මෙය හදුන්වන්නේ Google Street View කියලා.මෙතෙක් කල් Google Satellite Map එක ඔස්සේ ඕනෑම ස්ථානයක් සොයාගැනීමටත්, ඕනෑම පාරක් සොයාගැනීමටත් අපට හැකියාව තිබුණා. දැන් ඔබට පුළුවන් කැමති ඕනෑම පාරක් දිගේ ඇවිද ගොස් නිරීක්ෂණය කරන්න. ඔබ මෙලෙස පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් යම් පාරක් දිගේ යනවිට ඒ හා අවට ඇති වෙනත් මාර්ග, නිවාස,ගොඩනැගිලි ආදී සියලු දේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. මීට වසරකට එහා කාලයක් තුල, මම පහතින් පෙන්වා ඇති ආකාරයේ ගැජට් එකක් සවි කරන ලද වාහනයක් ඔබ ප්‍රදේශයේ මාර්ග වල ගමන් කරනවා සමහරවිට ඔබ දකින්නට ඇති. එම වාහනයේ සවිකරනලද උපකරණයෙන් තමයි මේ සියලු රු ගත කිරීම් සිදුවුනේ.
දැන් මම කියල දෙන්නම් ඔබ කැමති මාර්ගයක් දිගේ ඇවිද යනහැටි..පහත ලින්ක් එකෙන් Google Satellite Map එකට පිවිසෙන්න.
ඉන්පසු map එක Zoom කරමින්, ඔබ නිරීක්‍ෂණය කිරීමට බලාපොරොත්තුවන මාර්ගය සොයාගන්න. දැන් එම මාර්ගය මත Click කරන්න. එවිට ඔබ Click කරන ලද මාර්ගයේ, කුඩා Photo එකක් පහතින් දිස්වනු ඇත. දැන් එම Photo එක මත Click කර එම මාර්ගය ඔස්සේ ඔබට ගමන් කල හැක.


No comments:
Post a Comment