Sunday, March 24, 2019

LED බල්බ අලුත්වැඩියාවට පහසු ක්‍රම...


ඔබ LED බල්බ නිෂ්පාදනය කර අලෙවි කිරීමට අදහස් කරන්නේ නම ඔබ LED බල්බයක් පහසුවෙන් අලුත්වැඩියා කරන අයුරුද දැන සිටීම වැදගත්ය.

1.ඔබට සරලව භාවිතා කල හැකි ඇනලොග් මල්ටිමිටරයක් මිලදී ගන්න.

එහි ඕම් පාරාසය යොදාගෙන බල්බ දැවී ඇත්දැයි පරීක්‍ෂාකරන්න..ඕම පාරාසයේදී මල්ටිමීටරයේ රතු පාට වයරය ඝෘණ අග්‍රය ලෙස ද කළු වයරය ධන අග්‍රය ලෙස ද ක්‍රියා කරයි.එනම් LED බල්බයක ධන අග්‍රයට මල්ටිමීටරයේ කළු වයරය සහිත අග්‍රය තැබිය යුතුය.රතු වයරය ඇති අග්‍රය LED බල්බයේ ඝෘණ අග්‍රයට තැබූ විට මල්ටිමිටරයේ සුචකය උත්ක්‍රමනය වෙමින් LED බල්බය දැල්වේ නම් එම LED එක හොඳය.



2.PHONE චාජර් එකක් ගෙන එහි ජැක් එක කපා දමන්න. එහි අග්‍ර දෙක හොඳින් මතුකරගෙන එයට අඟල් 2 ක් පමණ වන  තඹ කම්බි කැබලි 2 ක් පාස්සා ගන්න.LED බල්බයක් එම අග්‍ර දෙකට තබා ධන හා ඝෘණ අග්‍ර හදුනා ගෙන ධන අග්‍රයට සලකුණක් යොදන්න.එම අග්‍ර දෙක කිසිවිටක කෙලින්ම එකිනෙක ස්පර්ශ නොකරන්න.(එවිට ෆෝන් චාජරය දැවී යනු  ඇති.)

ෆෝන් චාජරයට විදුලිය සපයා එහි අග්‍ර දෙක නිවැරදිව  LED බල්බ පේළිවල  LED තුනක් හතරක් එකවර ශ්‍රේණිගතව  හසුවන පරිදි  පරිදි තබන්න.එම LED බල්බ පෙළ දෝෂ නැතිනම් එම LED බල්බ කිහිපයම එකවර දැල්වෙනු ඇත.ඒ ආකාරයට ඉතිරි බල්බද කිහිපය බැගින් එකවර පරීක්‍ෂා කරමින් දෝෂය ඇති ස්ථානය හදුනා ගෙන එය නිවැරදි කරන්න.

3.බලසැපයුම පරික්ෂා කිරීම.

බල්බයේ ඇඩප්ටරයෙන් එහි බල සැපයුම ගලවන්න.පරිපථයේ ඇති කන්ඩේන්සර්,රෙසිස්ටර් වලට හානි වී ඇතිදැයි පියවී ඇසින් පරික්ෂා  කරන්න.එම උපාංග කළු පාටට හැරී හෝ යම් ගන්දයක් එම උපාංග තුලින් ඔබට දැනුනේ නම් බොහෝවිට බල සැපයුම විනාශ වී තිබෙන්නට පුළුවන. අලුත් එකක් තබා පරිෂා කරන්න.

4.SMD LED බල්බ පරීක්ෂාවටද ඉහත 2 ක්‍රමයම යොදා ගන්න.

*කිසිවිටෙකත් ප්‍රධාන විදුලිය බල්බයට සපයා පරික්ෂා කිරීම් නොකරන්න.ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී නිතරම වියලි රබර් සෙරප්පු පැළදීමට පුරුදු වන්න.
*මා ඉහත දැක්වුයේ ඉලෙක්ට්‍රොණික දැනුම අඩු අය සඳහා පහසුවෙන් භාවිතා කල හැකි මා විසින් හදුනා ගත් ක්‍රම කීපයකි.ඉලෙක්ට්‍රොණික දැනුම ඇති අයට මල්ටිමීටරය අධාරයෙන් ඉතා පහසුවෙන් දෝෂ සෙවිය හැක.

Friday, March 22, 2019

ජංගම දුරකථනය හිරු එළියෙන් චාර්ජ් කරන්නේ මෙහෙමයි...


අද මම ඔබට අරගෙන ආවේ Solar Mobile Phone Charger පරිපථයක්. මේ සදහා 12v  4w සෝලා පැනල් එකක් අවශ්‍ය වනවා. මෙම  Solar Mobile Phone Charger එකේ Out Put එකෙන් 5v ලබාගැනීම සදහා, LM 7805 රෙගියුලේටර් IC උපාංගයක් භාවිතා කර ඇති අතර Out Put ස්ථානයට පහත පෙන්වා ඇති ආකාරයට USB Port එකක් සවි කරන්න. එවිට ඉතා පහසුවෙන් ජංගම දුරකතනයේ  Data Cable එක සවි කර දුරකථනය charge කල හැකියි. මෙහිදී සෝලා පැනලයේ සහ USB Port එකට සවි කරන වයර් වල + සහ (-) නිවැරදිව සවිකිරීමට මතක තබා ගන්න. 



Wednesday, March 20, 2019

Melody and Music Tone Generator...


HT 82207 IC උපාංගය අනුසාරයෙන් නිර්මාණය කර ඇති Melody and Music Tone Generator පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පරිපථයෙන් එකිනෙකට වෙනස් නාද 6 ක් ලබා ගත හැකි  වන අතර පරිපථයේ පෙන්වා ඇති VR1 100K Preset  එක මගින් එම නාද වල වේගය පාලනය කල හැක. කුඩා ඕම්ස් 8 1w හෝ 0.5w ස්පීකරයක් භාවිතා කල හැකි අතර පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 3v වේ.