ඉතින් අද මම ඔබට අරගෙන ආවේ Smart Led Emergency Lamp පරිපථයක්. මෙම Emergency Lamp පරිපථයේ විශේෂත්වය වන්නේ LDR උපාංගයක්ද මෙම පරිපථයට එක්කර තිබීමයි. පරිපථය සාදා නිවසේ ප්‍රධාන විදුලියට සම්බන්ධ කර තැබූ විට, රාත්‍රී කාලයේදී නිවසේ විදුලිය බිදවැටීමක් සිදුවුවහොත් Emergency Lamp එක ස්වංක්‍රීයව දැල්වේ. නමුත් දිවා කාලයේදී විදුලිය බිදවැටීමක් ඇතිවුවහොත් Emergency Lamp එක නොදැල් වේ. එයට හේතුව මෙම පරිපථයේ ඇති LDR උපාංගයයි. LDR උපාංගය මගින් අදුර ඇති අවස්ථාවේ පමණක් පරිපථය ක්‍රියාත්මක කරනු ලබයි.
පරිපථයේ ප්‍රධාන උපාංගයන් ලෙස BC 547 ට්‍රාන්සිස්ටර් දෙක සහ NE 555 IC උපාංගය හැදින්විය හැකි අතර බැටරිය සදහා 6v ඇම්පියර් 4.5 Led අචිඩ් බැටරියක් හෝ Rechargeable බැටරියක් භාවිතා කල හැක. තවද පරිපථයේ පෙන්වා ඇති X1 ට්‍රාන්ස්ෆෝමරය සදහා 9v මිලිඇම්පියර් 250 ක ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගත හැක.


No comments:
Post a Comment