Friday, January 1, 2021

Led නාමපුවරු සදහා සුදුසුම Power Supply එක මෙය පමණයි...


අප මෙම වෙබ් අඩවියෙන් මිට කලින් , Led නාමපුවරු සාදා Program කරන හැටි ඉතාමත් සරලව ඔබට ඉදිරිපත් කලා. ඉතින් අපගේ වෙබ් අඩවියෙන් දැනුම ලබාගෙන Led නාමපුවරු නිෂ්පාදනය  ස්වයං රැකියාවක් ලෙස ඉතා සාර්ථකව කරගෙන යන අය බොහොමයි. Led නාමපුවරු නිෂ්පාදනයේදී, මේ සම්බන්ධව ගොඩනැගෙන වැරදි මතයක් නිවැරදි කරන්න තමයි අද මම මේ ලිපිය ලියන්න අදහස් කලේ..

ඒ තමයි, Led නාමපුවරු සදහා යොදා ගන්න Power Supply එක ගැන. Led නාමපුවරු නිෂ්පාදනය පිළිබද මෙම වෙබ් අඩවියේ අප පලකල පාඩම් මාලාවෙනුත් Led නාමපුවරු සදහා සුදුසු Power Supply එක කුමක්ද කියා අප ඔබට ඉදිරිපත් කලා..5v Out Put එකක් සහිත Switching Mode Power Supply තමයි මේ සදහා සුදුසු වන්නේ..Led පැනල් බෝඩ් වලත් කන්ට්‍රෝල් කාඩ් වලත් ඉතා සියුම් උපාංග තිබෙන නිසා ඉතාමත් සුමට හා ස්ථායී වෝල්ටීයතාවයක් ලබාදීම අනිවාර්යෙන්ම කලයුතු වනවා...එහෙම නොවුනහොත් පැනල් බෝඩ් සහ කන්ට්‍රෝල් කාඩ් ඉතාමත් කෙටි කාලයකදී අක්‍රිය වනවා.

 
මෙම Switching Mode Power Supply තරමක් මිල අධික නිසා, ඇතමෙක් පෙළබි තිබෙනවා, ට්‍රාන්ස්ෆෝමර්, රෙක්ටිෆයර් සහ LM 7805 Regulator උපාංග යොදාගෙන සාමාන්‍ය ආකාරයට විදුලිය ලබා දෙන්න. මෙය ඔබ කිසිදිනක සිදු නොකළ යුත්තක්. මෙය ලාබදායි වුවත් මෙමගින් පැනල් බෝඩ් සහ කන්ට්‍රෝල් කාඩ් වල ආයු කාලය ඉතාමත් කෙටි වීම  අනිවාර්යෙන්ම සිදුවන්නක්. එම නිසා Led නාමපුවරු සදහා නිතරම  Switching Mode Power Supply භාවිතා කලයුතු වීම අනිවාර්යෙන්ම කලයුතු දෙයක් වනවා..

No comments:

Post a Comment