අපගේ මෙම වෙබ් අඩවිය ආරම්භ කල අවධියේ, Motion Sensor Lamp පරිපථයක් මම ඔබට ඉදිරිපත් කළා. ඉතින් අද මම ඔබට අරගෙන ආවේ Motion Sensor Alarm පරිපථයක්. එනම් මෙම පරිපථයේ ඇති PIR Sensor එක ඉදිරියට ඕනෑම කෙනෙකු පැමිණ විට මෙම පරිපථයේ ඇති බසරය නාද වනවා. PIR Sensor එකේ පින් හදුනාගන්නා ආකාරයත් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථය සදහා BC 337 ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර ඇති අතර, පරිපථයේ 12v Siren ලෙස පෙන්වා ඇත්තේ, 12v බසරයකි. තවද පරිපථයේ RY 1 ලෙස පෙන්වා ඇත්තේ 9v Relay උපාංගයකි. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.




No comments:
Post a Comment