Saturday, January 28, 2017

ඔබගේ පරිගණකයේ Add or Remove Program වෙත එසැණින් පිවිසීමට Short Cut එකක් සාදමු...

ඔබගේ පරිගණකයේ ඇති Software එකක් හෝ Computer Game එකක් ඔබගේ පරිගණකයෙන් විධිමත්ව හා නිසිආකාරයෙන් ඉවත් කිරීමට,  Add or Remove Program වෙත පිවිසීමට සිදුවනවා. මෙම  Add or Remove Program වෙත පිවිසීමට නම්, පරිගණකයේ Start බට්න් එක ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Control Panel ක්ලික් කල යුතු වනවා. මේ සදහා යම් කාලයක් ගතවන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. එහෙත් ඔබගේ පරිගණකයේ Desk Top එකේ ඇති අයිකන් එකක් Double ක්ලික් කල සැනින් Add or Remove Program වෙත පිවිසීමට හැකි ක්‍රමයක් මම අද ඔබට කියලා දෙන්නම්.

Desktop එකේ හිස් තැනක Right ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවේ, New සිලෙක්ට් කල විට, ලැබෙන සබ් මෙනුවේ Short Cut මත ක්ලික් කරන්න. එවිට පහත පරිදි ඩයලොග් බොක්ස් එකක් ලැබේවි.


එහි Type a name for this shortcut ; ලෙස සදහන් ස්ථානයට පහලින් ඇති සුදු පාට කොටුව තුල appwiz.cpl  ලෙස ටයිප් කර Next ක්ලික් කරන්න. එවිට පහත ඩයලොග් බොක්ස් එක ඔබට ලැබෙනු ඇත. එහි  appwiz.cpl  යන්න Delete කර ඔබට කැමති නමක් ටයිප් කරන්න. දැන් Finish බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබ ටයිප් කල නමින්, Desktop එක තුල Shortcut එකක් ලැබෙනු ඇත. මෙම Shortcut එක මත Double ක්ලික් කල සැණින් Add or Remove Program වෙත පිවිසීමට හැක.



Thursday, January 26, 2017

ආඩූයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 10

ආඩූයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 09 පාඩමෙන් මම ඔබට ඉදිරිපත් කලා, Blink වැඩසටහනේ කාලය වෙනස් කරමින්, Arduino Board එක මත ඇති කහ පැහැති Led බල්බය දැල්වී තිබෙන කාලය සහ නිවී තිබෙන කාලය වෙනස් කරන ආකාරය. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ Arduino Board එක මත ඇති කහ පැහැති Led බල්බයට අමතරව පිටතින් Led බල්බයක් සවි කර දල්වන ආකාරයයි. පහත රුපයේ ආකාරයට  Arduino Board එකේ GND පින් එක Led බල්බයේ (-) පින් එකට සවි කරන්න. එසේම  Arduino Board එකේ 13 වන පින් එක 1K රෙසිස්ටරය හරහා  Led බල්බයේ + පින් එකට සවි කරන්න. දැන් Arduino Board එක USB කේබලය මගින් පරිගණකයට සවි කරන්න. ඔබ ලබා දුන් කාලය අනුව Led බල්බය දැල්වෙන සහ නිවෙන කාලය නිරීක්ෂණය කරන්න.

























Wednesday, January 25, 2017

Led නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට අවශ්‍ය නවතම Software එක...

Led නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට අවශ්‍ය නවතම  POWERLED V2.86.5 Software එක පහතින් දක්වා ඇති Link එක ක්ලික් කර ඉතා පහසුවෙන්ම ඔබට Download කරගන්න පුළුවන්. මෙම  Software එකට Support කරන කන්ට්‍රෝල් කාඩ් මොනවාද යන්නත් මම පහතින් දක්වා තිබෙනවා.


මෙම  Software එකට Support කරන කන්ට්‍රෝල් කාඩ්...

