සැපයුමකින්.  ඒ කියන්නේ අපගේ පරිගණකයේ USB Port  එකේ 5v සැපයුමක් තිබෙනවා.. දැන් වෙළද පොලේ තිබෙනවා ඔයාල දැකල ඇති USB Port එකට සවි කරන නොයෙකුත් විදුලි උපකරණ. උදාහරණ ලෙස කුඩා විදුලි පංකා, Table Lamp වගේ ඉතා සරල විදුලි උපකරණ. ඉතින් මේ හැම උපකරණයක්ම වැඩ කරන්නේ 5v වලින් තමයි..
අද මම ඔයාලට කියල දෙන්නම් 12v වලින් වැඩ කරන සරල විදුලි උපකරණ කොහොමද USB Port එකෙන් එන 5v වලින් වැඩ කරවන්නේ කියල...පහතින් මම ඉදිරිපත් කරලා තිබෙන්නේ එම පරිපතයයි...එම පරිපතයට USB Port එකෙන් එන 5v ලබාදුන් විට පරිපතයෙන් 12v මිලි ඇම්පියර් 800 ධාරාවක් පිටවෙනවා... ඒ කියන්නේ,ඔබට පුළුවන් 12v වලින් වැඩ කරන ඕනෑම  සරල විදුලි උපකරණයක් ක්‍රියාත්මක කරවන්න.
මෙම පරිපථයට පාදක වෙලා තිබෙන්නේ LM 2577 නම් IC උපාංගයකි. එහි සාමාන්‍ය පෙනුමත් මම ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා...අනෙකුත් සියලුම උපාංග ඔබ දැනටමත් හදුනනවා ඇති.

Thursday, January 18, 2018

ශීතකරණය නිවැරදිව භාවිතා කර විදුලිය වැයවීම අඩුකර ගන්නා ආකාරය...


සාමාන්‍යයෙන් නිවසක විදුලි බිලෙන් වැඩිම ඒකක ප්‍රමාණයකට හිමිකම් කියන්නේ අප භාවිතා කරන ශීතකරණයයි.තවත් දෙයක් තමයි අපි නිසි ආකාරව ශීතකරණය භාවිතා නොකිරීම නිසාත් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් දහනය වීම. ඇත්තටම අපි නිසි ආකාරව ශීතකරණයක් භාවිතා කලොත් මෙම අධික විදුලිය වැය වීම අවම මට්ටමක තබාගන්න අපට පුළුවන්...එසේනම් මෙන්න මේ පහත ක්‍රමවේදය තුලින් ඔබට පුළුවන් වේවි ඔබේ විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගන්න.

* නිවස තුලට තදින් හිරු එලිය නොවැටෙන ස්ථානයක ශීතකරණය තබන්න.

* ශීතකරණයේ දොර නිතර නිතර ඇරීමෙන් වලකින්න.

* ශීතකරණය තුලට ආහාර පාන තැන්පත් කිරීමේදී අදික රස්නයෙන් යුතු ආහාර පාන තැන්පත් කිරීමෙන් වලකින්න. එම ආහාර පාන නිවෙන්නට
   සලස්වා ශීටකරණය තුල තැන්පත් කරන්න.


 * ශීතකරණය නිතර නිතර OFF කර නැවත නැවත ON  කිරීමෙන්  වලකින්න.

 * ශීතකරණය තුල   වැඩිපුර ආහාර පාන තැන්පත් කිරීමේදී එහි  රේගුලේටරය වැඩි අගයක තබන්න.

 * ශීතකරණය තුල   අඩු  ආහාර පාන ප්‍රමාණයක්  තැන්පත් කිරීමේදී එහි රේගුලේටරයඅඩු  අගයක තබන්න.

 * ශීතකරණයේ දොර බිඩිම නිතරම පිරිසිදු තත්වයෙන් හා කිසිදු හානි වීමකින්

Monday, January 15, 2018

වාහන වලට Led විසිතුරු ගැජට්.....


