Thursday, September 30, 2021

230v Automatic Night Lamp එකක් සාදමු...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රියව දැල්වෙන, 230v වලින් ක්‍රියාත්මක කළ හැකි Night Lamp පරිපථයකි. පරිපථයේ Q1 සහ Q2 යනුවෙන් සදහන්ව ඇත්තේ BC 327 PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් සහ BC 337 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයකි. තවද පරිපථයේ R1 ලෙස සදහන්ව ඇත්තේ, Photo රෙසිස්ටරයක් වනාතර එය LDR වශයෙන්ද හදුන්වනු ලබයි. පරිපථයේ D1 යනුවෙන් සදහන්ව ඇත්තේ, TIC106D 400V 5A SCR උපාංගයකි. පරිපථය නිසි ලෙස සාදාගැනීමෙන් අනතුරුව, පරිපථයේ SK1 ලෙස සදහන්ව ඇති ස්ථානයට 230v වලින් ක්‍රියාකරන බල්බයක් සවි කල හැකි අතර, පරිපතයට 230v සපයා තැබූ විට අදුර වැටීමත් සමග බල්බය දැල්වෙන අතර එලිය වැටීමත් සමග බල්බය ස්වයන්ක්‍රියව නිවී යනු ඇත.

 අවශ්‍ය උපාංග...

R1 = Photo resistor (any type)
R2 = 100K 1W Resistor
R3 = 200K 1/2W Trimmer Cermet
R4,R7 = 470R 1/4W Resistors
R5 = 12K 1/4W Resistor
R6 = 1K 1/4W Resistor
C1 = 10nF 63V Polyester Capacitor
D1 = TIC106D 400V 5A SCR
D2-D5 = 1N4007 1000V 1A Diodes
Q1 = BC327 45V 800mA PNP Transistor
Q2 = BC337 45V 800mA NPN Transistor
SK1 = Female Mains socket
PL1 = Male Mains plug & cable

Tuesday, September 28, 2021

Low Cost Emergency Lamp...

 

විදුලි බලය ඇනහිටි අවස්ථාවලදී ස්වයන්ක්‍රීයව දැල්වෙන තවත්  Emergency Lamp පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. මෙය ඉතාමත් අඩු වියදමකින් සාදාගැනීමට හැකිවීම විශේෂත්වයක් වන අතර, ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඅම්පියර් 500 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න පුලුවන්. පරිපථයේ පෙන්වා ඇති Bridge Rectifier එක සදහා IN 4007 Rectifier 4 ක් වුවද පරිපථයේ ආකාරයට පාස්සාගෙන භාවිතා කල හැකියි. පරිපථයේ U1 ලෙස පෙන්වා ඇත්තේ LM 7808 Regulator IC උපාංගයක් වන අතර රිලේ උපාංගය සදහා 6v රිලේ උපාංගයක් භාවිතා කල යුතුයි. Led බල්බ 4 සදහා සුදු පැහැති Led බල්බ යොදා ගත යුතු අතර, මේ සදහා 6v ඇම්පියර් 4.5 Rechargable බැටරියක් භාවිතා කල හැක. 

Wednesday, September 22, 2021

32w Subwoofer Amplifier...

 

පහතින් ඔබට  ඉදිරිපත් කරලා තිබෙන්නේ, Subwoofer සදහා භාවිතා කල හැකි ඉතාමත් උසස් තත්වයේ 32w  Subwoofer Amplifier එකක්. මෙහි ප්‍රධානතම උපාංගය වන්නේ,TDA 1524A IC උපාංගයයි. පරිපථය සදහා ඇම්පියර් 3 ක පමණ 12v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු වනවා. 



Tuesday, September 21, 2021

High Quality Mic Preamp...

 

අප වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ලද Power Amplifier පරිපථ සාදා අත්හදා බැලුවා කියලා බොහෝ දෙනෙක් මට දුරකතනයෙන් කතා කරලා කිව්වා. ඉතින් අද මම ඔබට  ආවේ මෙම  Power Amplifier පරිපථ සදහා භාවිතා කල හැකි ඉතා උසස් තත්වයේ Mic Preamplifier පරිපථයක්. Power Amplifier එකකට Audio සිග්නල් එකක් කෙලින්ම ලබාදිය හැකි වුනත්, Mic එකක් කෙලින්ම  කලාට අපට සාර්ථක ප්‍රතිපලයක් ලබාගන්න බැහැ. එයට හේතුව තමයි Mic එකෙන් ලැබෙන සිග්නල් එක ප්‍රමාණවත් පරිදි වර්ධනය නොවී තිබීම. එම නිසා තමයි Mic Preamp එකක් හරහා එම සිග්නල් එක ප්‍රමාණවත් පරිදි වර්ධනය කර  Power Amplifier එකට ලබාදීම සිදුවන්නේ.
Parts List:
R1, R3, R4 = 10K
R2 = 1K
R5 = 100K-1M Preset
C1 = 0.1uF
C2 = 4.7uF/16V
IC1 = LM358
Mic = Microphone


