Sunday, March 25, 2018

මෝටර් රථයක ඕල්ටනේටරය පරීක්‍ෂා කරන ආකාරය...


මෙම ලිපිය, වාහනයක් තිබෙන සහ වාහනයක් නැති ඕනෑම කෙනෙකුට ඉතාමත් වැදගත් වනවා. ඕනෑම වාහනයක් ධාවන අවස්ථාවේදී එහි බැටරිය චාර්ජ් වන්නේ ඕල්ටනේටරය මගිනි. මෙහි ක්‍රියාකාරිත්වය ඩයිනමෝවකට සමානයි. එන්ජිම ක්‍රියා කරන විට බෙල්ට් එකක ආධාරයෙන් ඕල්ටනේටරයද කරකැවෙන අතර, එවිට   ඕල්ටනේටරයෙන් ප්‍රත්‍යවර්ථ ධාරාවක් නිපදවේ. මෝටර් රථයක බැටරිය චාර්ජ් වීම සදහා මෙම  ප්‍රත්‍යවර්ථ ධාරාව සරල ධාරාවක් බවට පත්කර  බැටරියට ලබා දේ. ඕල්ටනේටරයක් සහ ඕල්ටනේටරයක් වාහනයක එන්ජිමට සවි වී ඇති ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත.



ඕනෑම් වාහනයක කල්යත්ම  ඕල්ටනේටරයේ දෝෂ හටගන්නා  අතර එවිට බැටරිය චාර්ජ් වීම සදහා ඕල්ටනේටරයෙන් නියමිත වෝල්ටීයතාවය නොලැබේ.  ඕල්ටනේටරයක ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන්ම අඩපණ වූ විට වාහනයේ මීටර් පුවරුව මත ඇති, බැටරියක සලකුණ ඇති Warning Lamp එකක් දැල්වෙන අතර ඕල්ටනේටරය අර්ධ වශයෙන් අක්‍රීය වී ඇති අවස්ථාවක එම Warning Lamp එක නොදැල්වේ. 12v වාහන බැටරියක් චාර්ජ් වීමට වෝල්ට් 13 ට වැඩි වෝල්ටීයතාවයක් ලැබිය යුතු අතර, ඕල්ටනේටරයෙන් ලැබෙන්නේ වෝල්ට් 13 ට අඩු වෝල්ටීයතාවයක් නම්,එම අවස්ථාව, ඕල්ටනේටරය අර්ධ වශයෙන් අක්‍රීය වූ අවස්ථාවක් ලෙස සැලකිය හැක.

ඔබට ඇනලොග් හෝ ඩිජිටල් මල්ටි මීටරයක් තිබේ නම් වාහනයේ කිසිදු වයර්  ගලවිමකින් තොරව ඔබටම මෙය පරීක්‍ෂා කරගත හැක. එය සිදු කරන්නේ මෙසේය. වාහනයේ එන්ජිම  පනගන්වා මල්ටිමිටරයේ Range Selector එක, DC වෝල්ට් 50 Range එකට දමා මල්ටිමිටරයේ + වයරය වාහනයේ බැටරියේ + අග්‍රයටත්, මල්ටිමිටරයේ (-) වයරය  බැටරියේ (-)  අග්‍රයටත් තබා එන්ජිම රේස් කරන්න. එම එන්ජිම රේස් කරන අවස්ථාවේදී, මල්ටිමිටරයෙන් වෝල්ට් 13 ට වඩා  පෙන්වන්නේනම් ඕල්ටනේටරය හොද ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වේ. මල්ටිමිටරයෙන් වෝල්ට් 13 ට වඩා අඩු වෝල්ටීයතාවයක් පෙන්වන්නේනම් ඕල්ටනේටරය දෝෂ සහිත බව නිගමනය කල හැක.



 

No comments:

Post a Comment