ලැප්ටොප් පරිගණක සදහා භාවිතා කල හැකි ඉතාමත් කුඩා සහ සරල Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර, ඒ සදහා USB Port එකක් මගින් විදුලිය සැපයීම සිදුකල හැකියි. එනම් USB Port එකෙන් පිටවන 5v විදුලිය මෙම පරිපථයට ලබාදිය හැකිවනවා. TDA 2822M IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය Stereo Amplifier පරිපථයක් වන අතර 0.5w ස්පිකර් දෙකක් මේ සදහා භාවිතා කල හැක. තවද ඔබගේ පහසුව සදහා TDA 2822M IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.
Monday, June 10, 2019
Sunday, June 9, 2019
ශීතකරණ සදහා Power Guard පරිපථයක්...
ස්වයං රැකියාවක් ලෙස වුවද සිදුකර විශාල අදායමක් ලැබිය හැකි ශීතකරණ සදහා භාවිතා කල හැකි Power Guard පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙමගින් ප්‍රධාන විදුලි පද්ධතියේ ඇතිවන විදුලිය අඩු වැඩි වීම් වලින් ශීතකරණය ආරක්ෂා වන අතර, එනම් විදුලිය අඩු වැඩි වීම් වලදී ශීතකරණයට සැපයෙන විදුලිය නවතා දමන අතර, නියමිත වෝල්ටීයතාවය පැමිණි පසු නැවත ශීතකරණයට විදුලිය ලබාදීමේදී යම් කාල පමාවකින් යුතුව විදුලිය ලබාදේ. CD 4060 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා ඇම්පියර් 6 වෝල්ට් 400 ප්‍රමාණයේ ඕනෑම ට්‍රයැක් උපාංගයක් භාවිතා කල හැක.
Thursday, June 6, 2019
Fade On Fade Off Led...
පහතින් දැක්වෙන්නේ, 3w Led බල්බ 3 ක් ක්‍රමයෙන් දැල්වීමටත්, ක්‍රමයෙන් නිවියාමටත් සැලැස්විය හැකි පරිපථයකි. BD 679 ට්‍රාන්සිස්ටරය අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් දීම අනිවාර්ය අතර, ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.
Subscribe to:
Comments (Atom)









