Tuesday, October 29, 2019

සැටලයිට් ඇන්ටෙනාවක LNBF එකෙහි කාර්යය...


ඔබට මතක ඇති අප මෙම වෙබ් අඩවිය ආරම්භ කල සමයේ, සැටලයිට් ඇන්ටෙනාවක් සවිකරගෙන, ඉන්දියානු රුපවාහිනී නාලිකා 40 පමණ නරබන ආකාරය මම ඔබට ඉදිරිපත් කලා. වර්තමානයේ ඕනෑම සැටලයිට් ඇන්ටෙනා එකක ප්‍රධානතම උපාංගයක් තමයි LNBF එක කියල කියන්නේ..මම මෙහිදී වර්තමානයේ කියල කිව්වේ අතීතයේ LNBF කියල උපාංගයක් නොතිබුන නිසා. LNBF එක වෙනුවට ඒ කාලයේ තිබුනේ, LNB නම් වූ උපාංගයක් සහ Feeder Horn නම් වූ උපාංගයක් තමයි. Feeder Horne එකේ කාර්ය තමයි සැටලයිට් එකේ සිට ලැබෙන තරංග ග්‍රහණය කරගැනීම. මේ සදහා Feeder Horn එක තුල,සිරස් සහ තිරස් අතට Copper Probe දෙකක් සවිකර තිබෙනවා. ඒ වාගේම LNB එකේ කාර්ය තමයි, Feeder Horn එක මගින් ග්‍රහණය කරගත් තරංග මාලාව Local Frequency එකක් බවට හැරවීම. පහතින් මම ඔබට  ඉදිරිපත් කර තිබෙන්නේ LNB එකක සහ Feeder Horn එකක රුප දෙකකි.

LNB

Feeder Horn

LNB කියලා කෙටියෙන් භාවිතා වන්නේ, Low Noise Block Converter යන්නයි. ඔබට පෙනෙනවා ඇති මෙම LNB එකෙත් Feeder Horn එකෙත් කුඩා සිදුරු සහිත කොටසක් තිබෙන බව. LNB එකත් Feeder Horn එකත් එකට සවි කරනු ලබන්නේ, සිදුරු සහිත කොටස් දෙක එකට තබා ඇන අධාරයෙනුයි.

පසු කාලීනව මෙම LNB කොටසත් Feeder Horn කොටසත් දෙකම එකට එකතු කර තනි උපාංගයක් නිර්මාණය වුනා. එම උපාංගය හැදින්වුයේ LNBF නමිනි. Low Noise Block Converter with Feeder Horn යන්න කෙටි කර LNBF නමින් වර්තමානයේ භාවිතා වනවා. LNB එකෙන් සහ Feeder Horn එකෙන් සිදු වූ කාර්යන් දෙකම දැන් මෙම LNBF උපංගයෙන්  සිදුවනවා.. එනම්,LNBF එකේ කාර්ය වනුයේ සැටලයිට් එක මගින් ලැබෙන තරංග ග්‍රහණය කරගෙන එය Local Frequency එකක් බවට හරවා වයර් මගින් සැටලයිට් රිසීවරයට යොමුකිරීමයි.

සැටලයිට් ඇන්ටෙනා, C Band සැටලයිට් ඇන්ටෙනා සහ Ku Band සැටලයිට් ඇන්ටෙනා ප්‍රධාන  වශයෙන්  කාණ්ඩ දෙකක් වන අතර, සැටලයිට් එකේ සිට සැටලයිට් ඇන්ටෙනාවේ LNBF එකට ලැබෙන තරංග මාලාවේ, Frequency එක පදනම්  කරගෙන මෙම වර්ග කිරීම සිදුකර ඇත. එම නිසා LNBF ද, C Band LNBF සහ Ku Band  LNBF  වර්ග .දෙකකි. පහතින් දක්වා ඇත්තේ, C Band LNBF එකක් සහ Ku Band  LNBF එකකි.

C Band LNBF
C Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 3.7 - 4.2 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 950 - 1750 MHz අතර වේ.