වර්තමානයේ අලෝකකරණයට මෙන්ම විසිතුරු නිර්මාණ කරනයේදීත් Led බල්බ වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්..ඉතින් මම අද ඔබව දැනුවත් කරන්නේ, මෝටර් රථ සහ මෝටර් සයිකල් සදහා රාත්‍රී කාලයේදී විසිතුරු බවක් එක්කර ගැනීමට හැකි ආකාරයයි....ඔයාල දැකල ඇති රාත්‍රී කාලයේදී සමහර වාහන ධාවනය වන විට හෝ නවතා  තබා ඇති විට එම වහනයට යටින් ඉතා දීප්තිමත් දම් පාට හෝ කොළ පාට එළියක් වැටි ඇති බව...තවත් සමහර වෙලාවට ඔයාල දැකල ඇති මෝටර් සයිකල් වලත් එන්ජිම  තිබෙන ප්‍රදේශයේ සිට පහලට දම් පාට හෝ කොළ පාට එළියක් වැටි තිබෙන ආකාරය..ඉතින් මේ සියල්ලටම යොදා ගෙන තිබෙන්නේ Led ගැජට් තමයි...පහතින් මම පෙන්නලා තිබෙන්නේ Led බල්බ තුනක් සහිත එම Led ප්ලේට් එකක් තමයි...

























තවත් වර්ගයක Led ප්ලේට් එකක්....
 මෙම Led ප්ලේට් ,සුදු,රතු,කොළ,නිල යන වර්ණ වලින් ඔබට ලබා ගන්න පුළුවන්.....මෙම ප්ලේට් එක වැඩ කරන්න අවශ්‍ය වන්නේ 12v විදුලි බලයක් තමයි..ඉතින් එම නිසා ඔබට ලේසියෙන්ම අදාල වහනයේ බටරියෙන්ම මේවට විදුලිය සපයන්න පුලුවන්.....මෙය වාහනයේ ඕනෑම තැනක ලේසියෙන්ම සවි කරන්න පුළුවන් විදියට මෙම සෑම ප්ලේට් එකකම පිටු පස ඩබල් සයිඩ් ටේප් එකක් තිබෙනවා..එම නිසා මෙය ඕනෑම තැනක අලවන්න පුළුවන්..
වාහනයක ඇතුළතට මෙය විසිතුරු ලෙස යොදාගෙන ඇති ආකාරය...
                 මෝටර් සයිකල්  සදහා භාවිතා කරන ආකාරය
මෙම Led ප්ලේට් , සියලුම ප්‍රධාන නගර වල ඇති ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල් වලින් ලබා ගන්න පුළුවන්..එක ප්ලේට් එකක් රුපියල් 30 වගේ තමයි වෙන්නේ..
ඉතින් ඔබ නිර්මාණශීලි වුනොත් මෙයින් හොද වියාපාරයක් ගොඩනග ගන්නත් පුළුවන්.....උදාහරණයක් කියනවා නම්, මෙම සුදු පාට Led ප්ලේට් වලින් ත්‍රි රෝද රථ සදහා සහ වෙනත් වාහන වලට ඇතුලට ආලෝකය ලබා ගැනීමට hood Light එකක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්...

