ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී මල්ටිමිටරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙම ක්ෂේත්‍රයේදී භාවිතා කරන පරීක්ෂණ උපකරණ රාශියක් තිබුනද එම උපකරණ භාවිතා කරන ආකාරය ඔබ නොදැන සිටියද, මල්ටිමිටරය භාවිතා කරන ආකාරය, ඕනෑම ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පියෙකු දැන සිටිය යුතුවේ. ඔබ ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පියෙකු නොවුවද, මල්ටිමිටරයක් භාවිතා කරන ආකාරය දැනසිටීමේ වැදගත්කම, මෙම පාඩම් මාලාව අවසානයේදී ඔබට හැගියනු ඇත.
මල්ටිමීටර් වර්ග, මල්ටිමීටර් එකකින් ඉලෙක්ට්‍රොනික් උපාංග පරික්ෂ කරන ආකාරය, වෝල්ටීයතාවය මැනීම, ධාරාව මැනීම ආදී සියලු දේ මෙම පාඩම් මාලාවෙන් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමු. මල්ටීමීටරය භාවිතා කරන ආකාරය, වෙබ් අඩවියක් තුලින් ඉදිරිපත් කිරීම ඉතා අපහසු කාර්යක් වුවද, ඔබට එය වඩාත් පහසුවෙන් තේරුම්ගැනීමට හැකිවනු වනු පිණිස Video පාඩම් මාලාවක්ද මෙයට පෙළගස්වා ඇත. කෙසේ වුවද මෙම පාඩම් මාලාව නොකඩවා සතියක් ඇතුලත ඔබට ඉදිරිපත්කිරීමට උපරිම උත්සාහ ගනිමි.
මල්ටීමීටර් වර්ග.
(1) ඇනලොග් මල්ටීමීටර් ( Analog Multimiter )
(2) ඩිජිටල් මල්ටීමීටර් ( Digital Multimiter )
(2) ඩිජිටල් මල්ටීමීටර් ( Digital Multimiter )
ඇනලොග් මල්ටීමීටරය භාවිතා කිරීමේදී එහි පරීක්ෂණ අගයන් කියවිය යුත්තේ එහි දර්ශකය මත ඇති කටුව ආධාරයෙනි. පහතින් ම ඔබට ඉදිරිපත්කර ඇත්තේ ඇනලොග් මල්ටීමීටර් ( Analog Multimiter ) එකකි.
ඩිජිටල් මල්ටීමීටරය භාවිතා කිරීමේදී, එහි පරීක්ෂණ අගයන් කියවීම ඉතමත් පහසු වේ. එනම් ඩිජිටල් මල්ටීමීටර් වල ප්‍රදර්ශකය ලෙස භාවිතා වන්නේ කුඩා LCD තිරයකි. සියලුම පරීක්ෂණ අගයන් මෙම LCD තිරය මත ප්‍රදර්ශනය වේ. පහතින් මම ඔබට ඉදිරිපත්කර ඇත්තේ ඩිජිටල් මල්ටීමීටර් ( Digital Multimiter ) එකකි.
ඊලග කොටස හෙට දිනයේදී බලාපොරොත්තුවන්න.



No comments:
Post a Comment