මෙම Mic Preamp පරිපථය LM 358 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර මෙම පරිපථය සදහා ලබාදිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. ඒ සදහා 9v බැටරියක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. පරිපථයේ R5 ලෙසින් පෙන්වා ඇති Preset එක මගින්, Power Amplifier එකට ලබාදෙන වර්ධනය වූ සිග්නල් එකේ ප්‍රබලතාවය පාලනය කල හැක.

Monday, September 20, 2021

කැපෑසිටර් වල කෝඩ් එක බලාගන්න පහසුම ක්‍රමය.( Capacitor Code Calculator )

  

අප සාදන සෑම ඉලෙක්ට්‍රොනික් පරිපතයකම පාහේ fixed Capacitor බහුල වශයෙන් තිබෙනවා.ඉතින් ඔබ දැනටමත් දන්නවා ඇති මේවායේ අගය සදහන් වෙලා තිබෙන්නේ එක්තරා කේතයක්(Code) එකක් ලෙසින් බව. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඕනෑම fixed Capacitor එකක අගය දන්නා විට Code එක සොයා ගන්නත්,Code එක දන්නා විට අගය සොයා ගන්නත් හැකි Online Capacitor Code Calculator එකක්. ඇත්තටම මෙය ඉතාම පහසුයි.
ඔබට අවශ්‍ය වන්නේ යම් Capacitor එකක Code එක සෙවීමට නම් ඔබ කල යුත්තේ එම Capacitor එකේ අගය ටයිප් කිරීම පමණි. එවිට ඉදිරියෙන් රතු පාටින් Code එක දිස්වනු ඇත.

ඔබට අවශ්‍ය වන්නේ යම් Capacitor එකක අගය සෙවීමට නම් ඔබ කල යුත්තේ එම Capacitor එකේ Code එක ටයිප් කිරීම පමණි. එවිට ඉදිරියෙන් රතු පාටින් අගය  දිස්වනු ඇත.
මෙම Link එකෙන් Online Capacitor Code Calculator එකට පිවිසෙන්න.

Saturday, September 18, 2021

12v Tube Light Driver...

 

අද මම ඔබට අරගෙන ආවේ,12v Florescent Tube Driver පරිපථයක්. TLC 555 IC උපාංගය සහ IRF 510, Field Effect ට්‍රාන්සිස්ටරයක් යොදා ගනිමින් මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. පරිපථයේ දැක්වෙන T1 ට්‍රාන්ස්ෆෝමරය සදහා, මිලිඇම්පියර් 500 පමණ 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැකි අතර, එහි 12v පැත්ත IRF 510, Field Effect ට්‍රාන්සිස්ටරය පැත්තටත්, 230v පැත්ත Florescent Tube එක පැත්තටත් සවිකළ යුතුයි. Florescent Tube එක සදහා 4w Florescent Tube එකක් භාවිතා කරන්න. IRF 510, Field Effect ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් යෙදීම අනිවාර්යෙන්ම කල යුතු අතර, පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 12v විදුලි බලයක් ලබාදිය යුතු වනවා. තවද TLC 555 ලෙස හදුන්වන්නේ, ඔබට ඉතා හුරුපුරුදු  NE 555 IC උපාංගයම බව මතක තබා ගන්න. 














Friday, September 17, 2021

Single Flashing Led...

 

පහතින් දැක්වෙන්නේ,ට්‍රාන්සිස්ටර් දෙකකින් යුතු තනි Led එකකින් සමන්විත Flasher පරිපථයකි. මෙම පරිපථය සදහා 9v ලබාදිය යුතු අතර, ඒ සදහා ඔබට 9v බැටරියක් භාවිතා කල හැක. මෙම පරිපථයේ Led බල්බය ඇති ස්ථානයට Relay උපාංගයක් සවි කර ඒ හරහා 230v වලින් ක්‍රියාකරන බල්බයක් වුවද දැල්විය හැකි අතර මෙම පරිපථය Warning Lamp එකක් සදහා භාවිතා කල හැක.

