Friday, August 21, 2020

Led Strip Light...

Led බල්බය අලෝක කරණයේ මේ තරම් විපර්යාසයක් කරනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇති.එනම් අද වන විට ආලෝක කරණයේ ප්‍රමුඛ ස්ථානය ගෙන ඇත්තේ Led බල්බයයි. ඉතින් මම ඔබට හදුන්ව දෙන්නේ Led Strip Light පිලිබදවයි.මේවා නිපදවල තිබෙන්නේ Led බල්බ සහිත දිග තීරුවක් ලෙසයි.මෙම Led Strip Light, ඉහත රුපයේ ඇති ආකාරයේ රීල් වශයෙන් ඔබට මිලදී ගත හැකියි.තවද මෙම Led Strip Light, සුදු පැහැයෙන් මෙන්ම තවත් වර්ණ රාශියකින් ඔබට මිලදී ගත හැකියි.

 ඒ වගේම මෙම Led Strip Light සවි කරන්නත් කිසිම ගැටළුවක් නැහැ.ඔබ දැකල ඇති, ආලෝක කරණය සදහා, වියාපාරික ස්ථාන වලත්, නිමි ඇදුම් වෙළද සැල් වලත් සුදු පැහැති Strip Light බහුල වශයෙන් භාවිතා කරන බව. තවද ආලෝක කරණය සදහා මෙම සුදු පැහැති Strip Light භාවිතා කරන්නේ නම් සිවිලිමේ දාර වල හෝ බිත්ති වල ඉහල දාරයේ මේවා සවි කල යුතු වනවා..ඉතින්  මේවා සවි කරන්න කිසිම අපහසුවක් නෑ...එහි ඇති ස්ටිකර් කොලය ගලවා,කෙලින්ම බිත්තියට හෝ සිවිලිමට ඇලවිය හැකියි.

ඔබ දැන් සිතනවා ඇති මේවට විදුලිය සපයන්නේ කොහොමද කියල...ඔබට මෙහිදී කිසිම ගැටළුවක් ඇති වන්නේ නැහැ. මක් නිසාද යත්,ඔබ මෙම  Led Strip Light මිලදී ගන්න අවස්ථාවේදීම එයට අදාල Power Supply එකත් ඔබට මිලදී ගන්න පුළුවන්.
 ඒ වගේම විවිධ වර්ණයෙන් යුත් Led Strip Light බහුල වශයෙන් භාවිතා කරනු ලබන්නේ, ඒ ඒ ස්ථාන වල විසිතුරු බව ඇති කිරීම සදහායි.එනම් හෝටල්,රෙස්ටෝරන්ට් ආදියෙහි විසිතුරු කරණය සදහා විවිධ වර්ණයෙන් යුත් Led Strip Light භාවිතා කරයි.

No comments:

Post a Comment