Ku Band LNBF

Ku  Band LNBF එකකට, සැටලයිට් එකේ සිට ලැබෙන තරංග මාලාව (Down Link එක ) ගිගා හර්ට්ස් 10.7 - 13.25 GHz අතර වන අතර, එහි Local Frequency එක (Out Put Frequency) මෙග හර්ට්ස් 975 - 10500 MHz අතර වේ.

Sunday, October 27, 2019

FM ට්‍රාන්ස්මීටර්...


පහතින් දැක්වෙන්නේ ඉතාමත් සරල FM ට්‍රාන්ස්මීටර් පරිපථයකි. 2N 3904 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර ඒ සදහා 9v බැටරියක් භාවිතා කරන්න. පරිපථයේ පෙන්වා ඇති L1 කොයිලය සදහා 22 SWG කම්බියෙන් විෂ්කම්භය මිලිමීටර් 5 වනසේ පොටවල් 5 ඔතා ගන්න. ඇන්ටනාව සදහා අගල් 15 ක පමණ වයරයක් භාවිතා කරන්න.


Saturday, October 26, 2019

කුඩා Led බෝඩ් එකක් සාදමු...


අද මම ඔබට අරගෙන ආවේ කුඩා Led බෝඩ් එකක් සාදාගන්න ආකාරයයි. මෙහි අකුරු හතක ඕනෑම වචනයක්, ගමන්කරන ආකාරයට Display කරන්න පුළුවන්. ඒ වගේම මෙය සදහා IC ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍ය වන්නේත් නැහැ.ඔබට ඉතා හුරු පුරුදු NE 555 සහ CD 4017 IC උපාංග භාවිතා කර ඔබට මෙම පරිපථය සාදාගන්න පුළුවන්. තවද, අකුරු වලට යොදන Led බල්බ සමාන්තර ගත ලෙස සම්බන්ධ කරන්න.

 පරිපථය විශාලනය කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.

පරිපථය සාදාගත් පසු, 9v විදුලියක් ලබාදී පරිපථය ක්‍රියාත්මක කල හැක. VR 1 ලෙස සදහන්ව ඇති 100 K Preset එක මගින් අකුරු ගමන් කරන වේගය අඩු වැඩි කල හැක. අකුර සදහා Led බල්බ අමුණන පුවරුව ලෙස කළු පැහැති පුවරුවක් භාවිතා කරන්නේ නම් අකුරු වඩාත් පැහැදිලිව දර්ශනය වනු  ඇත.

පරිපථයේ ඇති 2N 3053 ට්‍රාන්සිස්ටර් වල පින් හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත.

Wednesday, October 23, 2019

Led Flasher Circuit...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් Led Flasher පරිපථයක්. මෙය ඉතා ජනප්‍රිය NE 555 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. මෙම පරිපථය ඉතා අවම උපාංග ගණනකින් සමන්විත වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා. පරිපථයේ 220R to 470R ලෙස රෙසිස්ටර් දෙකක් අසල සදහන් කර ඇත්තේ, 220 ඕම්ස් සහ 470 ඕම්ස් අතර ඕනෑම ඕම්ස් ප්‍රමාණයක රෙසිස්ටර් දෙකක් ඒ සදහා භාවිතා කල හැකි බවයි. පරිපථය ක්‍රියා කරවීම සදහා 6v සිට 9v දක්වා වූ වෝල්ටීයතාවයක් ලබාදිය හැක. NE 555 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.


Sunday, October 20, 2019

මයික්‍රෝ FM ට්‍රාන්ස්මිටරයක් සාදමු...


මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා කුඩා FM ට්‍රාන්ස්මිටරයක් සාදාගන්නා ආකාරයයි. මෙය ඉතා කුඩාවට සාදාගෙන 3v ඔරලෝසු බැටරියකින් විදුලිය සැපයිය හැකි අතර, කොලර් මයික් එකක් ලෙසද සාදා ගත හැක. පරිපථය ප්‍රින්ටඩ් බෝඩ් එකක් මත සාදා ගැනීම අනිවාර්ය වේ. 



Saturday, October 19, 2019

රාත්‍රියට පමණක් ක්‍රියාකරන ආරක්‍ෂක විදුලි පහන...