Thursday, September 16, 2021

6v සෝලා බැටරි චාජර්...

 

පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ 6v සෝලා බැටරි චාජර් පරිපථයකි. මෙම පරිපථය Regulator IC උපාංගයකින් සහ  ට්‍රාන්සිස්ටර් දෙකකින් සමන්විත වන අතර මෙම පරිපථය සදහා භාවිතා කල යුතු සෝලා පැනලය 12v වේ. මෙම පරිපථය මගින් 6v බැටරියක් චාජ් කල හැක. Regulator IC උපාංගයේ සහ ට්‍රාන්සිස්ටර් දෙකේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත. 


Parts List.

Solar - 12V solar cells array
C1 - 470uF electrolytic capacitor rated 25V
D1, D2 - 1N5400 or any rectifier diode rated 2A minimum
Dz - 1N5235B or any 6.8V zener diode
R1 - 3 kilo ohms 1/4Watt
R2 - 330 ohms 1/4Watt
R3 - 560 ohms 1/4Watt
R4 - 2 kilo ohms 1/4Watt
LED -3mm or 5mm Red or any low power LED
Q1 - 2N2222, CS9013, or similar NPN transistor
Bat - 6V lead acid battery


Wednesday, September 15, 2021

40w ට්‍රාන්සිස්ටර් ඉන්වර්ටරයක් සාදමු...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, 12v DC විදුලිය සපයා, 230v AC විදුලිය ලබාගත හැකි ඉන්වර්ටර් පරිපථයක්. මෙම පරිපථය CD 4047 IC උපාංගයකින්  සහ ට්‍රාන්සිස්ටර් හතරකින් සමන්විත වන අතර, TIP 3055 ලෙස සදහන් ට්‍රාන්සිස්ටර් දෙක සදහා, වෙන වෙනම Heat Sink යෙදීම අනිවාර්ය වනවා. කිසිම විටක  එකම Heat Sink එකේ ට්‍රාන්සිස්ටර් දෙකම සවි නොකළ යුතු බව මතක තබා ගන්න. 

මෙම ට්‍රාන්සිස්ටර් දෙක සදහා වෙන වෙනම Heat Sink යෙදිය යුත්තේ,මෙම TIP 3055 ට්‍රාන්සිස්ටරයේ Collector එක ලෙස ක්‍රියා කරන්නේ එම ට්‍රාන්සිස්ටරයේ බද හෙවත් Body එක වන අතර, ට්‍රාන්සිස්ටර් දෙකම  එකම Heat Sink එකක සවි කල හොත් පරිපථය Short  වී දැවී යන බැවිනි. ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 2 ත් 4 ත් අතර සාමාන්‍ය 12v ට්‍රාන්ස්ෆොර්මරයක් භාවිතා කල හැක. තවද, ඇම්පියර් දෙකකට වැඩි ඕනෑම 12v බැටරියකින් පරිපතයට විදුලිය සපයන්න. එවිට ට්‍රාන්ෆෝමරයෙන් 220v AC විදුලිය ලබාගත හැක.
   


Monday, September 13, 2021

Simple Led Emergency Lamp...

 

Led බල්බ 24 කින් යුතු  Emergency Lamp පරිපථයක් පති ඉදිරිපත්කර ඇති අතර, ඉතාමත් අඩු උපාංග ගණනකින් යුතු සරල පරිපථයක් වීම මෙහි විශේෂත්වයක් වනවා. ට්‍රාන්ස්ෆෝමරය සදහා 9v ,500ma  ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැකි අතර, Led බල්බ 24 සදහා ඉතාමත් වැඩි දීප්තියෙන් යුතු Led බල්බ භාවිතා කරන්න. බැටරිය සදහා 6v Rechargeable බැටරියක් භාවිතා කල යුතුවේ.  


















Parts List

R1 = 10K,
R2 = 470 ohms
C1 = 100uF/25V,
D1, D2 = 1N4007,
D3---D5 = 1N5408,
T1 = BD140
Tr1 = 0-9V, 500mA Transformer
LEDs = 24 white, hi-efficiency, 5mm,
S1 = switch 

Sunday, September 12, 2021

Motion Sensor Alarm...

