Friday, March 30, 2018

උපරිම ප්‍රථිපල ලබාගැනීමට, රුපවාහිනී ඇන්ටෙනාවක් සවිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු...


අපේ රටේ පාරිසරික පිහිටීම් අනුව, පමණක් ප්‍රදේශ වලට රුපවාහිනී නාලිකා ඉතා පැහැදිලිව නැරබීමට හැකි සේම තවත් ප්‍රදේශවලට රුපවාහිනී නාලිකා පැහැදිලිව බැලීමට නොහැකි  බව අප කව්රුත් දන්නා කරුණක්.. තැනිතලා ප්‍රදේශ වල රුපවාහිනී සංඥා ප්‍රබල අතර කදු සහිත ප්‍රදේශවල, එම කදු නිසා රුපවාහිනී සංඥා වලට බාධා ඇතිවීම හේතුවෙන්  එම ප්‍රදේශ වල රුපවාහිනී සංඥා ඉතා දුර්වල මට්ටමක පවතිනවා. ඉතින් මෙවැනි රුපවාහිනී සංඥා දුර්වල ප්‍රදේශයක ඇන්ටෙනාවක්  කිරීමේදී එම ඇන්ටෙනාවෙන් උපරිම සංඥා ප්‍රබලත්වයක් ලබාගැනීමට නම්, නිසි ආකාරව ඇන්ටෙනාවේ උපරිම ක්‍රියාකාරිත්වයට හානි නොවන පරිදි ඇන්ටෙනාව සවි කරගැනීමට අප වගබලා ගතයුතු වනවා. උපරිම ප්‍රථිපල ලබාගැනීමට, රුපවාහිනී ඇන්ටෙනාවක් සවිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු  මම පහතින් ඔබට ඉදිරිපත් කර තිබෙනවා.

 (1)  සැම විටම ඇන්ටෙනාවේ වයරය සවිවන ස්ථානයේ ඉම්පිඩන්ස් එකට් සමාන ඉම්පිඩන්ස් සහිත ඇන්ටෙනා වයරයක් භාවිතා කල යුතුයි. එනම්, 
      ඇන්ටෙනාවේ වයරය සවිවන ස්ථානයේ ඉම්පිඩන්ස් එක ඕම්ස් 75 නම්, ඕම්ස් 75 රවුම් Coaxial ඇන්ටෙනා වයරයක් භාවිතා  කල යුතුයි. 
      ඇන්ටෙනාවේ වයරය සවිවන ස්ථානයේ ඉම්පිඩන්ස් එක ඕම්ස් 300 නම්, ඕම්ස් 300 පැතලි  ඇන්ටෙනා වයරයක් භාවිතා  කල යුතුයි.

  (2)  ඇන්ටෙනා වයර් ජොයින්ට් කරන්නේ නම්, ඒ සදහා Male සහ Female ඇන්ටෙනා Jack ආධාරයෙන් ජොයින්ට් කිරීම සිදු කල යුතුවේ.

(3)  ඇන්ටෙනා වයරය හැකිතාක් කෙටි කර ගත යුතු අතර, අනවශ්‍ය ලෙස ඇන්ටෙනා වයරය දිගට ගෙන වැඩි කොටස රෝල් කර තැබීම සුදුසු නොවේ..

 (4)  ඇන්ටෙනා වයරය රුපවාහිනිය වෙත  රැගෙන ඒමේදී, ඇන්ටෙනාව සවිකර ඇති යකඩ බටය වටේ වයරය එතීම සිදු නොකළ යුතු අතර ඇන්ටෙනා වයරය යකඩ තහඩු අසලින් හෝ යකඩ ග්‍රිල් අතරින් නොගත යුතුය.

 (5)  විදුලි රැහැන් ආදියට ආසන්නයේ ඇන්ටෙනාව සවි නොකල යුතුයි.

 (6)  UHF සහ VHF සදහා වෙන වෙනම ඇන්ටෙනා සවි කරන්නේනම් ඇන්ටෙනා දෙක අතර පරතරය අවම වශයෙන් මීටර් 1.5 වත් තැබිය යුතුවේ.

 (7)  ඇන්ටනාව සවිකිරීමේදී, යකඩ බටයේ ඉහල කෙලවරට ශක්තිමත් PVC බට කැබැල්ලක් ගසා එම PVC බට කැබැල්ල මත ඇන්ටෙනාව සවි කරන්න.

මෙම උපදෙස් පිලිපැදීමෙන් ඇන්ටෙනාවේ උපරිම කාර්යක්ෂමතාවය ලබාගත හැකි වනු ඇත.       

No comments:

Post a Comment