Saturday, October 30, 2021

One Transistor Audio Booster Circuit...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ඉතාමත් විරල Audio Booster පරිපථයක්. සාමාන්‍යයෙන් Power Amplifier එකකට Audio Signal එකක් ලබාදෙන විට එම ලබා දෙන Audio Signal එක දුර්වල නොවූ ඉතා හොද මට්ටමක Audio Signal එකක් වෙන්න ඕන. දුර්වල මට්ටමක   Audio Signal එකක් Power Amplifier එකකට ලබා දුන් විට ස්පිකර්ස් වලින් හොද Audio Quality එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් දුර්වල  Audio Signal එකක් Power Amplifier එකකට ලබාදිය හැකි මට්ටමට වර්ධනය කරගත හැකි පරිපථයක් තමයි මෙම Audio Booster පරිපථය. 


මෙහි IN ස්ථානය   Audio Signal එක ලබා දිය හැකි අතර Out ස්ථානය Power Amplifier එකක In Put ස්ථානයට ලබාදිය හැක. පරිපථයේ R5 100K ලෙස පෙන්වා ඇත්තේ Audio Signal Controller එකයි. 2N 3392 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර පරිපථය සදහා ලබාදිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි.

Thursday, October 28, 2021

7w Audio Amplifier..

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් Audio Amplifier පරිපථයක්. මෙම Audio Amplifier පරිපථයේ Out Put එක 7w වනවා. පරිපථය ඉතාම අඩු උපාංග ගණනකින් සමන්විත වීම මෙහි විශේෂත්වයක් වන අතර LM 383 IC උපාංගය පාදක කරගනිමින් මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. මෙම  Audio Amplifier පරිපථය Car Set සදහාත් CD Player සදහාත් ඉතාමත් යෝග්‍ය වන අතර පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 5 ත් වෝල්ට් 20 ත් අතර වුවද, වෝල්ට් 12 සැපයීම ඉතාමත් යෝග්‍ය වනවා. LM 383 IC උපාංගය සදහා Heat Sink යෙදීම අනිවාර්ය වන අතර පරිපථයේ R1 10K ලෙස පෙන්වා ඇත්තේ Volume Controller  එකයි. ඕම්ස් 8 වොට් 10 ක පමණ ස්පීකරයක් භාවිතා කරන්න.


Tuesday, October 26, 2021

50w 4 Channel Audio Amplifier...

 

TDA 1554 IC උපාංගය භාවිතා කරමින් නිර්මාණය කල  4 Channel Audio Amplifier එකක් අද ඔබට ඉදිරිපත් කරනවා. මෙහි In Put හතරක් තිබෙන අතර, Out Put එකට ස්පිකර් හතරක් සවි කල හැකියි. පරිපථය සදහා 15v වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර ස්පිකර් සදහා ඕම්ස් 8 වොට් 15 ස්පිකර් හතරක් භාවිතා කල හැක. IC උපාංගය සදහා හොද Heat Sink එකක් යෙදීම අත්‍යවශ්‍ය වේ. 

Monday, October 25, 2021

12v Led විදුලි පහන්...

 

පහතින් පෙන්වා ඇත්තේ 12v වලින්  දැල්විය හැකි Led විදුලි පහන් පරිපතයකි. DC සෝලා විදුලි පද්ධති සදහා මෙම මෙම විදුලි පහන් භාවිතා කල හැක. එනම් සෝලා පැනලයක්  මගින් චාජ් කර ගත්  ඕනෑම 12v බැටරියකින් මෙම විදුලි පහන් දැල්විය හැක. පරිපථයේ ඇති Led බල්බ 15 සදහා ඉතා දීප්තිමත් සුදු පැහැති Led බල්බ 15 ක් භාවිතා කරන්න. බල්බ එකිනෙකට පෑස්සීමේදී බල්බ වල + සහ (-) නිවැරදිව පෑස්සීමට වග බලා ගන්න.

Friday, October 22, 2021

Mic Audio Mixer Circuit...

