Friday, February 28, 2020

Transistor Tester...


මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් වන ට්‍රාන්සිස්ටර් ටෙස්ටර් පරිපථයක්. CD 4011 IC උපාංගය ආධාරයෙන් මෙමපරිපාතය නිර්මාණය කර ඇති අතර, ඔබ පරීකෂා කරන ට්‍රාන්සිස්ටරයේ B ,C ,E පාද, පරිපථයේ B ,C ,E ලෙස පෙන්වා ඇති ස්ථානයට සම්බන්ධ කල යුතු අතර, ඔබ පරික්ෂා කලේ NPN ට්‍රාන්සිස්ටරයක් නම් පරිපථයේ ඇති Led බල්බ දෙක දැල්වෙන අතර, එමගින් එම ට්‍රාන්සිස්ටරය හොද තත්වයේ එකක් බව නිගමනය කල හැක. ඒවාගේම  ඔබ පරික්ෂ කලේ, PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් නම් Led බල්බ දෙකම නිවී තිබෙනු ඇති  අතර,   එමගින් එම ට්‍රාන්සිස්ටරය හොද තත්වයේ එකක් බව නිගමනය කල හැක. මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 ක් වන අතර ඒ සදහා ඔබට 9v බැටරියක් භාවිතා කිරීම ඉතා පහසු වනු ඇත. 


















Thursday, February 27, 2020

Three Channel Audio Mixer...


අද ඔබට ඉදිරිපත්කර තිබෙන්නේ, චැනල් 3 ක Audio Mixer පරිපථයක්. උදාහරණයක් ලෙස යම් සංගීත භාණ්ඩ තුනක ශබ්දය මෙම පරිපථය හරහා Mix කර ගන්න ඔබට පුළුවන්. 2N 3904 ට්‍රාන්සිස්ටරය මෙම පරිපථය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙනවා. පරිපථය ක්‍රියාත්මක කිරීමට, වෝල්ට් 6 ත් 20 ත් අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, වෝල්ට් 9 ක් පමණ ලබාදීම වඩාත් සුදුසු වනවා.

Wednesday, February 26, 2020

FM Transmitter Using IC


පහතින් තිබෙන්නේ, UPC 1651 IC උපාංගය යොදා ගනිමින් නිර්මාණය  ලද, FM Transmitter පරිපථයකි. පරිපථයේ ඇති L1 කොයිලය සදහා, 26 SWG  ප්‍රමාණයේ කොයිලයෙන් මිලිමීටර 4 ක විෂ්කම්භය සිටින සේ, පොටවල් 5 ක් ඔතා ගන්න. පරිපථය සදහා 5v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු අතර,  කිසිම අවස්ථාවක වෝල්ට් 6 ට වඩා සැපයීම නොකළ යුතුයි. ඇන්ටනාව සදහා 70 cm පමණ වයරයක් භාවිතා කල හැක. පරිපථයේ C3 ලෙස පෙන්වා ඇත්තේ 15pf ට්‍රිමර් එකක් හෙවත් Variable Capacitor එකකි. එමගින් ඔබට අවශ්‍ය Frequency එක සකසා ගත හැක. තවද මයික් එක සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ Condenser Mic එකක් භාවිතා කල හැක. 




















 
15 PF Trimmer

Sunday, February 23, 2020

සරල Water Alarm එකක් හදමු...

 ඔබගේ නිවසේ වතුර ටැංකිය වතුර මෝටරයක් මගින් පුරවනවා නම් ටැංකිය උතුරා යන තෙක් එය පිරී ඇති බව ඔබට බලා ගැන ක්‍රමයක් නැහැ..එම ගැටලුවෙනුත් ඔබව අද නිදසස් කරනවා..මා හදුන්වා දෙන සරල පරිපථය වෙරෝ බෝර්ඩ් කැබැල්ලක අනවශ්‍ය පාත් ඉවත්කර කුඩාවට හදා ගන්න..සෙන්සර් එක ඔබටම හදා ගන්න පුළුවන් නැතිනම් පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩවලින් ගන්නත් පුළුවන්.මැග්නට් වලට වැඩකරන කුඩා රීඩ් ස්විච් එකක් වැඩේට නියමෙට ගැලපෙනවා..පරිපතයට  විදුලිය ලබා දීමට වතුර මෝටරය ට සමාන්තරව යොදන බල සැපයුමක් යොදන්න විට මෝටරය ඔෆ් කලාම එලාම් එක වදින එක නතර වේවි..