TF-SU/TF-SW/TF-S6W/TF-S6U/TF-S6UR/TF-S6UW/TF-S6H/TF-A6U/TF-A6UR/TF-A6UW/TF-A6H/TF-MU/TF-M6W/TF-M6UR/TF-M6UW/TF-M6NUR/TF-C6UR/TF-C6UW/TF-C6NUR/TF-D6UR/TF-E6UR/TF-E6UW/TF-E6NUR/TF-F6UR/TF-F6UW/TF-F6NUR/TF-F6UW(RF70)/TF-CNT-D/TF-CNT-FN/TF-VTA02/TF-QA1/TF-QC1/TF-QC3


Saturday, January 21, 2017

ආඩුයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 09

මම ඔබට  ආඩුයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම 08 පාඩමෙන් ඉදිරපත් කලා, බ්ලින්කින් වැඩසටහනේ කාලය වෙනස් කරමින්,  ආඩුයිනෝ බෝඩ් එක මත ඇති කහ පැහැති Led බල්බය දැල්වී තිබෙන කාලය සහ නිවී තිබෙන කාලය වෙනස් කල හැකි බව. මම දැන් පහත video එකෙන් පෙන්වන්නම් එය සිදුකරන ආකාරය.

Friday, January 20, 2017

ඇලුමිනියම් LED බල්බ හදන අයට වැදගත් දත්ත මෙන්න..

අපේ වෙබ් එක පරිශීලනය කර LED බල්බ හදලා ගෙදර ලයිට් බිල මට්ටු කළා කියල මට බොහෝ පිරිසක් ලියල එවල තිබුනා..හැමෝටම රිප්ලයි එකක් දෙන්න බැරිවුනාට සමාවෙන්න,අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඇලුමිනියම් LEDබල්බ හදන අයට වැදගත් දත්ත ටිකක්.මේවා ඔබත් වෙනම පොතක ලියා තබා ගන්න කවද හරි ඕනා වේවි..












































































Sunday, January 15, 2017

කාල පරතරයන් කීපයක එලාම් පරිපථයක්...

පහතින් දක්වා තිබෙන්නේ, CD 4060 සහ NE 555 IC උපාංග භාවිතා කරමින් නිර්මාණය කරන ලද කාල පරතරයන් කීපයක එලාම් පරිපථයකි. S2 ස්විචය සදහා, රොටරි ස්විචයක් හෝ ස්ලයිඩ් ස්විචයක් භාවිතා කල හැකි අතර ස්විචය යොමුකර ඇති ස්ථානය අනුව එම කාලය ගතවූ පසු පරිපථයේ ඇති බසරය නාද වනු ඇත. C1 ලෙස පෙන්වා ඇති Capacitor එකේ අගය මත මෙම කල පරතරයන් ඔබගේ අබිමතය පරිදි වෙනස් කර ගත හැක. පරිපථය සදහා 6v ලබාදිය යුතු අතර, K1 ලෙස පෙන්වා ඇති බසරය සදහා, 6v බසරයක් භාවිතා කරන්න. 




















Friday, January 13, 2017

වීඩියෝ සලයිඩ් ෂෝ ඉතා පහසුවෙන් තනා ගත හැකි සරල ක්‍රමයක්...

ඔබ සතුව ඇති Photo, Video Clip සහ සංගීත ඛණ්ඩ භාවිතා කර Share කල හැකි Video Clip සහ Slide Show සාදාගන්නට Kizoa.com වෙබ් අඩවිය තුලින් දැන් අවස්ථාව ලැබී ඇත. පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

Wednesday, January 11, 2017

පරිගණක දෝෂ අලුත්වැඩියාව...



කිසිදු අනතුරු ඇගවිමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි? (9 කොටස)






සලකා බැලිය හැකි වෙනත් හේතු...

පරිගණකය Restart වීමට විසදුම් ලෙස ම විසින් ඉහතින් ඉදිරිපත් කල ක්‍රියා මාර්ග වලින් ප්‍රතිපලයක් නොලැබුණි නම්, ඊළගට කල යුත්තේ Operating System(Windows ) එකේ හදුනාගැනීමට අපහසු දෝෂයක් පවතීද යන්න සොයා බැලීමයි. ඒ සදහා Bios එකට ඇතුළු වී එහි යම්කිසි වෙලාවක් සිටින්න.ඒ ආකාරයට Bios එකේ රැදී සිටින විට පරිගණකය Restart නොවන්නේ නම්, Operating System එකේ දෝෂයක් පවතින බව නිගමනය කල හැක. එවිට නැවතත් Windows Install  කරන්න. 


Tuesday, January 10, 2017

පරිගණක දෝෂ අලුත්වැඩියාව...



කිසිදු අනතුරු ඇගවිමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි ? (8 කොටස)




*වයිරස් වල බලපෑම.

