Tuesday, December 27, 2016

පහසුවෙන්ම You Tube වීඩියෝ Download කරගමු...

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ You Tube වීඩියෝ සොයා ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් අඩවියක්.මෙම වෙබ් අඩවියේ ඇති සර්ච් බොක්ස් එකෙහි මාතෘකාවක් යොදා සර්ච් කර ඊට අදාල වීඩියෝව ඩවුන්ලෝඩ් කරගත හැකිවාක් මෙන්ම, You Tube වීඩියෝ URL එක කෙලින්ම මෙහි සටහන් කර වුවද වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ලින්ක් එක මගින් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක.


Saturday, December 17, 2016

ඩිජිටල් සගරා කියවන්නේ මෙහෙමයි...

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ, නොයෙක් රටවල් වල විවිධ මාදිලියේ ජනප්‍රිය සගරා වල ඩිජිටල් පිටපත් පරිගණකයෙන් කියවිය හැකි වෙබ් අඩවියක්. ඩිජිටල්  රීඩර් ෆෝමැට් එක යටතේ, එනම් පරිගණක තිරය මත  සගරාවේ පිටු පෙරලමින් මෙම සගරා කියවිය හැක. මෙම සගරා වල ඔබට දිස්වන්නේ, මුද්‍රිත සගරාවේ ඇති පිටු ම වීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම වෙබ් අඩවිය වෙත පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.  



 

Thursday, December 15, 2016

දිනෙන් දින දියුණුවන ජංගම දුරකථන බැටරි ආරෝපණ තාක්‍ෂණය.

ජංගම දුරකථන, ටැබ්ලට් යන්ත්‍ර අද ලෝකේ අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. මුළු දවස පුරාම ජංගම දුරකථන එක්ක ජීවත් වෙන අයට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජංගම දුරකථන බැටරිය දිනකටවත් ප්‍රමාණවත් නොවීම. ඒ වගේම බැටරිය චාර්ජ් කරගන්න ගතවෙන කාලය වැඩිවීමත් ලොකු ගැටළුවක්. ඉතින් මේ ප්‍රශ්ණ වලට විසඳුමක් විදියට නොයෙකුත් සමාගම් වැඩි ආයුකාලයක් ඇති බැටරි වගේම ක්ෂණිකව බැටරි චාර්ජ් කල හැකි බැටරි ආරෝපණ තාක්ෂණයන් එළිදැක්වූවා.

අපි අද කතාකරන්නට යන්නේ OPPO සමාගම විසින් හඳුන්වා දුන් Super VOOC Flash Charge බැටරි ආරෝපණ තාක්ෂණය පිළිබඳවයි. Super VOOC Flash Charge යනු 2014 වසරේදී OPPO විසින් හඳුන්වා දුන් VOOC Flash Charge හි අලුත්ම නිකුතුවයි. මෙය දැනට ලොව පුරා මිලියන 18කට අධික පිරිසක් භාවිත කරනු ලබනවා.


මුල් VOOC Flash Charge තාක්ෂණය හරහා මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් චාර්ජ් කිරීමෙන් පැය 2කට අධික කතා කාලයක් ලබාගත හැකි වූ අතර නව Super VOOC Flash Charge හරහා මිනිතුත් 5ක් චාර්ජ් කිරීමෙන් පැය 10කට ආසන්න කාලයක් දුරකථන සංවාදයේ යෙදීමට භාවිත කරන්නාට හැකි වනවා. මීට අමතරව මිනිත්තු 15ක වැනි ඉතාමත් සුළු කාලයකදී 2500mAh බැටරියක් සම්පූර්ණයෙන් ආරෝපණය කරන්නටත් OPPO සමාගමට හැකිව තිබෙනවා.

මේ නව තාක්ෂණයේදී වෝල්ට් 5ක වෝල්ටීයතාවයක් යටතේ, අඩු උෂ්ණත්වයකදී බැටරිය ආරෝපණය කෙරෙන නිසාවෙන් එය බැටරියේ ආයුකාලය සඳහාත් වැදගත් තාක්ෂණයක්. මෙවැනි බැටරි තාක්ෂණික දියුණු වීම් නිසාවෙන් අප දිනෙන් දින තව තවත් නව තාක්ෂණය වෙත නැඹුරු වනු ඇති අතර ඒ හරහා එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

Monday, December 12, 2016

නත්තලට මෝස්‌තර 8 කට දැල්වෙන විදුලි පහන් පරිපථයක්...