Sunday, January 14, 2018

සිවිලින් විදුලි පංකාව ඔබම අලුත්වැඩියා කරගන්න...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ නිවසේ ඇති සිවිලින් විදුලි පංකාව ඔබටම අලුත්වැඩියා කරගත හැකි ආකාරයයි. සාමාන්‍යයෙන් සිවිලින් විදුලි පංකාවක එන පොදු දෝෂ එනම් Common Faults කීපයක් අපට දකින්න පුළුවන්.සමහර විට ඔබගේ විදුලි පංකාව ඉතා මන්දගාමී වේගයකින් ක්‍රියා කරන්න පුළුවන්.එනම් විදුලි පංකාවේ වේග පාලකය කොපමණ වැඩි කලත් විදුලි පංකාව එකම වේගයකින් ධාවනය වෙන්න පුළුවන්..තවත් සමහර විට විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමට ආරම්භය අතින් තල්ලුකර ලබා දීමටත් සිදුවනවා..ඉතින් දෝෂ සියල්ලටම හේතුව තමයි, විදුලි පංකාවේ ඇති Capacitor එක අක්‍රීය වීම.. එවිට ඔබ කල යුත්තේ එම Capacitor ගලවා  ගෙන ගොස් එම අගයේම Capacitor එකක් අලුතෙන් ගෙන සවිකිරීමයි. මෙම  Capacitor රවුම් සහ කොටු හැඩයෙන් තිබෙන්න පුළුවන්... Capacitor යේ අගය සමාන නම් එහි හැඩය බලනොපාන බවද මතක තබා ගැනීම වැදගත්..



Friday, January 12, 2018

FM රේඩියෝව සහිත USB MP 3 ප්ලේයරය...


ඉතින් ගොඩ දෙනෙක්ට දැන් ඇම්ප්ලිෆයරයක ක්‍රියාකාරිත්වය පිළිබද හොද අවබෝධයක් ඇතැයි කියාමා  සිතනවා. දැන් ඔබට අවබෝධ වෙලා ඇති,අප භාවිතා කරන රේඩියෝ,TV, Hi Fi සෙටප්,පොකට් රේඩියෝ ආදී මෙම සෑම උපකරනයකම  ඇම්ප්ලිෆයරයක් තිබෙන බව. ඉතින් මම මිට කලින් ඉදිරිපත්කල 5W Stereo  ඇම්ප්ලිෆයරය සහ 12v වලින් 5v ලබාගන්න පරිපථය ඔබ සදාගෙන තිබෙනවා නම් ඔබට දැන් ඉතා හොද අත්හදාබැලීමක් කිරීමේ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා..ඔබ,මා විසින් ඉදිරිපත්කල ඇම්ප්ලිෆයරය සාදා නොගත්තත් වෙනත් ඕනෑම ඇම්ප්ලිෆයරයක් මේ සදහා භාවිතා කරන්න පුළුවන්. ඒත් 12v වලින් 5v ලබාගන්න පරිපථය නම් ඔබ අනිවාර්යෙන්ම සාදා ගත යුතු වෙනවා.
දැන් වෙළද පොලේ තිබෙනවා පහත රුපයේ ආකාරයේ FM රේඩියෝව සහිත USB MP 3 කිට් එකක්.

























මෙම FM රේඩියෝව සහිත USB MP 3 කිට් එක දුරස්ත පාලකයකින්ද සමන්විතයි. මෙහි FM රේඩියෝවත්,Pen Drive සදහා USB පෝර්ට් එකකුත්,Micro SD මෙමරි කාර්ඩ් සදහා පෝර්ට් එකකුත් තිබෙනවා. මෙම FM රේඩියෝව සහිත USB MP 3 කිට් එක ක්‍රියාකරවීම සදහා 5v විදුලි සැපයුමක් ලබාදිය යුතුයි. මෙම USB MP 3 කිට් එකෙන් පිටවන්නේ ඉතා කුඩා සංඥාවක් වන අතර එය වර්ධනය කරගැනීමට එම සංඥාව ඇම්ප්ලිෆයරයකට සම්බන්ධ කලයුතු වනවා.

ඇම්ප්ලිෆයරයකට සම්බන්ධ කරන ආකාරය.