පරිගණකය Restart වීමට තවත් ප්‍රධාන වශයෙන්ම බලපෑ හැකි හේතුවක් ලෙස, වයිරස් වල බලපෑම හැදින්විය හැක. පරිගණකය ඉබේම Restart වීමට සහ  හිර වීම සිදුකර වීමට පවා සමහර වයිරස් නිර්මාණය කර ඇත. Blaster Worm වයිරසය එවන් එකකි. මෙම  Blaster Worm වයිරසයම Mblast, Loveson, Win 32,Posa, Worm යන නම් වලින්ද හදුන්වනු ලබයි.මෙම වයිරසටේ හැසිරීම වන්නේ, සෑම විනාඩි පහකටම වරක් පරිගණකය Restart වීමට සැලැස්වීම සහ පරිගණකය Restart වී පළමු විනාඩි කිහිපය ඇතුලත පරිගණකය හිරවීමට සැලැස්වීමයි.මෙම දෝෂ ඇතිකරවන කාලය විනාඩි 5,10,15,30 ආදී වශයෙන් වෙනස් විය හැක. මෙලෙස වයිරස් වල බලපෑමට ඔබගේ පරිගණකය නතුවී  ඇතැයි හැගෙන්නේ නම් වයිරස් ස්කෑන් කිරීමට කටයුතු කල යුතු  අතර මේ සදහා නවතම වයිරස් ගාඩ් භාවිතා කලයුතු වේ..     


Monday, January 9, 2017

පරිගණක දෝෂ අලුත්වැඩියාව...





කිසිදු අනතුරු ඇගවීමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි ? (7 කොටස)





*පරිගණකයේ ඇතුලත උණුසුම.

පරිගණකයේ ඇතුලත උණුසුම ඉහළයාම මගින්ද පරිගණකය Restart වීම සිදුවිය හැක. පරිගණකයේ Power Supply එක තුලද, Processor එකට ඉහලින්ද, කේසින් එක තුලද Cooling Fan සවි කර ඇත. මෙම  Cooling Fan මගින් සිදුවන්නේ පරිගණකයේ ඇතුලත ඇතිවන උණුසුම පිටතට යොමු කිරීමයි. එම නිසා මෙම  Cooling Fan නිසි ආකාරයෙන් ක්‍රියාකරන වාද යන්න පරික්ෂ කලයුතුවේ. සමහර විට Fan එකක් අක්‍රිය වී තිබෙන්නට පුළුවනි. එසේත් නොමැති නම්, Fan එක අඩු වේගයකින්  ක්‍රියාත්මක වන්නට පුළුවන. මෙවැනි අවස්ථාවක දෝෂ සහිත වූ Fan එක ඉවත්කර අලුතින් Fan එකක් සවිකළ හැක.  



Sunday, January 8, 2017

පරිගණක දෝෂ අලුත්වැඩියාව...



කිසිදු අනතුරු ඇගවීමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි ?  (6 කොටස)




පරිගණකයට ප්‍රමාණවත් පරිදි විදුලි බලය නොලැබීම.


පරිගණකයේ ඇතුලත උපාංග වලට විදුලිය ලබා දෙන්නේ Power Supply Unit එකක් මගින් බව ඔබ දන්නා කරුණක්. Power Supply Unit එකෙන් ඇතුලත ඇති උපාංග වලට ලැබෙන විදුලියේ යම් අඩු වීමක් හෝ යම් දෝෂයක් ඇති වී නම් හෝ ඔබගේ පරිගණකය ඇතැම් විට  Restart වීමට පුළුවන. Power Supply Unit එකෙන් Mother Board එකට හා අනෙකුත් උපාංග සදහා සවි වී ඇති Connectors බුරුල් වීමකින් තොරව නිසි ලෙස සවි වී තිබේද යන්න පරික්ෂ කර බලන්න. තවද Plug Base එකෙන් 230 වෝල්ටීයතාවය විශාල වශයෙන් අඩු වීමකින් තොරව Power Supply එකට ලැබේද යන්නත්පරික්ෂා  කරන්න.

Saturday, January 7, 2017

පරිගණක දෝෂ අලුත්වැඩියාව...



කිසිදු අනතුරු ඇගවීමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි? (5 කොටස)





*Hardware සහ Drivers Install කිරීම ආශ්‍රිත දෝෂ.

