අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල ට්‍රාන්සිස්ටර් ටෙස්ටරයක පරිපථයක්. මෙය NE 555 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. පරිපථය සදහා 9v විදුලි බලයක් ලබා දිය යුතු වන අතර, පරිපථයේ පෙන්වා ඇති B,C,E අග්‍ර තුනට, ඔබ පරීක්ෂා කිරීමට බලාපොරොත්තුවන ට්‍රාන්සිස්ටරයේ B,C,E අග්‍ර තුන සම්බන්ධ කරන්න. එවිට ට්‍රාන්සිස්ටරය හොද තත්වයේ තිබේ නම් කොළ පැහැති LED බල්බයද, ට්‍රාන්සිස්ටරය අක්‍රීය තත්වයේ තිබේ නම් රතු පැහැති LED බල්බයද දැල්වෙනු ඇත.


No comments:
Post a Comment