අද මම ඔබට ඉදිරිපත්කරන්නේ ඔබගේ නිවසේ විදුලිය විසන්ධි වූ බව දන්වන Alarm එකක් සාදාගත හැකි පරිපථයක්. මෙහි තිබෙන විශේෂත්වය තමයි, මෙම පරිපථය ක්‍රියාත්මකවී Alarm එක නාද වීමට අමතර විදුලි සැපයුමක් ලබාදීමට අවශ්‍ය නොවීම. එනම් මෙම පරිපථය සාදා ප්‍රධාන විදුලියට සම්බන්ධ කර තැබූ විට පරිපථයේ ඇති C1 නම් වූ 4700uf කන්ඩෙන්සරය ආරෝපණය වන අතර ප්‍රධාන විදුලිය විසංධි වූ විට එම ආරෝපණය වූ විදුලියෙන් යම්කිසි වේලාවක් Alarm එක නාද වේ.
පරිපථයේ B1 ලෙස සදහන්ව ඇත්තේ 1A Bridge Rectifier එකකි. එනම් 1A Rectifier 4 යොදා සාදන ලද තනි ඒකකයකි. Bridge Rectifier එකක සාමාන්‍ය පෙනුම පහත පරිදි වේ...
Bridge Rectifier එකක් භාවිතා කිරීම අනිවාර්ය නොවන අතර, IN 4007 Rectifier 4 පරිපථයේ ආකාරයට සම්බන්ධකර ගැනීමෙන්ද ඔබට මෙය සාදාගත හැක.
පරිපථයේ පෙන්වා ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා 6v 500mA ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගන්න. ඒවගේම R3 ලෙස සදහන්ව ඇත්තේ 100K Preset එකකි. තවද පරිපථයේ K1 ලෙස සදහන්ව ඇත්තේ පරිපථය ක්‍රියාත්මක වනවිට නාදය නිකුත්වන බසරයයි.
තවද, BC 558 ට්‍රාන්සිස්ටරයේ පාද හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත්කර ඇත.





No comments:
Post a Comment