පෙර ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන ලද ආරක්ෂණ විදුලි පහන රාත්‍රී කාලයට පමණක් ක්‍රියාත්මකවීමට සකසා  ගන්න ආකාරය මෙම ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරනවා. කලින් ලිපියෙන් ඉදිරිපත් කරනලද පරිපතයටම LDR උපාංගයක් සහ තවත් උපාංග කීපයක් එකතු කර ගැනීමෙන් ඔබට මෙම, රාත්‍රියට පමණක් ක්‍රියාකරන ආරක්‍ෂක විදුලි පහන සාදාගත හැකියි. එම පරිපථය මම පහතින් ඉදිරිපත්කර තිබෙනවා..
මෙහිදී දහවල් කාලයට මෙම විදුලි පහන ඉදිරියට යම් කෙනෙකු පැමිණියද විදුලි පහන දැල්වෙන්නේ නැහැ.එනම් මෙම විදුලිපහන ක්‍රියාත්මක වන්නේ රාත්‍රී කාලයට පමණි. එනම් මෙම විදුලි පහනේ විදුලි සැපයුම් ස්විචය ඔබ දවල් කාලයේදී OFF කර තැබිය යුතු නැහැ. එම ස්විචය දිගටම ON කර තැබූ විට සියල්ල ස්වයංක්‍රියව සිදුවනවා..  

Wednesday, October 16, 2019

ඉතාම සරල සයිරන් පරිපථයක්...

මම පහතින් ඉදිරිපත් කරලා තියෙන්නේ බ්‍රෙඩ් බෝර්ඩ් එකක් මත එකලස් කර අත්හදාබැලිය  හැකි, සයිරන් පරිපථයක්. බ්‍රෙඩ් බෝර්ඩ් භාවිතය හුරු වීමට ඔබට මෙය කදිම පරිපථයක් වේවි.

Tuesday, October 15, 2019

ඉලෙක්ට්‍රොනික් මදුරු ආරක්ෂකය


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල  ඉලෙක්ට්‍රොනික් මදුරු ආරක්ෂක පරිපථයක්. NE 555 නැමති IC උපාංගය පාදක කරගෙන මෙම පරිපථය ගොඩනැගී තිබෙනවා.මෙම IC උපාංගයේ පාද  හදුනාගන්න ආකාරය පහතින් ඉදිරිපත් කර ඇති අතර,පරිපථයේ  Piezo Buzzer යනුවෙන් සදහන් කර ඇත්තේ බසරයකි.බසරය වෙනුවට පහත ඉදිරිපත් කර ඇති ආකාරයේ කුඩා ස්පීකරයක් වුවද භාවිතා කල හැක.

අවශ්‍ය උපාංග.

 IN 4007 Diode 01
2.7 K  රෙසිස්ටර් 02
0.01 uf කැපසිටර්  02
NE 555 IC 01
Buzzer or small Speaker 01

පරිපථය අනුව සියලුම උපාංග පාස්සා ගැනීමෙන් පසු පරිපතයට 9v හෝ 12v විදුලියක් ලබා දෙන්න.එවිට බසරයෙන් හෝ speaker n ඉතා තියුණු සිහින් නාදයක් නිකුත්වනු ඇත. විදුලිය ලබා දීම සදහා කුඩා Power Pack එකක් වුවද භාවිතා කල හැක.
Buzzer
 

Sunday, October 13, 2019

ට්‍රාන්සිස්ටර් ටෙස්ටරයක් සාදමු...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් සරල ට්‍රාන්සිස්ටර් ටෙස්ටරයක පරිපථයක්. මෙය NE 555 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. පරිපථය සදහා 9v විදුලි බලයක් ලබා දිය යුතු වන අතර, පරිපථයේ පෙන්වා ඇති B,C,E අග්‍ර තුනට, ඔබ පරීක්ෂා කිරීමට බලාපොරොත්තුවන ට්‍රාන්සිස්ටරයේ B,C,E අග්‍ර තුන සම්බන්ධ කරන්න. එවිට ට්‍රාන්සිස්ටරය හොද තත්වයේ තිබේ නම් කොළ පැහැති LED බල්බයද, ට්‍රාන්සිස්ටරය අක්‍රීය තත්වයේ තිබේ නම් රතු පැහැති LED බල්බයද දැල්වෙනු ඇත.  