 සෙන්සර් එක සැකසීම


අඟල් භාගයක් තරම් නලයක එක කෙළවරක් එන්ඩ් කැප් එකෙන් වසන්න.ගැලපෙන ඉපිල්ලක් සකස් කරගන නලයට ඇතුල් කරන්න.වතුර ටැංකියේ වතුර පිටවන නලයට තවත් බට කැබැල්ලක් සවිකර හෝ ටැංකිය තුල සෙන්සරය සවිකරන්න..වතුර ටැංකිය උතුරා යන්න ඔන්න මෙන්න තිබියදී එලාම් එක වදින ලෙස සෙන්සරය සීරු මාරු කර ගන්න..

Friday, February 21, 2020

Touch Sensitive Switch...


පහත දක්වා ඇති පරිපථයේ, T1 සහ T2 ට්‍රාන්සිස්ටර් වල Base පදයට සවිකර ඇති Touch Plate ස්පර්ශ කල විට, පරිපථයේ ඇති රිලේ උපාංගය හරහා සවි කර ඇති ඕනෑම විදුලි උපකරණයක් ON කිරීම සහ OFF කිරීම සිදුකල හැක. ට්‍රාන්සිස්ටර් පහකින් යුතු මෙම පරිපථයේ, ට්‍රාන්සිස්ටර් පහම එකම අංකයේ ඒවා වේ. (BC 557B). පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා, 12v විදුලියක් ලබාදිය යුතු වනවා. 
Parts List
Resistors (all ¼-watt, ± 5% Carbon)
R1, R3, R6, R7, R9 = 10 KΩ
R2, R4, R5, R8 = 220 KΩ

Semiconductors
T1 – T5 = BC557B
D1 = 1N4001

Miscellaneous

RL1 = 12V/200Ω relay
Touch plate

Saturday, February 8, 2020

සැටලයිට් ඇන්ටෙනාවක LNBF එකෙහි කාර්යය...


ඔබට මතක ඇති අප මෙම වෙබ් අඩවිය ආරම්භ කල සමයේ, සැටලයිට් ඇන්ටෙනාවක් සවිකරගෙන, ඉන්දියානු රුපවාහිනී නාලිකා 40 පමණ නරබන ආකාරය මම ඔබට ඉදිරිපත් කලා. වර්තමානයේ ඕනෑම සැටලයිට් ඇන්ටෙනා එකක ප්‍රධානතම උපාංගයක් තමයි LNBF එක කියල කියන්නේ..මම මෙහිදී වර්තමානයේ කියල කිව්වේ අතීතයේ LNBF කියල උපාංගයක් නොතිබුන නිසා. LNBF එක වෙනුවට ඒ කාලයේ තිබුනේ, LNB නම් වූ උපාංගයක් සහ Feeder Horn නම් වූ උපාංගයක් තමයි. Feeder Horne එකේ කාර්ය තමයි සැටලයිට් එකේ සිට ලැබෙන තරංග ග්‍රහණය කරගැනීම. මේ සදහා Feeder Horn එක තුල,සිරස් සහ තිරස් අතට Copper Probe දෙකක් සවිකර තිබෙනවා. ඒ වාගේම LNB එකේ කාර්ය තමයි, Feeder Horn එක මගින් ග්‍රහණය කරගත් තරංග මාලාව Local Frequency එකක් බවට හැරවීම. පහතින් මම ඔබට  ඉදිරිපත් කර තිබෙන්නේ LNB එකක සහ Feeder Horn එකක රුප දෙකකි.

LNB

Feeder Horn

LNB කියලා කෙටියෙන් භාවිතා වන්නේ, Low Noise Block Converter යන්නයි. ඔබට පෙනෙනවා ඇති මෙම LNB එකෙත් Feeder Horn එකෙත් කුඩා සිදුරු සහිත කොටසක් තිබෙන බව. LNB එකත් Feeder Horn එකත් එකට සවි කරනු ලබන්නේ, සිදුරු සහිත කොටස් දෙක එකට තබා ඇන අධාරයෙනුයි.

පසු කාලීනව මෙම LNB කොටසත් Feeder Horn කොටසත් දෙකම එකට එකතු කර තනි උපාංගයක් නිර්මාණය වුනා. එම උපාංගය හැදින්වුයේ LNBF නමිනි. Low Noise Block Converter with Feeder Horn යන්න කෙටි කර LNBF නමින් වර්තමානයේ භාවිතා වනවා. LNB එකෙන් සහ Feeder Horn එකෙන් සිදු වූ කාර්යන් දෙකම දැන් මෙම LNBF උපංගයෙන්  සිදුවනවා.. එනම්,LNBF එකේ කාර්ය වනුයේ සැටලයිට් එක මගින් ලැබෙන තරංග ග්‍රහණය කරගෙන එය Local Frequency එකක් බවට හරවා වයර් මගින් සැටලයිට් රිසීවරයට යොමුකිරීමයි.

