කවදත් නවතම තාක්‍ෂණය පිලිබදව ඔබව දැනුවත් කරන Prestar වෙබ් අඩවිය මගින්, CCTV කැමරා තාක්‍ෂණයේ RCS2 තාක්‍ෂණය පිළිබද හදුන්වා දෙන්නයි මේ සූදානම. සාමාන්‍යයෙන් CCTV කැමරා පද්ධතියක් සවිකරන විට, සෑම කැමරාවකම සිට DVR එක තබන ස්ථානයට කේබල් අදින්න ඕන. මෙය ඉතාම කරදරකාරී මෙන්ම අවලස්සන ක්‍රියාදාමයක්. ඉතින් දැන් මෙම ඉතාම කරදරකාරී මෙන්ම අවලස්සන ක්‍රියාදාමයෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්. එය තමයි නවතම RCS2 තාක්ෂනය.
මෙහිදී වෙනම කේබල් ඇදීමක් අවශ්‍ය නැහැ. සියලුම සම්ප්‍රේෂණයන් සිදුවන්නේ, අදල ගොඩනැගිල්ලේ විදුලි රැහැන් පද්ධතිය ඔස්සේයි. මෙයට කියන්නේ Power Line Communication (PLC) කියලයි. ඉහත පින්තුරයෙන් පෙන්වා ඇති ආකාරයට, මෙම කැමරා වල සාමාන්‍ය Plug තිබෙනවා. ඔබට තිබෙන්නේ, මෙම Plug එක, කැමරාව සවිකරන ස්ථානයට ආසන්නයේම ඇති Plug Base එකකට Plug කරන එක පමණයි. NVR එකද එම ආසන්නයේම ඇති Plug Base එකකට Plug කරන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයටම මෙම NVR එකටද, පරිගණක මොනිටරයක් හෝ TV එකක් සවි කර කැමරා වල දර්ශන නරබන්න පුළුවන්. ඒ වගේම, කැමරා වල දර්ශන අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකතනයෙන් නැරබීමට අවශ්‍ය නම් රවුටරය NVR එකට සම්බන්ධ කල යුතුයි. බලන්න මොනතරම් සරලද කියලා.
NVR (Network Video Recorder)
දැන් යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් කැමරා, විදුලි පද්ධතියට සවි වන නිසා, එහා ගෙදර අය NVR එකක් එයාලගේ ගෙදර Plug කලොත් එයාලටත් කැමරා වල දර්ශණ නරබන්න පුළුවන් නේද කියලා. එත් එහෙම බැහැ. ඔබගේ විදුලි මීටරයෙන් එහාට මෙම සම්ප්‍රේෂණය සිදුවන්නේ නැහැ. එම නිසා පුද්ගලිකත්වය පිළිබද කිසිම ප්‍රශ්නයක් නැහැ.





No comments:
Post a Comment