පහතින් පෙන්වා තිබෙන්නේ,100w Inverter පරිපථයකි. මෙම පරිපථයට කාර් බැටරියකින් හෝ UPS බැටරියකින් 12v ලබාදුන් විට පරිපථයේ පෙන්වා ඇති T1 ට්‍රාන්ස්ෆෝර්මරයෙන් 230v ලබාගත හැක. ප්‍රධාන වශයෙන් CD 4047 IC උපාංගයකින් සහ ට්‍රාන්සිස්ටර් 6 කින් මෙම පරිපථය සමන්විත වන අතර, පරිපථයේ පෙන්වා ඇති Q3, Q4, Q5, Q6 ට්‍රාන්සිස්ටර් 4 සදහා Heat Sink යෙදිය යුතුවේ. Heat සීන්ක් දීමේදී, ට්‍රාන්සිස්ටර් 4 සදහා වෙන වෙනම Heat Sink දීමට මතක තබා ගන්න. ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 10 ක 9v Stepdown ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුවේ.
Tuesday, August 25, 2020
Sunday, August 23, 2020
Super Bright Led Lamp...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, ඉතා දීප්තිමත් ආලෝකයක් ලබාගත හැකි Led විදුලි පහන් පරිපථයක්. මෙය සදහා සූදූ පැහැති සාමාන්‍ය Led 24 ක් යොදාගෙන තිබෙනවා. පරිපථය සදහා 400v ඇම්පියර් 1 ක Bridge Rectifier එකක් භාවිතා කර ඇති අතර, Bridge Rectifier එකක් භාවිතා නොකරන්නේ නම්, IN 4007 ඇම්පියර් 1 Rectifier 4 ක් පරිපථයේ ආකාරයට පාස්සගෙන වුවද භාවිතා කල හැක. පරිපථයේ ඇති අනෙකුත් සියලු උපාංග ඔබට ඉතා හුරු පුරුදු ඒවා වේ.
පරිපථය විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.
Friday, August 21, 2020
Led Strip Light...
Led බල්බය අලෝක කරණයේ මේ තරම් විපර්යාසයක් කරනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇති.එනම් අද වන විට ආලෝක කරණයේ ප්‍රමුඛ ස්ථානය ගෙන ඇත්තේ Led බල්බයයි. ඉතින් මම ඔබට හදුන්ව දෙන්නේ Led Strip Light පිලිබදවයි.මේවා නිපදවල තිබෙන්නේ Led බල්බ සහිත දිග තීරුවක් ලෙසයි.මෙම Led Strip Light, ඉහත රුපයේ ඇති ආකාරයේ රීල් වශයෙන් ඔබට මිලදී ගත හැකියි.තවද මෙම Led Strip Light, සුදු පැහැයෙන් මෙන්ම තවත් වර්ණ රාශියකින් ඔබට මිලදී ගත හැකියි.
ඒ වගේම මෙම Led Strip Light සවි කරන්නත් කිසිම ගැටළුවක් නැහැ.ඔබ දැකල ඇති, ආලෝක කරණය සදහා, වියාපාරික ස්ථාන වලත්, නිමි ඇදුම් වෙළද සැල් වලත් සුදු පැහැති Strip Light බහුල වශයෙන් භාවිතා කරන බව. තවද ආලෝක කරණය සදහා මෙම සුදු පැහැති Strip Light භාවිතා කරන්නේ නම් සිවිලිමේ දාර වල හෝ බිත්ති වල ඉහල දාරයේ මේවා සවි කල යුතු වනවා..ඉතින් මේවා සවි කරන්න කිසිම අපහසුවක් නෑ...එහි ඇති ස්ටිකර් කොලය ගලවා,කෙලින්ම බිත්තියට හෝ සිවිලිමට ඇලවිය හැකියි.
ඔබ දැන් සිතනවා ඇති මේවට විදුලිය සපයන්නේ කොහොමද කියල...ඔබට මෙහිදී කිසිම ගැටළුවක් ඇති වන්නේ නැහැ. මක් නිසාද යත්,ඔබ මෙම Led Strip Light මිලදී ගන්න අවස්ථාවේදීම එයට අදාල Power Supply එකත් ඔබට මිලදී ගන්න පුළුවන්.
ඒ වගේම විවිධ වර්ණයෙන් යුත් Led Strip Light බහුල වශයෙන් භාවිතා කරනු ලබන්නේ, ඒ ඒ ස්ථාන වල විසිතුරු බව ඇති කිරීම සදහායි.එනම් හෝටල්,රෙස්ටෝරන්ට් ආදියෙහි විසිතුරු කරණය සදහා විවිධ වර්ණයෙන් යුත් Led Strip Light භාවිතා කරයි.
Tuesday, August 18, 2020
Subscribe to:
Comments (Atom)




