සැටලයිට් ඇන්ටෙනා, C Band සැටලයිට් ඇන්ටෙනා සහ Ku Band සැටලයිට් ඇන්ටෙනා ප්‍රධාන  වශයෙන්  කාණ්ඩ දෙකක් වන අතර, සැටලයිට් එකේ සිට සැටලයිට් ඇන්ටෙනාවේ LNBF එකට ලැබෙන තරංග මාලාවේ, Frequency එක පදනම්  කරගෙන මෙම වර්ග කිරීම සිදුකර ඇත. එම නිසා LNBF ද, C Band LNBF සහ Ku Band  LNBF  වර්ග .දෙකකි. පහතින් දක්වා ඇත්තේ, C Band LNBF එකක් සහ Ku Band  LNBF එකකි.

C Band LNBF
C Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 3.7 - 4.2 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 950 - 1750 MHz අතර වේ.

Ku Band LNBF

Ku  Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 10.7 - 13.25 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 975 - 10500 MHz අතර වේ.

Tuesday, February 4, 2020

බිත්ති ලාම්පු සදහා Led විදුලි පහන් එකලස් කිරීම...


Led බල්බය,විදුලි අලෝකකරණයේ සෑම දිශාවකටම තම අනසක පතුරනවා, කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් බිත්ති ලාම්පු සදහා වැඩි ආලෝකයක් සහිත විදුලි පහන් භාවිතා කරන්නේ නැහැ. එයට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි, වැඩි ආලෝකයක් සහිත බල්බයක් දැම්මොත් එයින් පිටවන තාපය නිසා බිත්ති ලාම්පුවේ ආවරණයට හානි සිදුවෙන්න තිබෙන ඉඩ කඩ වැඩි වීම. අනෙක් හේතුව තමයි, බිත්ති ලාම්පුවල තිබෙන කුඩා ඉඩ ප්‍රමාණය නිසා විශාල විදුලි ලාම්පු සවි කිරීමට ඉඩ කඩ නැති වීම.

ඉතින් ඒ නිසා අප මෙතෙක් කල් බිත්ති ලාම්පු සදහා භාවිතා කලේ, මම පහතින් පෙන්වා ඇති ආකාරයේ විදුලි පහන් තමයි.ඒ වට කියන්නේ Candle බල්බ් කියල. මෙයද සම්ප්‍රදායික සුත්‍රිකා විදුලි පහනක්. මේවායේ විදුලි පරිබෝජනයද ඉතා ඉහල මට්ටමක තමයි තිබෙන්නේ... ඉතින් මෙම Candle විදුලි පහන් අපට දැන්  Led වලින් එකලස්  කරන්න පුළුවන්.


ඒ වගේම මෙම Led Candle බල්බ්ද, හෝල්ඩර් බේස් එක ලොකු සහ කුඩා වශයෙන් අපට එකලස් කරන්න පුළුවන්. මක් නිසාද යත්, සමහර බිත්ති ලාම්පුවල ලොකු හෝල්ඩර් ද තවත් සමහරක් වල කුඩා හෝල්ඩර් ද ඇති නිසා.

පහතින් මම පෙන්නලා තිබෙන්නේ, කුඩා හෝල්ඩර් බේස් එක සහිත Led Candle බල්බ් එකලස් කිරීම සදහා අවශ්‍ය උපාංග කට්ටලයයි.

එහි බල්බ පාස්සන ප්ලේට් එකට, Led බල්බ් වල + සහ - නිවැරදිව තබා පාස්සා ගන්න. ඒ වගේම ඩ්‍රයිවරයේ + සහ - වයර්ද නිවැරදිව බල්බ සහිත ප්ලේට් එකට පාස්සා ගන්න. තවද ඩ්‍රයිවරය වටේට වයරින් ටේප් ඔතන්නත් අමතක කරන්න එපා. නැත්නම් ඩ්‍රයිවරය ඇලුමිනියම් කොටස තුලදී Short  වෙන්න පුළුවනි.

එකලස් කරන අනුපිලිවෙල ඔබට පහත රුපය තුලින් තව දුරටත් අවබෝධ කර ගත හැක.



ලොකු හෝල්ඩර් බේස් එක සහිත Led Candle බල්බ් එකලස් කිරීම සදහා අවශ්‍ය උපාංග කට්ටලය



මෙම Led Candle  බල්බ්, පහතින් පෙන්වා ඇති ආකාරයේ Chandelier සදහාද භාවිතා කල හැක.





මෙම Led Candle  බල්බ් එකලස් කිරීම සදහා අවශ්‍ය සියලුම උපාංග පහත සදහන් ආයතනයෙන් මිලදී ගත හැක.

Digital Electronics,
First Floor,
Wickrama Plaza,
Colombo 11.

Tel.   011 2321710