අපි කවුරුත් දන්නවා,නිවාස විදුලි පද්ධතියක හෝ ගොඩනැගිලි විදුලි පද්ධතියක එය භාවිතා කිරීමේදී විදුලියෙන් වන ජීවිත හා දේපල හානි වලක්වා ගැනීමට උපක්‍රම යොදා තිබෙන බව..මෙහිදී විදුලි කාන්දු වලින් සිදුවන ජිවිත හානි ප්‍රධාන තැනක් ගන්නවා..විදුලි හිටරය,රයිස් කුකරය,ශීතකරණය,අවන්,අයන් එක ආදී උපකරණ තමයි සාමාන්‍යයෙන් නිවසක භාවිතා කරන්නේ...ඉතින් නිසි ලෙස ස්ථාපනය කරන ලද විදුලි පද්ධතියක නම් ඉහත දක්වා ඇති ආකාරයේ උපකරණ ක්‍රියාත්මක කරන විට යම්කිසි විදුලි කාන්දු වීමක් සිදුවුව හොත් විදුලි පද්ධතියට අදාල ට්‍රිප් ස්විචය ස්වයන්ක්‍රීයව off වී එම හානිය වලක්වාලනවා..
ඉතින් මම අද ඔබට හදුන්වා දෙන මෙම සරල උපකරණයෙන් පුළුවන් ඕනෑම විදුලි පද්ධතියක ආරක්ෂාකාරී තත්වය පරික්ෂා කරන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ට්‍රිප් ස්විචය නිසි ආකාරව off වනවා දැයි බැලීමට ට්‍රිප් ස්විචය මත test button එකක් තියෙනවා නේද කියල...එත් එම test button එක press කලවිට ට්‍රිප් ස්විචය off වුයේ නම් ඔබට තහවුරු කර ගැනීමට හැකි වන්නේ ට්‍රිප් ස්විචය නිසි ක්‍රියාකාරීත්වයෙන් යුක්ත බව පමණයි....නමුත් එයින් අදහස් වන්නේ නැහැ ඔබගේ නිවසේ ඇති සියලුම Plug Base,ආරක්ෂාකාරී තත්වය යටතේ ක්‍රියාත්මක බවට. සමහර විට කාලයක් යත්ම Plug Base වලට සම්බන්ධ Earth වයර බුරුල් වී තිබෙන්න හෝ විසන්ධි වී තිබෙන්න පුලුවන්. එවිට ඔබ ඉහත ආකාරයේ උපකරණ භාවිතා කරන විට යම්කිසි විදුලි කාන්දුවක් වුවහොත් ට්‍රිප් ස්විචය off වන්නේ නැහැ.
එමනිසා, මම පහතින් ඉදිරිපත් කරලා තිබෙන මෙම සරල Plug Base Earth Leakage ටෙස්ටරය සාදාගෙන ඔබගේ නිවසේ ඇති සියලුම Plug Base මාසයකට වතාවක් වත් පරික්ෂා කර ගන්න දැන් ඔබට පුළුවන්.මෙම Plug Base Earth leakage ටෙස්ටරය නිවසේ ඇති Plug Base එකකට Plug කර ස්විට්චය දමන්න.එවිට ට්‍රිප් ස්විචය off වුයේ නම් එම Plug Base එක ,ආරක්ෂාකාරී තත්වය යටතේ ක්‍රියාත්මක බවට ඔබට තහවුරු කරගත හැක. මේ ආකාරයට ඔබගේ නිවසේ ඇති සියලුම Plug Base පරික්ෂා කර ගන්න.
අවශ්‍ය උපාංග.
(1) සාමාන්‍ය ප්ලග් ටොප් එකක්.
(2) IN 4007 රෙක්ටිෆයර් එකක්.
(සුදු පාට ඉරක් ඇද ඇති පාදය + පාදය වේ.)
පහත රුපයේ ආකාරයට IN 4007 රෙක්ටිෆයර් එකේ + පාදය ප්ලග් ටොප් එකේ එඅර්ත් පින් එකටත්, - පාදය ප්ලග් ටොප් එකේ දකුණු පස පින් එකටත් සවි කරන්න.


No comments:
Post a Comment