 

අපගේ මෙම වෙබ් අඩවිය ආරම්භ කල අවධියේ,  Motion Sensor Lamp පරිපථයක් මම ඔබට ඉදිරිපත් කළා. ඉතින් අද මම ඔබට අරගෙන ආවේ Motion Sensor Alarm පරිපථයක්. එනම් මෙම පරිපථයේ ඇති PIR Sensor එක ඉදිරියට ඕනෑම කෙනෙකු පැමිණ විට මෙම පරිපථයේ ඇති බසරය  නාද වනවා. PIR Sensor එකේ පින් හදුනාගන්නා ආකාරයත් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථය සදහා BC 337 ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර ඇති අතර, පරිපථයේ 12v Siren ලෙස පෙන්වා ඇත්තේ, 12v බසරයකි. තවද පරිපථයේ RY 1 ලෙස පෙන්වා ඇත්තේ 9v Relay උපාංගයකි. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ. 



















Saturday, September 11, 2021

DC Power Delay Circuit...

 

මම අද ඔබට අරගෙන ආවේ, DC Power Delay Circuit එකක්. එනම් මෙම පරිපතයට DC විදුලි සැපයුමක් ලබාදුන් විට යම්කිසි සුළු කාල පමාවකින් එම DC විදුලි සැපයුම එම පරිපතයෙන් පිටවේ. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංගය වන්නේ, TIC 106D  නම් වූ  SCR උපාංගයයි. පරිපථයේ Supply In ලෙස සදහන් ස්ථානයට ඔබ පරිපතයට ලබාදෙන විදුලි සැපයුමේ + වයරයත්, පරිපථයේ GND ලෙස සදහන් ස්ථානයට ඔබ පරිපතයට ලබාදෙන විදුලි සැපයුමේ - වයරයත් සවි කරන්න. කාල පමාවකින් පසු පිටවන විදුලිය, එනම් පරිපතයෙන් පිටවන + විදුලිය, පරිපථයේ Delayed Out ලෙස සදහන් ස්ථානයෙනුත්, පරිපතයෙන් පිටවන - විදුලිය, GND ස්ථානයනුත් ලබාගත හැක. පරිපථයේ ඇති D3 ලෙස සදහන්ව ඇති සෙනර් ඩයෝඩය    සදහා, පරිපථයට  සපයන වොල්ටීයතාවයෙන් බාගයක ප්‍රමාණයේ  සෙනර් ඩයෝඩයක් යොදන්න. උදාහරණයක් ලෙස, ඔබ පරිපතයට සපයන්නේ වෝල්ට් 12 ක් නම්, 6v සෙනර් ඩයෝඩයක් යොදන්න.
 TIC 106D - SCR

Friday, September 10, 2021

Portable Audio Amplifier...

 

ඉතාමත් සරල සහ අවම උපාංග ගණනකින් යුතු Portable Mono Audio Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. LM 386 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා වෝල්ට් 4 සිට වෝල්ට් 12 දක්වා වූ ඕනෑම වොල්ටියත්වයක් ලබාදිය හැක. පරිපථයේ VR 1 ලෙස පෙන්වා ඇත්තේ 10K Volume Control එකකි. ස්පීකරය සදහා 8 ඕම්ස් කුඩා ස්පීකරයක් භාවිතා කරන්න. 



Thursday, September 9, 2021

Led ආලෝක රටා පරිපථයක්...

 

නත්තල් උත්සවයේ සහ වෙනත් ඕනෑම උත්සව අවස්ථාවක, විදුලි ආලෝක සැරසිලි සදහා යොදා ගත හැකි Led ආලෝක රටා පරිපථයක් පහත ඉදිරිපත්කර තිබෙනවා. CD 4017 Counter IC උපාංගයක් සහ NE 555 Timer IC උපාංගයක් යොදා ගනිමින් මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර, පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 වනවා. මෙම පරිපථය සදහා Led 10 යොදාගෙන ඇති අතර, පරිපථයේ RV1 ලෙස පෙන්වා ඇති 10K  Preset එක මගින් බල්බ දැල්වීමේ වේගය සකසා ගත හැක. 


Wednesday, September 8, 2021

Solar Battery Charger...

 

පහතින් ඉදරිපත් කර තිබෙන්නේ Solar බැටරි චාජර් පරිපථයකි . මෙම පරිපථය සදහා 12v සෝලා පැනල් එකක් සවිකර ඇති අතර එමගින්, ඇම්පියර් 4.5 ක 6v රිචාජබල් බැටරියක් ආරෝපණය කරගත හැක. LM 317 සහ BC 548 උපාංග පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇත. බැටරිය නියමිත ප්‍රමාණයට ආරෝපණය වූ පසු පරිපථය හරහා බැටරියට සැපයෙන විදුලිය ස්වයංක්‍රියවනවතා  දමනු ඇත.