Thursday, April 28, 2016

මෝටර් රථ බැටරිය ගැන ඉගෙනගමු (03)

මෝටර් රථ බැටරියක, ප්‍රතික්‍රියකාරකයක් වශයෙන් සල්ෆියුරික් අම්ලයද, ලෝහයක් ලෙස ඊයම් ද තිබෙන බව දැන් අපි දනිමු. මෙම බැටරි වල තනුක සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීම සදහා ඊයම් සහ ඊයම් සංයෝග වලින් සාදන ලද ඉලෙක්ට්‍රොඩ භාවිතා කරයි. මෙම බැටරියක විදුලිය භාවිතා කිරීමේදී, මෙම බැටරිය අක්‍රිය තත්වයට පත්වන අතර, බැටරිය නැවත පෙර තත්වයට ගෙන ඒමට නම් පිටතට ගිය විද්‍යුත් ශක්තිය නැවත බැටරියට ලබාදිය යුතුවේ. එනම් මෙම බැටරි චාජ් කිරීමේදී පිටතින් ලබාදෙන විදුලි සැපයුමකින් එම පිටව ගිය විද්‍යුත් ශක්තිය නැවත බැටරියට ලබාදේ. මෙම නැවත බැටරියට විද්‍යුත් ශක්තිය ලබාදීම බැටරිය චාජ් කිරීම යනුවෙන් හදුන්වයි. මෙලෙස නැවත බැටරිය පෙර තත්වයට පත්වීමේදී, සල්ෆියුරික් අම්ලයේ ඇති ජලය ප්‍රමාණය අඩු වීම නිසා බැටරියේ අම්ල මට්ටම අඩුවෙන් පෙන්වන අතර, බටරුයේ නිසි අම්ල  මට්ටම පවත්වාගැනීම සදහා නැවත ආසුත ජලය(බැටරි වතුර) එක්කල යුතුවේ. වෝල්ට් 12 සහ වෝල්ට් 6 ප්‍රමාණයෙන්, විවිධ ධරිතාවයන්ගෙන් (විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන්) මෙම බැටරි නිෂ්පාදනය කර ඇති අතර ඇම්පියර් ප්‍රමාණය වැඩිවන විට බැටරියේ ප්‍රමාණයද විශාලවේ. බැටරියේ ඇති ඊයම් තහඩු විශාල වුවද කුඩා වුවද, සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාවෙන් ඇතිවන වෝල්ටීයතාවය වෝල්ට් 1.99 වන අතර එය ආසන්නව වෝල්ට් 2 ක් ලෙස සැලකේ.
එනම් 12v බැටරියක, ඉහත පෙන්වා ඇති ආකාරයට කෝෂ (Cells) හයක් ඇති අතර එම සෑම කෝෂයකින්ම වෝල්ට් 2 බැගින් නිපදවේ. එම සෑම කෝෂයක්ම ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති නිසා, කෝෂ හයෙන් වෝල්ට් 12 ක් ලැබේ.

Monday, April 18, 2016

ටොයෝටා සමාගම නවතම 2017 Prius Prime මෝටර් රථය හදුන්වාදෙයි...

මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ටොයෝටා සමාගම , 2017 එනම් ඉදිරි වර්ෂය සදහා පැමිණීමට නියමිත  නවතම  Prius Prime  මෝටර් රථය හදුන්වාදී තිබෙනවා. දැනට ඇති Prius හයිබ්‍රිඩ් මෝටර් රථය මෙරට ඉතා ජනප්‍රිය වුවද, 2017 වර්ෂය සදහා පැමිණීමට නියමිත මෙම  Prius Prime  මෝටර් රථය සම්පුර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා.


Wednesday, April 13, 2016

ග්‍රාවා කැමරාව ගැන යමක්...