 

පහතින් පෙන්වා තිබෙන්නේ LM 741 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති  Mic Audio Mixer පරිපථයකි. මෙම පරිපථයට Mic 3 ක් සවි කල හැකි අතර පරිපථයේ J1, J2, J3 ලෙස පෙන්වා ඇත්තේ Mic In Put Channel තුනයි. R4, R5, R6 ලෙස පරිපථයේ පෙන්වා ඇත්තේ, MIc තුනට අදාල Mic Volume Controller තුන වන අතර, R9 සහ R11 ලෙස පෙන්වා ඇත්තේ, Bass සහ Treble Controller දෙක වේ. මෙහි Audio Out ස්ථානය Power Amplifier එකක In Put ස්ථානයට සවි කරන්න. පරිපථයේ U1 සහ U2 ලෙස දක්වා ඇත්තේ එකම  LM 741 IC උපාංගය කොටස් දෙකක් වශයෙනි. පරිපථය සදහා 9v බැටරියකින් විදුලිය සපයන්න. 


Parts List.

R1, R2, R3 = 1K 
R4, R5, R6 = 10K Volume Control
R7 = 1M 
R8, R10 = 10K 
R9, R11 = 100K Bass & Treble Control
C1, C2, C5, C6 = 100nF 
C3, C4 = 22nF 
U1, U2 = LM 741 IC


Thursday, October 21, 2021

Solar Powered LED Lamp Circuit...

 

අද මම කියලා කියා දෙන්නේ අලුතින් පරිපත අත්හදා බලන කට්ටියට ඉතා වැදගත් පරිපථයක්..මෙම පරිපථය මගින් හිරු එලිය මගින් ආරෝපණය වන බැටරියක් ආධාරයෙන් ස්වයංක්‍රීයව බල්බයක් දල්වන්න පුළුවන්..දවල්ට හිරු එලිය ඇති නිසා බැටරිය ඉබේම ආරෝපණය වෙනවා..රෑට හිරුඑළිය නැති නිසා රිලේ එක අක්‍රිය වීම නිසා බැටරියේ ඇති ධහරාවෙන් බල්බය දැල්වෙනවා..නැවත ආලෝකය ලැබෙන විට බල්බය නිවී බැටරිය ආරෝපණය පටන් ගන්නවා..කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක අනවශ්‍ය පාත් ඉවත් කරගෙන පරිපථය හදා ගන්න..solar panel එකට 12V 500mA පමණ එකක් යොදන්න.බල්බය සදහා 1 Watt Power LED එකක් යොදන්න.බැටරිය සදහා 6 volt 4.5 Ah rechargeable battery එකක් යොදන්න. .මිදුලේ ආදාරක කණුවක් සිටුවා එහි පැනල එක හා බැටරිය සවිකර බල්බය සවිකලානම් අලංකාර ගෙවතු ආලෝක කරන බල්බයක් ඔබටම තනා ගන්න පුළුවන් වේවි..

Wednesday, October 20, 2021

50 w Stereo Amplifier...

 

පහතින් පෙන්වා ඇත්තේ, TDA 1554 IC උපාංගය  යොදාගෙන නිර්මාණය කරන ලද ඇම්ප්ලිෆයර් පරිපථයකි. මෙහි Out Put එක වොට් 50 වනවා. මෙම පරිපථය ඉතා අඩු උපාංග ගණනකින් සමන්විත වීම විශේෂත්වයක් වන අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. ස්පිකර් දෙක සදහා 30w ස්පිකර දෙකක් භාවිතා කල හැකි අතර, TDA 1554 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදීමට අමතක නොකළ යුතුයි. මෙම ඇම්ප්ලිෆයරයට, අප වෙබ් අඩවියේ මීට පෙර පල කරන ලද Tone Control පරිපථයක් සවිකර ගැනීමෙන් ඉතා උසස් තත්වයේ ඇම්ප්ලිෆයරයක් නිර්මාණය කර ගත හැක. Tone Control පරිපථයේ Out Put එක මෙම ඇම්ප්ලිෆයරයේ In Put ස්ථානයට සවි කරන්න.






















Tuesday, October 19, 2021

Variable Power Supply...

  

ඔබට තවත් ප්‍රයෝජනවත්  Variable Power Supply පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථයෙන් ලබාගත හැකි උපරිම වෝල්ටීයතාවය 24v වන අතර මෙම පරිපථයෙන් ධාරාව පාලනය කල හැකි වීමද විශේෂත්වයක් වනවා. මෙම පරිපථයේ ට්‍රාන්ස්ෆෝමරය සදහා 24v ඇම්පියර් 1ක ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැක. ට්‍රාන්සිස්ටර් තුනකින් සමන්විත මෙම පරිපථයේ 2N 3055 ට්‍රාන්සිස්ටරයට සහ SL 100 ට්‍රාන්සිස්ටරයට Heat Sink යෙදීම අනිවාර්යවේ. 















