අද මම ඔබට ඉදිරිපත් කරන්නේ 20w ටියුබ් ලයිට් එකක් බැටරියෙන් දල්වන ආකාරයයි. ඉතාමත් අඩු උපාංග ගණනකින් සමන්විත මෙම පරිපථය ඔබට ඉතා පහසුවෙන් සාදාගන්න පුළුවන්. මෙම පරිපතයට විශේෂිත වූ ට්‍රාන්ෆෝමරයක් භාවිතා කර නොමැති අතර, සාමාන්‍ය 12v 1Ah Step Down ට්‍රාන්ෆොමරයක්, Step Up ට්‍රාන්ෆෝමරයක් ලෙස භාවිතා කොට තිබෙනවා. තවද මෙම පරිපතයට සාමාන්‍ය 20w ටියුබ් ලයිට් එක භාවිතා කල යුතු අතර බැටරිය සදහා ඇම්පියර් 35 ක හෝ ඊට වැඩි මෝටර් රථ සදහා භාවිතා කරන බැටරියක් භාවිතා කිරීමෙන් වැඩි කාලයක් ටියුබ් ලයිට් එක දැල්විය හැක. පහතින් ඉදිරිපත්කර ඇත්තේ මෙම පරිපතයයි.
තවද මෙම පරිපථය සදහා භාවිතා කර ඇති 2 N 6101 ට්‍රාන්සිස්ටරය රත්වන බැවින් ඒ සදහා Heatsink එකක් දීම අනිවාර්ය වේ. ට්‍රාන්සිස්ටරයේ Pin හදුනාගන්න ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.
ටියුබ් ලයිට් එකේ එක පැත්තක ඇති pin දෙකෙන් ඕනෑම එක pin එකකට එක වයරයකුත්, අනෙක් පැත්තේ ඇති pin දෙකෙන් ඕනෑම pin එකකට අනෙක් වයරයත් සවිකරන්න. මේ සදහා පහත පෙන්වා ඇති ආකාරයේ 12v 7Ah රිචාජබල් බැටරියක් වුවද භාවිතා කළහැකි අතර එවිට දැල්විය හැකි කාලය අඩුය. වැඩි ඇම්පියර් ගණනක බැටරියක් භාවිතා කිරීමෙන් වැඩි කාලය දැල්විය හැකි බව ඔබට වැටහෙනවා ඇති.
පරිපථයේ 2K5POT ලෙස සදහන්ව ඇත්තේ 2.5K Preset එකකි. මෙමගින් ටියුබ් බල්බයේ දීප්තිය අඩු වැඩි කල හැක.





No comments:
Post a Comment