ඔබගේ පරිගණකයට අලුතෙන් ඉන්ස්ටෝල් කරනලද Hardware එකක් නිසා වුවද මෙම දෝෂය ඇතිවීමට පුළුවනි.එම උපාංග ඉවත් කර හෝ නිසිලෙස සවි කර පරික්ෂා කර බැලිය හැක. තවද මෑත  කාලයේදී ඔබ විසින් Drivers අප්ඩේට් කිරීමක් සිදුකලේ නම්, එහි යම් බලපෑමක් නිසා වුවද මෙම දෝෂය ඇතිවීමට බොහෝ ඉඩක් පවතී. Drivers අප්ඩේට් කිරීමට අදාල Hardware එක නිසි පරිදි නැවත සවිකර, Drivers අප්ඩේට් කිරීම Unstall  කිරීම සහ  නැවත Drivers අප්ඩේට් කිරීම ආදිය  සිදු කරමින් දෝෂය නිරාකරණය වන්නේ දැයි බලන්න.   

Friday, January 6, 2017

පරිගණක අලුත්වැඩියාව..




කිසිදු අනතුරු ඇගවීමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි? (4 කොටස)



*මෙමරි ආශ්‍රිත දෝෂ.

පරිගණකය Restart  වීම මෙමරි චිප් ආශ්‍රිත දෝෂ නිසාද ඇති වීමට බොහෝ ඉඩ කඩක් පවතී. මෙමරි මොඩියුල් සහ සොකට් පරික්ෂ කිරීමෙන්ද, එම මෙමරි මොඩියුල් එක් එක් මෙමරි ස්ලොට් වලට මාරු කරමින් සවිකර බැලීමෙන්ද, ඒවා වෙනත් පරිගණකයකට සවි කර පරික්ෂා කර බැලීමෙන්ද, මෙමරි ආශ්‍රිත දෝෂයක් නිසා පරිගණකය Restart වන්නේද යන්න සොයා ගත හැකි වනු ඇත.    

Monday, January 2, 2017

පරිගණක තිර සදහා භාවිතා කල හැකි Resolution ප්‍රමාණයන්...

පරිගණකයක Screen Resolution ඉතාමත් වැදගත් අංගයක්. පරිගණක තිරයේ පැහැදිලිතාවය රදා පවතින්නේ සකසා ඇති Resolution ප්‍රමාණය මතයි. ඔබගේ පරිගණක තිරයේ සකසා ඇති Resolution ප්‍රමාණය නිවැරදිද යන්න තහවුරු කරගැනීමටත්, වැරදි නම් එය නිවැරදි කරගැනීමටත්, ඒ ඒ පරිගණක තිර සදහා තිබිය යුතු Resolution ප්‍රමාණයන් ගැන අවබෝධයක් ලබාගැනීම සදහාත් මෙය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.  

ලැප්ටොප් පරිගණක තිර සදහා.

අගල් 13 සිට 15 දක්වා (Standard Screen)    1400  x  1050
අගල් 13 සිට 15 දක්වා (Wide  Screen)          1280  x 800
අගල් 17 (Wide  Screen)                             1400  x  1050

CRT පරිගණක තිර සදහා.
 
අගල් 15                              800 x 600
අගල් 17                             1024 x 768
අගල් 19                             1280 x 1024
අගල් 21                             1600 x 1200

Sunday, January 1, 2017

CCTV නවතම තාක්‍ෂණය...

අද මම ඔබට හදුන්වා දෙන්නේ නවතම Home Security කැමරාවක්. මෙය ගෘහස්ථ Led විදුලි බල්බයක හැඩයට සමාන වන අතර, මෙය තුල Motion Led Lamp එකක් සහ කැමරාවක් අන්තර්ගත වනවා. මේ තුල ඇති කැමරාව මගින් අංශක 360 ම ආවරණය කිරීම මෙහි ඇති විශේෂත්වයක් වන අතර, මෙහි ඇති Micro SD Card Slot එකට SD Card එකක් ඇතුලත් කර සියලුම දර්ශණ ගබඩා කරගත හැකි වනවා. ඒ වාගේම Wi Fi හරහා මෙම කැමරාවේ දර්ශන අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකථනයෙන් නැරභීමේ පහසු කමද සහිතයි. කැමරා සදහා වයර් ඇදගෙන කරණී ලබන සාම්ප්‍රදායික CCTV ක්‍රමයට වඩා මෙම ක්‍රමය කෙතරම් පහසුද කියා ඔබට සිතෙනු ඇත.