Thursday, October 10, 2019

Led Flasher Using NE 555...


පහතින් පෙන්වා තිබෙන්නේ NE 555 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කර ඇති ඉතාමත් සරල LED Flasher පරිපථයක්.පරිපථය සදහා වෝල්ට් 9 ත් වෝල්ට් 15 ත් අතර ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකියි.






Wednesday, October 9, 2019

විසිතුරු Led පරිපථයක්...


සාමාන්‍ය විවිධ වර්ණයෙන් යුතු Led බල්බ යොදාගෙන සැදිය හැකි විසිතුරු Led බල්බ පරිපථයක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ...NE 555 IC දෙකක් සහ ඉතා අවම උපාංග ගණනකින් යුත් මෙම පරිපථය ඔබට ඉතා පහසුවෙන් සාදා ගත හැක. ඒ වගේම IC දෙක සදහාම IC Base භාවිතා කිරීම ඔබට ඉතා පහසුවක් වනු ඇත. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා වෝල්ට් 3 සිට වෝල්ට් 9 දක්වා වූ  ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක. පරිපථයේ S1 යනුවෙන් දක්වා ඇත්තේ ස්විචයකි. අනෙකුත් සියලුම උපාංග ඔබට ඉතා හුරු පුරුදු උපාංග වේ.




NE 555 IC එකේ Pin හදුනාගන්නා ආකාරය.

Sunday, October 6, 2019

Led Panel Emergency Lamp...


පහත දැක්වෙන්නේ  Led Panel  එකක් සදහා භාවිතා කල හැකි Emergency Lamp පරිපතයකි. පරිපථය සාදා ප්‍රධාන විදුලියට සම්බන්ධ කර තැබූ විට නිවසේ විදුලිය ඇනහිටී ඕනෑම අවස්ථාවක පරිපථයේ ඇති 12v බැටරිය ආධාරයෙන් Led Panel එක දැල්වෙනු ඇත. BD 140 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 1 ක 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැක. බැටරිය සදහා 12v ඇම්පියර් 7.5 ක Rechargable බැටරියක් භාවිතා කල යුතුවේ.  BD 140 ට්‍රාන්සිස්ටරය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදීමද අත්‍යවශය වේ.


Saturday, October 5, 2019

උණු වතුර ෂවර් එකක් සදහා උෂ්ණත්ව පාලකයක්...


ඉලෙක්ට්‍රික් Hot Water ෂවර් එකක් සදහා භාවිතා කල හැකි Water Temperature Control පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. LM 35 Regulator IC එකකින්ද, CA 3140 IC උපාංගයකින්ද, BT 136 SCR උපාංගයකින්ද සමන්විත මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ. Hot Water ෂවර් එකේ Heater එක පරිපථයේ Heater යනුවෙන් සදහන් ස්ථානයට සවි කරන්න. පරිපථයේ P1 ලෙස පෙන්වා ඇති 10k කන්ට්‍රෝලය මගින් ජලය රත්වන උෂ්ණත්වය පාලනය කල හැක.

Thursday, October 3, 2019

Fire Alarm Circuit...


ට්‍රාන්සිස්ටර් තුනකින් සහ IC උපාංගයකින් සමන්විත Fire Alarm පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. පරිපථයේ TH1 ලෙස පෙන්වා ඇත්තේ, 10K Thermistor එකකි. Thermistor එකක් යනු පරිසර උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය වෙනස්වන උපාංගයකි. යම්කිසි ගිනිගැනීමක්  වැනි අවස්ථාවකදී පරිසර උෂ්ණත්වය ඉහල යන විට  Thermistor එක සංවේදකය ලෙස ක්‍රියා කර, එලාමය නාද වනු ඇත. BC 558 සහ BC 548 ට්‍රාන්සිස්ටර් දෙක සහ NE  555 IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරය මිට කලින් පරිපථ වලදී ඉදිරිපත්කර ඇති නිසා නැවත ඉදිරිපත් නොකරන අතර පරිපථයේ ඇති SL 100B ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්න ආකාරය පමණක් පහතින් පෙන්වා ඇත. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 6v වේ. 














Thermistor