PARTS LIST
R11kΩ  0.5W
R2820Ω  0.5W
R30.6Ω  1W
VR1470Ω  LIN
VR210K LIN
VR310Ω 1W
C12200µF 50V
C2200µF 50V
D15A Diode Bridge
D22A Diode
D324V 500mw zener
T12N 3055
T2SL 100
T3BC 148B
X1SEC 24V, 1AMP

Saturday, October 16, 2021

ස්පිකර් සදහා ආරක්ෂකයෙක් ( Power Amplifier Speaker Protection Circuit )

 

අද මම ඔබට ඉදිරිපත්කරන්නේ තවත් ඉතා වැදගත් පරිපථයක්. සාමාන්‍යයෙන් Power Amp එකක් On කරනවිට එයට සවිකර ඇති ස්පිකර් දෙකෙන් එක වරම ශබ්දයක් එනවා. Power Amp එකක් ක්‍රියාකරන්න වැඩි වෝල්ටීයතාවයක් මෙන්ම වැඩි ධරාවකුත් (Amperage) අවශ්‍ය වනවා. එනම් Power Amp වල Power Supply එකේ තිබෙන්නේ වැඩි Volt ගණනක් සහිත වැඩි ඇම්පියර් ගණනක ට්‍රාන්ස්ෆෝමරයක් තමයි.  අපි Power Amp එකක් On කරන විට මෙම අධිබල විදුලි ධාරාව එකවරම ස්පිකර් වලට ගමන් කරන නිසා තමයි, ස්පිකර් වලින් ලොකු ශබ්දයක් එන්නේ. මෙය ස්පිකර් වලට ඉතාම හානිකර තත්වයක්. මෙය නිසා ඇතැම්විට ස්පිකර් පිච්චීමට පවා ඉඩ තිබෙනවා. සමහර අය  මෙම තත්වය වලක්වා ගැනීමට ,Power Amp එකේ Volume එක අඩු කර Power Amp එක On කරන අවස්ථා ඔබ දැකල ඇති. එහෙත් එය සැමවිටම ප්‍රයෝගික නැහැ. මෙම ස්පිකර් ආරක්ෂක පරිපථය පහතින් ඉදිරිපත් කර ඇත. 


 අවශ්‍ය උපාංග.

R1 - 5K Ohms Preset.
C1 - 1000uf (25v) Condenser
C2 - 0.1uf (104) Capacitor
D1 - IN 4001 Diode
Q1 - BC 107 Transistor
RL1 - 9v Relay
LS1 - Speaker

රිලේ උපාංගයක් සහිත මෙම පරිපථය මගින් Amp එක On කරන අවස්ථාවේදී ස්පිකර් සම්බන්ධතාවය විසන්ධි කර තබන අතර, සුළු කාල  පමාවකින් ස්පිකර් සම්බන්ධතාවය ලබාදෙනවා. ඉතින් එම නිසා ස්පිකර්වල ආරක්ෂාවට මෙය ඉතා වැදහත් පරිපථයක්. Pioneer , Technics, Akai  වැනි ඉතා උසස් තත්වයේ Power Amp වල මෙම පරිපථය අන්තර්ගත වනවා. ඔබටත් පුළුවන් ඔබගේ Amp එක තුලම මෙවැනි  පරිපථය දෙකක්  සවිකරන්න.

12v වලින් ක්‍රියාකරන මෙම පරිපථය සදහා Amp එකේ Power Supply එක තුලින්ම විදුලිය සපයන්න. පරිපථයේ සදහන් To Speaker Out Put යන ස්ථානය, ඔබගේ Amp එකේ Speaker සවිකරන ස්ථානයට සවිකරන්න.
9v Relay


5k Preset

Thursday, October 14, 2021

Super Bright Led Lamp...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ඉතා දීප්තිමත් ආලෝකයක් ලබාගත හැකි Led විදුලි පහන් පරිපථයක්. මෙය සදහා සූදූ පැහැති  සාමාන්‍ය Led 24 ක් යොදාගෙන තිබෙනවා. පරිපථය සදහා 400v ඇම්පියර් 1 ක Bridge Rectifier එකක් භාවිතා කර ඇති අතර, Bridge Rectifier එකක් භාවිතා නොකරන්නේ නම්, IN 4007 ඇම්පියර් 1 Rectifier 4 ක් පරිපථයේ ආකාරයට පාස්සගෙන වුවද භාවිතා කල හැක. පරිපථයේ ඇති අනෙකුත් සියලු උපාංග ඔබට ඉතා හුරු පුරුදු ඒවා වේ. 

