Thursday, January 7, 2021

Stereo Preamplifier with Tone Control.


මීට කලින් විවිධ වොට් ප්‍රමාණයන්ගෙන් Stereo Power Amplifier පරිපථ රාශියක් මම ඔබට ඉදිරිපත් කලා. ඉතින් එම Stereo Power Amplifier පරිපථ සදහා සුදුසු ඉතා උසස් තත්වයේ Stereo Preamplifier එකක් සහිත Tone Control පරිපථයක් මම අද ඔබට ඉදිරිපත් කරනවා. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංගය වන්නේ,TDA 1524A IC උපාංගයයි. L Out සහ R Out ස්ථානයන් පවර් ඇම්ප්ලිෆයරයේ In Put ස්ථානයන්ට සවි කරන්න. එසේම L In සහ R In ස්ථානයන්ට Audio Signal එක ලබාදෙන්න.
 පරිපථය විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න. 

පරිපථයේ R1 සිට R4 දක්වා පෙන්වා ඇත්තේ 50k Controllers හතරක් වන අතර, ඒවා Volume, Balance, Bass, Treble Controllers වේ. පරිපථයේ D1 ලෙස ඇත්තේ Power On, Led බල්බයයි. පරිපථය සදහා 8v සිට 16v දක්වා වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, 12v ලබාදීම වඩාත් යෝග්‍යවේ.  

No comments:

Post a Comment