ලග එන නත්තලට ලස්සන විදුලි ආලෝක රටා 8 ක් මවන්න පුළුවන් විදුලි පහන් පරිපථයක් මම අද ඔබට අරගෙන අවා. UTC 8156 CMOS කාණ්ඩයේ IC උපාංගය මගින් නිර්මාණය කර ඇති මෙම පරිපථයට වොට් 40 බල්බ් 4 ක් සම්බන්ධ කරන්න පුළුවන්. පරිපථයේ H1 සිට H4 දක්වා පෙන්වා තිබෙන්නේ, TYN 612 SCR උපාංග හතරකි. ඒවා සදහා Heat Sink යෙදීම අනිවාර්ය වේ. පරිපථයේ පෙන්වා ඇති S1 ස්විචය සදහා පහත  පෙන්වා ඇති ආකාරයේ 8 way රොටරි ස්විචයක් භාවිතා කරන්න. එම රොටරි ස්විචය මගින් බල්බ දැල්වෙන මෝස්‌තර තෝරාගත හැක. D1 සදහා 1A Bridge Rectifier එකක් හෝ IN 4007 Rectifier හතරක් භාවිතා කල හැක.



Saturday, December 3, 2016

නවතම RCS2 CCTV කැමරා තාක්‍ෂණය...

කවදත් නවතම තාක්‍ෂණය පිලිබදව ඔබව දැනුවත් කරන Prestar වෙබ් අඩවිය මගින්, CCTV කැමරා තාක්‍ෂණයේ RCS2 තාක්‍ෂණය පිළිබද හදුන්වා දෙන්නයි මේ සූදානම. සාමාන්‍යයෙන් CCTV කැමරා පද්ධතියක් සවිකරන විට, සෑම කැමරාවකම සිට DVR එක තබන ස්ථානයට කේබල් අදින්න ඕන. මෙය ඉතාම කරදරකාරී මෙන්ම අවලස්සන ක්‍රියාදාමයක්. ඉතින් දැන් මෙම ඉතාම කරදරකාරී මෙන්ම අවලස්සන ක්‍රියාදාමයෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්. එය තමයි නවතම RCS2 තාක්ෂනය. 
 මෙහිදී වෙනම කේබල් ඇදීමක් අවශ්‍ය නැහැ. සියලුම සම්ප්‍රේෂණයන් සිදුවන්නේ, අදල ගොඩනැගිල්ලේ විදුලි රැහැන් පද්ධතිය ඔස්සේයි. මෙයට කියන්නේ Power Line Communication (PLC) කියලයි. ඉහත පින්තුරයෙන් පෙන්වා ඇති ආකාරයට, මෙම කැමරා වල සාමාන්‍ය  Plug තිබෙනවා. ඔබට තිබෙන්නේ, මෙම Plug එක, කැමරාව සවිකරන ස්ථානයට ආසන්නයේම ඇති Plug Base එකකට Plug කරන එක පමණයි. NVR එකද එම ආසන්නයේම ඇති Plug Base එකකට Plug කරන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයටම මෙම NVR එකටද, පරිගණක මොනිටරයක් හෝ TV එකක් සවි කර කැමරා වල දර්ශන නරබන්න පුළුවන්. ඒ වගේම, කැමරා වල දර්ශන අන්තර්ජාලයෙන් හෝ ජංගම දුරකතනයෙන් නැරබීමට අවශ්‍ය නම් රවුටරය NVR එකට සම්බන්ධ කල යුතුයි. බලන්න මොනතරම් සරලද කියලා. 

NVR (Network Video Recorder) 
දැන් යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් කැමරා, විදුලි පද්ධතියට සවි වන නිසා, එහා ගෙදර අය NVR එකක් එයාලගේ ගෙදර Plug කලොත් එයාලටත් කැමරා වල දර්ශණ නරබන්න පුළුවන් නේද කියලා. එත් එහෙම බැහැ. ඔබගේ විදුලි මීටරයෙන් එහාට මෙම සම්ප්‍රේෂණය සිදුවන්නේ නැහැ. එම නිසා පුද්ගලිකත්වය පිළිබද කිසිම ප්‍රශ්නයක් නැහැ.