  පරිපථය විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.

Tuesday, October 12, 2021

ඉලෙක්ට්‍රොනික් ටියුබ් ලයිට් එකක් හදමු...

 

1.C3සහ  C2 සදහා  25V ceramic capacitors යොදන්න

2.C2 සදහා ඉලෙක්ට්‍රොලයිටික් වර්ගය යොදන්න

3.T1, සදහා  ,230V to 10V Step Down Transformer එකක් යොදන්න.මෙහි  10V Winding පැත්ත  MOSFET එකට හා  240V Winding පැත්ත  
Florescent Lamp එකට සවිකරන්න..
                       
4.මේ සදහා  12V lead acid battery යක් යොදා ගන්න පුළුවන.

5..MOSFET එකට හීට් සින්ක් යොදන්න.

6.Florescent Lamp සදහා  4W එකක් යොදන්න.

Monday, October 11, 2021

6w Audio Amplifier Circuit...

 

අද මම ඔබට අරගෙන ආවේ තවත් 6w Audio Amplifier පරිපථයක්. ඉතාම අඩු උපාංග ගණනකින් මෙම පරිපථය ගොඩනගා  ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා. TDA 2613 IC උපාංගය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා 15v සිට 24v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, කිසිම විටෙක 24v වලට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබාදීම සිදු නොකළ යුතුයි. ස්පීකරය සදහා 10w ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න. පරිගණක සදහා Sound System එකක් සාදා ගැනීමට මෙම Audio Amplifier පරිපථය වඩාත් යෝග්‍ය වේ.

Friday, October 8, 2021

12v Transformerless Power Supply...


ට්‍රාන්ස්ෆෝමරය රහිත තවත් 12v විදුලි සැපයුම් පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. පරිපථයේ පෙන්වා ඇති Bridge Rectifier එක වෙනුවට IN 4007 රෙච්ටිෆිඑර් 4 ක් වුවද භාවිතා කල හැක. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් අත්හදා බැලීමේදී ඉතාමත් සුපරික්ෂාකාරී වන්න.

Thursday, October 7, 2021

Cross Over Circuit...

 

පහතින් දැක්වෙන්නේ, Two Way Cross  Over පරිපථයක් වන අතර, Woofer එකක් සහ Tweeter එකක් මේ සදහා භාවිතා කල හැක. Tweeter එක සදහා අගල් 2 හෝ 3 ප්‍රමාණයේ, ඕම්ස් 4 හෝ 8 එකක් භාවිතා කල හැක. පරිපථයේ පෙන්වා ඇති 100 ඕම්ස් Preset මගින්, Woofer එක සාපේකෂව Tweeter එකේ Out Put Level එක සකසා තැබිය හැක. 

Tuesday, October 5, 2021

Table Lamp එකටත් Led විදුලි පහනක්...

 

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ Table Lamp එකට ඔබින Led විදුලි පහනක් සාදාගන්නා ආකාරය....ඉතින් මෙම Led විදුලි පහනේ හව්සින් එක විදියට පිලිස්සී ගිය CFL විදුලි පහනක හව්සින් එක භාවිතා කරන්න පුළුවන්... CFL විදුලි පහනේ ඇති විදුරු කොටස් ඉතා පරිස්සමින් ගැලව ඉවත් කරන්න. ඇත්තටම මෙම විදුලි පහන ආර්ථික අතින් ඉතාම වාසිදායකයි..කොටින්ම කිව්වොත් විදුලි මීටරයට දැනේනේවත් නැහැ.පහතින් මම ඉදිරිපත් කරලා තියෙන්නේ එහි පරිපතයයි...එහි සදහන් වන්නේ Led බල්බ 5 වුවත්,  Led බල්බ 6 වුවත් යෙදිය හැක..