ඔබ මෙම USB MP 3 කිට් එක මිලට ගැනීමේදී, වයර් තුනක් සහිත රිබන් වයරයක් සහ වයර් දෙකක් සහිත රිබන් වයරයක් ලැබේවි. මෙම වයර් තුනක් සහිත රිබන් වයරය,USB MP 3 කිට් එකේ 3 Pin සොකට් එකට සවිකරන්න. ඔබට පෙනෙනවා ඇති මෙම වයර් තුනෙන් දෙකක රතුපාටින් ඉරක් ඇති බව.මෙම වයර් දෙක ඇම්ප්ලිෆයරයේ L /R In වලට සවිකරන්න.අනෙක් වයරය ඇම්ප්ලිෆයරයේ Common In ස්ථානයට සවි කරන්න.
විදුලිය සපයන ආකාරය.

ඔබට ලැබුණු  වයර් දෙකක් සහිත රිබන් වයරය, USB MP 3 කිට් එකේ 2 Pin සොකට් එකට සවිකරන්න. ඉන්පසු ඔබ සාදාගත් 5v විදුලි සැපයුමේ - වයරය රතු පාට ඉරක් ඇති වයරයටත්, + විදුලිය අනෙක් වයරයටත් ලබා දෙන්න.
තනි රතු පාට සිහින් වයරය FM රේඩියෝවේ ,ඒරියල් වයරය වේ. 
දැන් ඇම්ප්ලිෆයරය on කර FM රේඩියෝව හෝ Pen Drive එකක් හෝ Micro SD මෙමරි කාර්ඩ් එකක් සවිකර MP 3 ප්ලේ කල හැක. 
මෙම USB MP 3 කිට් එක රු,390 වැනි මුදලකට මිලට ගත හැක.

Wednesday, January 10, 2018

Led ටෝච් බල්බයක් නිවසේදීම සාදාගමු...


ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!,දිනෙන් දිනම අපගේ වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂක පිරිස වැඩිවීම,මෙම වෙබ් අඩවිය තව තවත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට අපට මහත් ශක්තියක්. ඉතින් මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ ටෝර්ච් එකේ තිබෙන සාමාන්‍ය බල්බය ඉවත් කර ඒ වෙනුවට Led  ටෝර්ච් බල්බයක් නිවසේදීම සාදා ගන්නා ආකාරයයි.. මෙම Led ටෝර්ච් බල්බය යෙදීම මගින් ඔබගේ ටෝර්ච් එකේ බැටරි දිගු කාලයක් භාවිතා කිරීමට හැකිවේවි. මෙය සාදා ගැනීම ඉතාමත් පහසුයි, ඒ වගේම ඉතාමත් සරලයි...රු.20 කින් ඔබට මෙම බල්බය සාදාගන්න පුළුවන්..

 (1) මුලින්ම ඔබගේ ටෝර්ච් එකේ භාවිතා කරන සාමාන්‍ය  බල්බය හෝ
       පිලිස්සි ගිය ඒ සමාන බල්බයක් ගන්න.

 (2) පහත රුපයේ ආකාරයට එම බල්බය වටේ වයරින් ටේප් ඔතන්න.




 (3) ඉන්පසු වයරින් ටේප් ඔතන ලද බල්බයේ විදුරු කොටස කටර් අඩුව 
       ආධාරයෙන් තදකර ඉවත් කර ගන්න.



(4) පසුව පහත රුපයේ පරිදි ඇතුලත සියලුම කොටස් ඉවත් කර ගන්න.



(5) ඉන්පසු පහත රුපයේ තිබෙන ආකාරයේ සුදු පැහැති Led බල්බයක් 
      ගන්න.




 (6) පහත රුපයේ පරිදි Led බල්බයේ + පාදය මැදටත් - පාදය, වටේ ඇති
       කොටසටත් තබා ඊයම් යොදා පාස්සා  ගන්න.දැන් මෙම බල්බය
       ඔබගේ ටෝර්ච් එකට සවිකර භාවිතා කල හැක.

Monday, January 8, 2018

ඔබගේ පරිගණකයේ UPS එක දීර්ඝ කාලයක් පාවිච්චි කරන ආකාරය...


