Monday, March 15, 2021

LED ටියුබ් ලයිට් හදන්න ලේසිම ක්‍රමය...



දැනටමත් ඔයාලා LED ටියුබ් ලයිට් හදලා ඇති.ඉතින් ඔයාලට ඇති වෙච්ච ගැටලුවක්

තමයි හදපු බල්බ් එක සවිකරන්න ටියුබ් ලයිට් කේසින් එකක් නැති කම.කඩෙන් අලුත් එකෙසින් එකක් ගන්න පුළුවන්.ඒත් ඒකට තව ගානක් වියදම් කරන්න වෙනවා..එතකොට ලැබෙන ලාභය අඩුවෙනවා..තවත් දෙයක් ඔයාලා හදන ටියුබ් ලයිට් එක කෙලින්ම ගදර ගෙනිහින් ගෙදර තියෙන ටියුබ් ලයිට් එකට සවිකරන්න බැහැ.ඒකේ චෝක් එක එහෙම ගලවලා ස්ටාටරයත් ගලවලා LED ටියුබ් ලයිට් එකට ගැලපෙන්න එය හදාගන්න හුග දෙනෙකුට බැහැ.ඉතින් මම ඒ ගැටලුවෙනුත් අද ඔයාලව නිදහස් කරනවා..මා විසින්ම නව නිර්මාණයක් ලෙස අඩු වියදම් LED ටියුබ් ලයිට් සඳහා ගැලපෙන කේසින් එකක්   හැදුවා.වියදම ගොඩක් අඩුයි.බරත් අඩුයි.ඉක්මනින් ගෙදරදීම හදා ගන්නත් පුළුවන්.වියදම රු.150ක් විතර තමයි යන්නේ.මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.

අවශ්‍ය උපාංග.

1.ටියුබ් ලයිට් හෝල්ඩර් 2ක්.
2.අඟලක් පළල වයරින් කේසින් කැබැල්ලක් (අඩි 2 ක් දිග)
3.සුපර් ග්ලු හරි වෙනත් හොඳ ගම් එකක්.

ඔයාලා හදන්නේ අඩි 2ක ටියුබ් ලයිට් එකක් නම් අඩි දෙකක් දිග වයරින් කේසින් කැබැල්ලක් කපාගන්න.ඔයාලා මිලදී ගත්තු ටියුබ් ලයිට් හෝල්ඩර් දෙක එම වයරින් කේසින් කැබැල්ලේ දෙකලවරට ඇන දෙකක් යොදා සවිකර ගන්න.ඔයාලා දකින්න ඇති ඔබ මිලදී ගත් ටියුබ් ලයිට් හෝල්ඩර් දෙක එක සමාන නොවන බව.ඔයාලට තියෙන්නේ ඉන් එක හෝල්ඩර් එකක ඇති ස්ටාටරය සවි කිරීමට ඇති කොටස ගලවා දැමීමයි.එවිට හෝල්ඩර් දෙකම එක සමාන උසක්‌ එන නිසා සවිකරන්න ලේසියි.මතක ඇතුව වයරින් කේසින් එකේ පියන පැත්ත උඩට සිටින ලෙස සවිකරන්න.ඒ කියුවේ පිට පැත්තට.එතකොට ඔයාලට එම කේසින් එක ඇතුලේ LED ටියුබ් ලයිට් බල සැපයුම් ඒකකය සවිකරන්න පුළුවන්.පසුව පියන කොටස වහන්න.උෂ්ණත්වය පිට වීමට පියනේ සිදුරු කීපයක් විදින්න.ඔබ කැමති පරිදි දෙපසින් හෝ තනි පැත්තෙන් බල සැපයුමේ අග්‍ර දෙක ටියුබ් ලයිට් බල්බයට ලබා දෙන්න.





































No comments:

Post a Comment