ඔබගේ දැනුමට තවත් වැදගත් දෙයක් එකතු කරන්නයි අද මගේ අරමුණ. ඒ තමයි වාහන වල ස්ටාටර් මෝටර් වයරින් පද්ධතිය ගැන. වාහනයක ස්ටාටර් මෝටරයෙන් සිදුකෙරෙන්නේ වාහනයේ එන්ජිම කරකවා පනගැන්වීමයි. එන්ජිම කරකවා පනගැන්වීමට විශාල බලයක් අවශ්‍ය වන අතර, එම කාර්ය සිදුකෙරෙන්නේ. ස්ටාටර් මෝටර් එක මගිනි. මෝටරයෙන් එන්ජිම කරකැවීමට, මෝටරය විශාල ධාරාවක් බැටරියෙන් ලබාගනී. එබැවින් වහනය පණගැන්වීමට, බැටරියෙන් ලබාගන්නා විශාල ධාරාවට සරිලන ලෙස ස්ටාටර් ස්විචයක් (ඉග්නිෂන් ස්විචයක්) නිර්මාණය කිරීම අපහසු වන්නේ, එය විශාල ස්විචයක් ලෙස නිපදවිය යුතු බැවිනි. ඉතින් මෙම ගැටලුව මගහැරීමට වාහන ස්ටාටර් මෝටර් වයරින් පද්ධතියක යොදා ගන්නා උපාංගයක් වන්නේ, Starter Relay එකයි. මෙය Starter Solenoid එක ලෙසද හදුන්වයි. මෙහිදී සිදුවන්නේ Starter Solenoid එකේ ඇති රිලේ කොයිලයට ඉග්නිෂන් ස්විච එක මගින් විදුලිය ලැබුණු විගස, චුම්බක ශක්තිය ආධාරයෙන් රිලේ ස්විචය On වීමයි. වාහනයක ස්ටාටර් මෝටර් එකේ දෝෂයක් ඇති අවස්ථාවක, එන්ගිම පණගැන්වීමට උත්සාහ කරන විට ටකස්..ටකස් වැනි ශබ්දයක් ඔබට ඇසෙන්නේ, මෙම Starter Solenoid එක On වන ශබ්දයයි. පහත දැක්වෙන්නේ වාහන වල ස්ටාටර් මෝටර් වයරින් පද්ධතියකි.


No comments:
Post a Comment