අපි මුලින්ම බලමු UPS එකකින් කෙරෙන කාර්ය සහ එයින් අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා...UPS එකක් නොමැතිව අපි පරිගණකය භාවිතා කරන විට ක්‍ෂණිකව විදුලිය ඇනහිටිය හොත් පරිගණකයට බොහෝ විට හානි වෙන්න පුළුවන් කියල අපි කවුරුත් දන්නවා..ඉතින් ඒ ගැටලුවෙන්  මිදෙන්න තමයි අපි UPS එකක් හරහා පරිගණකයට විදුලිය සපයන්නේ..අපි UPS එකක් සමග පරිගණකයක් භාවිතා කරන විට හදිසියේ විදුලිය ඇනහිටී අවස්ථාවක වුවත් ක්ෂණිකව UPS එක මගින් අඛණ්ඩව පරිගණකය වෙත විදුලිය සැපයීම සිදුවන නිසා අපි එතෙක් වේලා පරිගණකයෙන් කල කාර්ය Save කර පරිගණකය shutdown කල හැකියි.

නමුත් බොහෝදෙනෙක් මුහුණදෙන ගැටළුවක් තමයි තමන් අලුතෙන්ම මිලදී ගත් UPS එකක් වුවත් ඉතා කෙටි කාලයකින් එහි නිසි ක්‍රියාකාරිත්වය අඩපන වීම.එනම් ක්ෂණිකව විදුලිය ඇනහිටී අවස්ථාවක UPS එක ක්‍රියාත්මක වුවත් ඔබ පරිගණකය shutdown කිරීමට මත්තෙන් UPS එකද අක්‍රීය වීම හෝ  ක්ෂණිකව විදුලිය ඇනහිටී අවස්ථාවේම UPS එකත් අක්‍රිය වී පරිගණකයද  අක්‍රිය වීමයි.

අපි භාවිතා කරන සෑම UPS එකක් තුලම පහත ආකාරයේ, නැවත ආරෝපණය කල හැකි(Rechargable) බැටරියක් තිබෙනවා.මෙම බැටරියෙන් තමයි විදුලිය ඇනහිටී අවස්ථාවන් හිදී පරිගණකයට විදුලිය ලබාදීම සිදුවන්නේ.මෙම Rechagable බැටරි වල  ආයු කාලය වැඩි කර ගැනීමට නම් නිතරම මෙම බැටරිය ආරෝපණය වීමට සැලැස්විය යුතුයි. නමුත් අපි පරිගණකය භාවිතයේදී මෙය සිදුවන්නේ නෑ. මන්ද යත් නිතරම විදුලිය ඇනහිටීම සිදු නොවන නිසා නිතරම බැටරියද උපරිම ආරෝපණ තත්වයෙන් පැවතීමයි.

 ඉතින් ඔබගේ UPS එකේ බැටරිය නිතරම ආරෝපණය වීමට සැලැස්වීම සදහා මම ඔබට ක්‍රමයක් කියල දෙන්නම්.දින තුනකට වතාවක් වත් ඔබගේ UPS එකට පරිගණකයේ මොනිටරය පමණක් සම්බන්ධ කර UPS එකට ඔබ ලබා දී ඇති විදුලිය විසන්ධි කරන්න.එවිට UPS එක on වී මොනිටරය ක්‍රියාත්මක වේ. ටික වෙලාවකින් UPS එකේ බැටරිය බැසගිය පසු මොනිටරය off වේ. ඉන් පසු සාමාන්‍ය ආකාරයට UPS  එක සමග පරිගණකය භාවිතා කරන විට නැවත බැටරිය ආරෝපණය වේ. අඩුම තරමේ දින තුනකට වතාවක් වත් මෙය සිදුකල හැකි නම් ඔබගේ UPS එක දීර්ඝ කාලයක් පාවිච්චි කල හැක.

Sunday, January 7, 2018

නිවසේ විදුලිය ඇනහිටි අවස්ථාවකදී භාවිතයට, 230v බැටරි ජෙනරේටරයක් සාදාගමු...

