අප එදිනෙදා භාවිතා කරනු ලබන,රූපවාහිනී,සෙටප්,DVD ප්ලේයර්,වායු සමීකරණ යන්ත්‍ර,ආදී මෙකී නොකී සෑම උපකරනයකටම දුරස්ථ පාලකයක් තිබෙනවා..ඉතින් මෙම රිමෝට් එක ටික කලක් භාවිතා කරනකොට එහි ක්‍රියාකාරිත්වය අඩපන වන එක සාමාන්‍ය දෙයක්..එම අවස්ථාවේදී අපට හරියටම නිශ්චය කරගන්න බැහැ, එය රිමෝට් එකේ වරදක්ද,එහෙමත් නැත්නම් උපකරණයේ වරදක්ද කියලා..මෙය හරියටම දැනගන්න නම් එම මාදිලියේම උපකරණයක් හෝ එම මදිලියේම රිමෝට් එකක් තිබිය යුතු වනවා.. ඉතින් එම නිසා අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඕනෑම රිමෝට් එකක් Test කරගන්න,රිමෝට් ටෙස්ටරයක් සාදාගත හැකි පරිපථයක්.
එම පරිපථයේ 78L05 කියල සදහන් කරලා තිබෙන්නේ මම මිට කලින් ඔබට ඉදිරිපත් කරන ලද 12v - 5v කරන පරිපථයේ ඇති ආකාරයේ 7805 කියන Regulator උපාංගයකි. ඒ වගේම 100n කියලා සදහන් කරලා තිබෙන්නේ,100nf (104) Capacitor දෙකක්. තවද R1 යනුවෙන් සදහන් වන්නේ 100 ohms රෙසිටරයක් වන අතර C3 ලෙස සදහන් වන්නේ 4.7uf (16v) Electrolytic Capacitor එකකි.පරිපථයේ සදහන් ආකාරයට එහි පට කර පෙන්වා ඇති පාදය - පාදය වේ.එය බැටරියේ - ස්ථානය හා සම්බන්ධ කරන්න.
මෙම පරිපථයේ ඇති තවත් උපාංග දෙකක් තමයි,BZ 1 ලෙස සදහන් උපාංගය සහ IC2 ලෙස සදහන් උපාංගය. BZ 1 ලෙස සදහන් වන්නේ, බසරයක්.එනම් බීප් ශබ්දයක් නිකුත් කරන උපාංගයක්.පහතින් තිබෙන්නේ බසරයක් රුපයක්.
ඒවගේම IC2 ලෙස සදහන් වන්නේ IR සෙන්සර් එකක්.එනම් රිමෝට් එකෙන් නිකුත් කරන අධෝරක්ත කිරණ ග්‍රහණය කරගන්නේ මෙම IR සෙන්සර් එක මගින් තමයි.එම IR සෙන්සර් එකක සාමාන්‍ය පෙනුම පහත රූපයේ පරිදි වනවා..
පරිපථය සාදා ගැනීමෙන් අනතුරුව එයට 9v විදුලියක් ලබාදෙන්න.ඒ සදහා ඔබට 9v බැටරියක් භාවිතා කරන්න පුළුවන්.ඉන් පසු ඔබට පරික්ෂ කරගැනීමට අවශ්‍ය රිමෝට් එක ගෙන,පරිපථයේ IR සෙන්සර් එක දෙසට එල්ල කර රිමොටේ එකේ Buttons ප්‍රෙස් කරන්න.රිමෝට් එක හොදින් ක්‍රියා කරයි නම් එවිට පරිපථයේ ඇති බසරයෙන් බීප් හඩක් නිකුත්වනු ඇත.
මෙම පරිපතයට අවශ්‍ය සියලුම උපාංග ලංකාවේ ප්‍රධාන නගර වල ඇති ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ලබාගත හැක



No comments:
Post a Comment