පැළද සිටියදී වීඩියෝ රෙකෝඩ් කැමරාවකින් දකින දේ ස්වයන්ක්‍රීයව සංස්කරණය කල හැකි පරිගණක වැඩසටහනකින් ලද හැකි සේවය එතරම් විශාල දෙයක් නොවේ. එය වටින්නේ,උද්වේගකර හෝ හදිසි අවස්ථා වාර්තා කර ගත යුතු වේලාවකදීය.මෙම කැමරාවක් වාහනයක සවිකර තැබුවහොත් මාර්ග අනතුරකදී වරද කාගේදැයි සැක හැර දැනගන්නට හැකියාව ලැබෙනු ඇත. එහෙත් විනෝදයට යන ගමනකදී,දකින දෙයින් වඩාත් හොදම කොටස් රැකදෙන්නට මෙම කැමරාව ප්‍රයෝජනවත් නොවේ.මක් නිසාද යත්, ඒ කියන හොදම අවස්ථා තැනැත්තා අනුව වෙනස් වන බැවිනි.


Saturday, April 9, 2016

ඔබ පාවිච්චි කරන බෙහෙත් හානිකර දැයි දැනගන්න ක්‍රමයක්...

යම් බෙහෙතක් හෝ වෛද්‍ය උපකරණයක් හෝ භාවිතා කිරීම හානිකර දැයි සොයාබැලීමට මම අද ඔබට හදුන්වා දෙන Drugwatch වෙබ් සේවය යොදා ගත හැක. එහි දෙන Search Box එක තුල යම්කිසි බෙහෙතක් හෝ වෛද්‍ය උපකරණයක් Search කල විට, එම බෙහෙතේ හෝ වෛද්‍ය උපකරණයේ හානිකර තත්වයක් වෙතොත් සොයා පෙන්වයි. පහත ලින්ක් එකෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක.

Wednesday, April 6, 2016

හොඳම computer එකක් තෝරා ගන්නේ කොහොමද ?

අපේ වෙබ් එක කියවන ගොඩක් දෙනෙක්‌ අහල එවල තිබුනා පරිගණකයක් අලුතින් මිලට ගන්නා විට සලකා බලන්න ඕනා කාරනා ටිකක් කියලා දෙන්න කියලා ඒඅනුව අද මම ඔබට ඒ පිලිබඳව කරුණු ටිකක් කියලා දෙන්නම්.ගොඩක් අය පරිගණකයක්  ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම පරිඝණකය  ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු
එකක් ගැනීමේ  අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත පරිඝණකය  මේ මාසේ තියෙන හොදම පරිඝණකය වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය පරිඝණකය පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න .

 Processor / CPU / Central Processing Unit (මද්‍ය සැකසුම් ඒකකය)
පරිඝනකයේ හදවත බඳු මෙම කොටස ඉතා වැදගත් .මේ වනවිට වෙළද පොලේ  තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපට Processor වර්ග 2 ක්ලබා ගන්න පුළුවන්.

(1)Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 18000.00

(2)Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.18000.00

මේ ප්‍රොසෙසර් වලින් ඔබට ඉතා හොඳ එකක් වන්නේ  4 MB Cache Memory එකක් තියෙන Processor.මේ Processor  වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] පෙන්නුම් කරනවා . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.තවත් CPU වල වැදගත්  දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි.  උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන්  පමණක් පරිගණකය වේගවත් නොවන බව,  i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක  එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක.  Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්.  අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි. තවත් ගොඩක් දේවල් පරිගණකයක් මිලට ගැනීමට පෙර බලන්න ඕනා.ඉදිරි පාඩමකින් ඒවා කියලා දෙන්නම්..

නිවාස වයරින් කිරීම (9)





 වෙළද පොලෙන් මිලට ගත හැකි MCB වල ධාරා අගයන්...









6 A
10 A
16A

20 A


32A

63 A

Tuesday, April 5, 2016

පරිගණක තාක්‍ෂණය 04

අපි කතා කරේ පරිගණකයකට වගේ අනිත් ඕනැම යන්ත්‍රයකට පොදු ආකෘතිය ගැනයි. 
නමුත් , අපි කලින් කිව්ව , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වෙන්නේ එහි මතකයක් තිබිම නිසා කියල. ඒ නිසා පරිගණකයකටම අදාල ආකෘතිය , පොදු ආකෘතියේන් පොඩ්ඩක් වෙනස් වෙනව. ඒනම් , මේ ආකෘතියට මතකය කියන දේ එකතු වෙනව. ඒය , මේ පහලින් පෙන්වා තියේනව.

