Thursday, July 1, 2021

Delayed On Led...


පහතින් දැක්වෙන්නේ යම්කිසි කාල පමාවකින් දැල්විය හැකි Led පරිපථයකි. එනම් මෙම පරිපථයට විදුලිය සපයා කෙටි වෙලාවක් ගතවූ පසුව තමයි මෙම පරිපථයේ ඇති Led එක දැල්වෙන්නේ. පරිපථයේ ඇති R3 10K Preset එක මගින් මෙම පමාවන කාලය ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැක. BC 107 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර, පරිපථය සදහා වෝල්ට් 6 ත් 18 ත් අතර වෝල්ටීයතාවයක් ලබා දිය හැකි අතර වෝල්ට් 10 ක් පමණ ලබාදීම ඉතාමත් යෝග්‍යවේ.

ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව, මෙම පරිපථයේ Led එක ඉවත්කර එම ස්ථානය රිලේ උපාංගයක් සවි කර 230v වලින් ක්‍රියා කරන විදුලි උපකරණයක් වුවද පමාවී ON වීමට සැලැස්විය හැක.  

No comments:

Post a Comment