මේක නම් ගොඩක් අයට ඉතාම වැදගත් උපකරණයක් වේවි.මක් නිසාද යත් රාත්‍රී කාලයේදී හිටි හැටියේ නිවසේ විදුලිය ඇනහිටියොත් අපි කවුරුත් අපහසුතාවයට පත්වෙනවා..ඉතින් මේ 230v බැටරි ජෙනරේටරය සාදාගත හොත් ඔබට ඒ අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්. ඉන්ධන වලින් ක්‍රියාකරන ජෙනරේටර් ගොඩක් මිල අධික නිසා මේ 230v බැටරි ජෙනරේටරය අඩු මුදලකින් ඔබට එකලස් කරගන්න පුලුවන්. මේ සදහා අවශ්‍ය උපාංග මම පහතින් දක්වන්නම්.

1) 12 v,  ඇම්පියර් 10 පමණ මෝටර් සයිකල් බැටරි එකක් හෝ 12 v , ඇම්පියර් 7 Rechargeable බැටරි එකක්.








(2) 12 v වලින් ක්‍රියාකරන 230 v පිටකරන වොට් 350 ක හෝ ඊට වැඩි වොට් ප්‍රමාණයක ඉන්වර්ටර් එකක්.

එකම ඉන්වර්ටරයේ දෙපැත්ත.




 (3)  ඇම්පියර් 13 ප්ලග් දෙකක් සහ 3 Core වයර් මීටර් දෙකක්.



            ප්ලග් දෙක, 3 Core  වයරයට පහත පරිදි සවිකර ගන්න.

(බැටරියේ සිට ඉන්වර්ටරයට 12 v ලබාදීම සදහා අවශ්‍ය වන වයර් දෙක, ඔබ ඉන්වර්ටරය මිලදී ගැනීමේදී ලැබෙනු ඇත.)

230v බැටරි ජෙනරේටරය පහත රුපය පරිදි එකලස් කර ගන්න.

ඉහත රුපයේ පරිදි, + හා - නිවැරදිව සිටින සේ බැටරියේ සිට ඉන්වර්ටරයට වයර් සවිකරන්න. 3 Core වයරයට  සවිකර ගත් ප්ලග්     ටොප් දෙකෙන් එක ප්ලග් ටොප් එකක් ඉන්වර්ටරයට සවිකරන්න.

 ක්‍රියා කරවන ආකාරය.

 මුලින්ම ඔබගේ නිවසේ Main Switch එක Off කරන්න. ඉන්පසු ඔබ නිවසේ භාවිතා කරන CFL බල්බ හා LED බල්බ හැර අනෙකුත් සියලුම විදුලි උපකරණ වල switch off කරන්න.(මෙම බැටරි ජෙනරේටරයෙන් CFL බල්බ හෝ  LED බල්බ 5 ක් පමණ භාවිතා කල හැක.) දැන් 3 Core වයරයේ ඉතිරි ප්ලග් ටොප් එක ඔබගේ නිවසේ ඕනෑම ප්ලග් බේස් එකකට සවිකර ඉන්වර්ටරයේ ස්විට්ච් එක On කරන්න. එවිට CFL හා Led බල්බ දැල්වෙනු ඇත.

ඔබ, ඇම්පියර් 35 ක පමණ බැටරියක් භාවිතා කරන්නේ නම් CFL බල්බ හෝ  LED බල්බ වලට අමතරව LCD හෝ LED  TV එකක් වුවද බැලිය හැක.

(විදුලිය තිබෙන අවස්ථාවේදී බැටරිය චාර්ජ් කර ගැනීමට මෙමෙ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති කාර් බැටරි චාජරය සාදා  ගන්න.)

උපාංග ලබා ගත හැකි ස්ථාන,

Unitech Trading (pvt ) Ltd,
No. 15 ,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2334100


Micro Electronics ,
No, 56,
1st Cross Street ,
Colombo 11.
Tel , 011 2433549