Thursday, January 27, 2022

15w Power Amplifier...

 

TDA 2030 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කරන ලද   Power Amplifier පරිපථයක් පහතින් පෙන්වා තිබෙනවා. මෙහි Out Put එක වොට් 15 ක් වන අතර වොට් 15 ට වැඩි ඕම්ස් 8 ස්පීකරයක් මේ සදහා භාවිතා කල හැක. මෙම පරිපථය සදහා සැපයිය හැකි අවම වෝල්ටීයතාවය 1A 12v වන අතර සැපයිය හැකි උපරිම වෝල්ටීයතාවය 24v වේ. TDA 2030 IC උපාංගය සදහා ඉතාමත් හොද Heat Sink එකක් යෙදීම අනිවාර්යෙන්ම කල යුතුවේ.












Monday, January 24, 2022

Led Night Lamp...

 

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ තවත් ඉතාමත් සරල Led Night Lamp පරිපථයකි. පරිපථයේ BR 1 ලෙස පෙන්වා ඇත්තේ, Bridge Rectifier එකක් වන අතර, ඒ වෙනුවට IN 4007 Rectifier 4 ක් වුවද යොදා ගත හැක. උපාංග ලැයිස්තුව පහතින් දක්වා ඇති අතර උපාංග ලයිස්තුවේ දක්වා ඇති වෝල්ටියතාවයන්ගෙන් එම උපාංග මිලට ගන්න. පරිපථය ඉතාම කුඩා බැවින් Plug Top එකක් තුල වුවද පරිපථය සාදා ගත හැක. 


Parts List

1)R1= 220 Ω
2)R2= 1MΩ
3)C1= 470nF,400V, Polyester capacitor
4)C2= 10uF, 16V-50V, Electrolytic capacitor
5)D1= LED (any colour)
6)BR1= Bridge rectifier made using the diode IN4007

Thursday, January 20, 2022

40w 4 Channel Car Audio Amplifier...

 

පරිපථය සදහා 12v වෝල්ටීයතාවයක් ලබා දෙන්න. IC උපාංගය සදහා Heat Sink එකක් දීම අනිවාර්යෙන්ම කලයුතුවේ.

Friday, January 7, 2022

ස්වයංක්‍රිය වීදි ලාම්පු පරිපථය...

 

අද මම ඔබට කරන්නේ ස්වයංක්‍රිය වීදි ලාම්පු පරිපථයක්. මෙය අදුර වැටීමත් සමගම ස්වයංක්‍රියව දැල්වෙන අතර නැවත එලිය වැටීමත් සමග ස්වයංක්‍රියව නිවී යයි. BC 107 සහ SL 100 යන ට්‍රාන්සිස්ටර් දෙක පාදක කරගෙන ඇති මෙම පරිපථයේ R1 යනුවෙන් සදහන්ව ඇත්තේ LDR උපාංගයකි. පරිපථය සදහා 9v විදුලියක් ලබාදිය යුතු අතර, රිලේ උපාංගයද 9v විය යුතුයි. පරිපථය සාදා විදුලිය සැපයීමෙන් අනතුරුව, අදුර වැටෙන අවස්ථාවේදී බල්බය දැල්වීම සදහා පරිපථයේ ඇති 100K Preset එක කරකවා බල්බය දැල්වෙන ලෙස සකසා ගන්න. 

Monday, January 3, 2022

20W ට්‍රාන්සිස්ටර් ඇම්ප්ලිෆයරයක් සාදමු.

 

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ට්‍රාන්සිස්ටර් 11 කින් යුත් 20W  ඇම්ප්ලිෆයරයක් සාදා ගන්නා ආකාරයයි. මෙය PNP ට්‍රාන්සිස්ටර් 8 කින් ද, NPN ට්‍රාන්සිස්ටර් 5 කින් ද .සමන්විත වනවා..Q1 සහ Q2 වශයෙන් සදහන් ට්‍රාන්සිස්ටර්  සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය  යුතු අතර ට්‍රාන්සිස්ටර් දෙක සදහා වෙනවෙනම Heat Sink යොදන්න. පරිපථය සදහා ඇම්පියර් 5 ක 12v සිට 20v දක්වා වෝල්ටීයතාවයක් සැපයිය හැකි අතර කිසිම අවස්ථාවක 20v වලට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබාදීමෙන් වලකින්න. ස්පීකරය සදහා 4 Ohms, 30w පමණ ස්පීකරයක් භාවිතා කල හැක. 

   විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න. 


R11.5KΩ ¼W
R2150Ω ¼W
R31KΩ ¼W
R40.22Ω 2W
R50.22Ω 2W
R639KΩ ¼W
R71KΩ ¼W
R8120Ω ¼W
R96.8KΩ ¼W
R106.8KΩ ¼W
R1147KΩ ¼W
R1247KΩ ¼W
R132.2KΩ ¼W
R14180KΩ ¼W
R1518KΩ ¼W
C122pF Ceramic
C24.7µF 16V
C3 1000µF 25V
C4100µF 25V
D11N4148
D21N4148
 Q1 2SD313
 Q2 2SB507
 Q3 2SA733
 Q4 2SB560
 Q5 2SD400
 Q6, Q7, Q8, Q9, Q10 2SA733
 Q11 2SD400