                                          මතකය. ( Memory ) 
                                                       |
                                                      V
ආදානය. ( Input ) ---> සැකස්ම / ක්‍රියාවලිය. ( Process ) ---> ප්‍රතිදානය. ( Output )

අනිත් යන්ත්‍ර වගේ නෙමේ පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ , එහි මතකයේ ඇති උපදෙස් වලට අනුවයි. මතකයේ තියේන උපදෙස් වෙනස් කරමින් අපට විවිධාකරයේ ප්‍රතිදාන ( Output ) ලබා ගන්න පුලුවන්. 

ආදාන උපාංග - යතුරු පුවරුව ( Key Board ) , සුපරික්සනය ( Scanner ) , මුසිකය ( Mouse ) , ඩිජිටල් කැමරාව ( Digital Camera ) , මයික්‍රොපෝනය / මයික් එක ( Microphone ) , Barcode Reader.

ප්‍රතිදාන උපාංග - මොනිටරය ( Monitor ) , ශබ්දවාහිනි ( Speakers ) , මුද්‍රණ යන්ත්‍රය ( Printer ) , Plotter.

ආදාන හා ප්‍රතිදාන කියන 2ටම Touch Screen එක භාවිතා වෙනව.

Monday, April 4, 2016

අලුතෙන්ම නිකුත් වුන Samsung Galaxy S7

Samsung S7 ජංගම දුරකථනය නිකුත් වී තවමත් දින කිහිපයි. Samsung S6 ජංගම දුරකථනය සමග සංසන්දනය කරන විට S7 ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා කියලා පහසුවෙන් කියන්න පුළුවන්. විශේෂයෙන්ම 200 GB දක්වා microSD භාවිතා කිරීමේ හැකියාවත් තියෙනවා.
Super AMOLED capacitive touchscreen එකක් සහිත මේ ජංගම දුරකතනයේ Ram එක 4 GB. 12 MP කැමරාවක් සහිත S7, Fast battery charging තාක්ෂනය යටතේ නිපදවා ඇති බැවින් ඔබට පැය බාගයක් තුල 60% ක් පමණ Charge කරගන්න පුළුවන්. Android Marshmallow මෙහයුම් පද්ධතිය සමග පැමිණෙන මෙම දුරකථනය ඔබට වර්තමානයේ රුපියල් ලක්ෂයකට පමණ මිලදී ගත හැකිය.


Saturday, April 2, 2016

ඔබ කැමති පාරක් දිගේ දැන් දෙපයින් නොව පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් ඇවිද යා හැකියි..

මෙය හදුන්වන්නේ Google Street View කියලා.මෙතෙක් කල් Google Satellite Map එක ඔස්සේ ඕනෑම ස්ථානයක් සොයාගැනීමටත්, ඕනෑම පාරක් සොයාගැනීමටත් අපට හැකියාව තිබුණා. දැන් ඔබට පුළුවන් කැමති ඕනෑම පාරක් දිගේ ඇවිද ගොස් නිරීක්ෂණය කරන්න. ඔබ මෙලෙස පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන්  යම් පාරක් දිගේ යනවිට ඒ හා  අවට ඇති වෙනත් මාර්ග, නිවාස,ගොඩනැගිලි ආදී සියලු දේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. මීට වසරකට එහා කාලයක් තුල, මම පහතින් පෙන්වා ඇති ආකාරයේ ගැජට් එකක් සවි කරන ලද වාහනයක් ඔබ ප්‍රදේශයේ මාර්ග වල ගමන් කරනවා සමහරවිට ඔබ දකින්නට ඇති. එම වාහනයේ සවිකරනලද උපකරණයෙන් තමයි මේ සියලු රු ගත කිරීම් සිදුවුනේ.

දැන් මම කියල දෙන්නම් ඔබ කැමති මාර්ගයක් දිගේ ඇවිද යනහැටි..පහත ලින්ක් එකෙන් Google Satellite Map එකට පිවිසෙන්න.


 ඉන්පසු map එක Zoom කරමින්, ඔබ නිරීක්‍ෂණය කිරීමට බලාපොරොත්තුවන මාර්ගය සොයාගන්න. දැන් එම මාර්ගය මත Click කරන්න. එවිට ඔබ Click කරන ලද මාර්ගයේ, කුඩා Photo එකක් පහතින් දිස්වනු ඇත. දැන් එම Photo එක මත Click කර එම මාර්ගය ඔස්සේ ඔබට ගමන් කල හැක.