Wednesday, June 29, 2016

Android වලින් Internet යන කොට යන Data අඩුකර ගන්නේ කොහමද?

Android වලින් Internet යන කොට යන Data අඩුකර ගත හැකි ක්‍රම කිහිපයක් මෙම ලිපියෙන් අපි ඔබට ලබා දෙනවා.

(1)Opera Max App එක භාවිතා කිරීම : මිලයන 10 කට වඩා Downloads ඇති මෙම App එකට 4.3 Rating එකක් තිබෙනවා. ඔහුන් මෙම App එක නිර්මාණය කර තිබෙන්න විශේෂයෙන්ම Data Save කර ගැනීම සදහාමයි.

(2) Google Chrome’s Data Saver Feature එක භාවිතා කිරීම : හුගක් දෙනා Browser එක භාවිතා කරන්නේ Chrome. ඔබ Opera Max වලට මාරු වෙන්න අකමැති නම් Chrome වල ඇති Data Saver Feature භාවිතා කරන්න. Setting –> Advanced –> Data Server හරහා එය On කරගත හැකිය.

(3) Facebook App එක වෙනුවට Facebook Lite App එක භාවිතා කිරීම : Facebook Android App එකත් Android තියෙන හැම කෙනෙක්ම වගේ භාවිතා කරනවානේ. එම App එක සදහාත් Data ගොඩක් වැය වෙනවා. Facebook Lite App එක භාවිතා කිරීම තුලිනුත් එය විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්.

Tuesday, June 28, 2016

වාහන වල ස්ටාටර් මෝටර් වයරින් පද්ධතිය ගැන ඉගෙනගමු.

ඔබගේ දැනුමට තවත් වැදගත් දෙයක් එකතු කරන්නයි අද මගේ අරමුණ. ඒ තමයි  වාහන වල ස්ටාටර් මෝටර් වයරින් පද්ධතිය ගැන. වාහනයක ස්ටාටර් මෝටරයෙන්  සිදුකෙරෙන්නේ වාහනයේ එන්ජිම කරකවා පනගැන්වීමයි. එන්ජිම කරකවා පනගැන්වීමට විශාල බලයක් අවශ්‍ය වන අතර, එම කාර්ය සිදුකෙරෙන්නේ. ස්ටාටර් මෝටර් එක මගිනි. මෝටරයෙන් එන්ජිම කරකැවීමට, මෝටරය විශාල ධාරාවක් බැටරියෙන් ලබාගනී. එබැවින් වහනය පණගැන්වීමට, බැටරියෙන් ලබාගන්නා විශාල ධාරාවට සරිලන ලෙස ස්ටාටර් ස්විචයක් (ඉග්නිෂන් ස්විචයක්) නිර්මාණය කිරීම අපහසු වන්නේ, එය විශාල ස්විචයක් ලෙස නිපදවිය යුතු බැවිනි. ඉතින් මෙම ගැටලුව මගහැරීමට වාහන ස්ටාටර් මෝටර් වයරින් පද්ධතියක යොදා ගන්නා උපාංගයක් වන්නේ, Starter Relay එකයි. මෙය Starter Solenoid එක ලෙසද හදුන්වයි. මෙහිදී සිදුවන්නේ Starter Solenoid එකේ ඇති රිලේ කොයිලයට ඉග්නිෂන් ස්විච එක මගින්  විදුලිය ලැබුණු විගස, චුම්බක ශක්තිය ආධාරයෙන් රිලේ ස්විචය On වීමයි. වාහනයක ස්ටාටර් මෝටර් එකේ දෝෂයක් ඇති අවස්ථාවක, එන්ගිම පණගැන්වීමට උත්සාහ කරන විට ටකස්..ටකස් වැනි ශබ්දයක් ඔබට ඇසෙන්නේ, මෙම Starter Solenoid එක On වන ශබ්දයයි. පහත දැක්වෙන්නේ වාහන වල ස්ටාටර් මෝටර් වයරින් පද්ධතියකි.

   

Monday, June 6, 2016

ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 08

අපි අද බලමු කෝඩ් එකක් ලියලා, එය මයික්‍රෝ කන්ට්‍රෝලය වෙත අප්ලෝඩ් කර එය ක්‍රියාත්මක වන ආකාරය ගැන. මෙම විෂයට ආධුනික ඔබ සදහා මෙම ක්‍රියාපටිපාටිය සිදුවන්නේ කෙසේද යන්න පිලිබදව අවබෝධයක් ලබා ගැනීම සදහා, දැනට සපයා ඇති කෝඩ් එකක් වෙනස් කරමින් එය සිදු කරන ආකාරය මම මුලින්ම ඉදිරිපත් කරමි. ඔබ Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධකල පසුව, එහි නිවෙමින් දැල්වෙමින් ඇති කහ පැහැති බල්බයෙහි නිවී තිබෙන කාලය සහ දැල්වී තිබෙන කාලය වෙනස් කරමින් ඔබට මෙම අත්හදබැලීම  කරන්නට පුළුවනි. ඒ සදහා, Arduino බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කර, Arduino Software එක ඕපන් කරගන්න. දැන් File --- Examples --- 01.Basics --- Blink යන්න සිලෙක්ට් කරන්න. එවිට පහතින් පෙන්වා ඇති වින්ඩෝ එක ලැබෙනු ඇත.


එහි delay (1000 ) ලෙස ඉහලින් සදහන්ව ඇත්තේ, Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය දැල්වී තිබෙන කාලය වන අතර, එහි delay (1000 ) ලෙස පහලින් සදහන්ව ඇත්තේ, Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය නිවී තිබෙන කාලයයි. මෙහි 1000 ලෙස සදහන්ව ඇත්තේ මිලි තත්පර වලිනි. මිලි තත්පර 1000 ක් යනු තත්පර එකකි. එනම් දැනට ඔබේ Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය තත්පර එකක කාලයක් දැල්වී තිබෙන බවත්, එකක කාලයක් නිවී තිබෙන බවත් ඔබට පෙනෙනු ඇත. දැන් අපි මෙම කාලය වෙනස් කර එය මයික්‍රෝ කන්ට්‍රෝලය වෙත අප්ලෝඩ් කර බලමු. ඉහලින් ඇති delay (1000 ) යන්න 5000 ලෙස වෙනස් කරන්න. ඉන්පසු පහලින් ඇති  delay (1000 ) යන්න 2000 ලෙස වෙනස් කරන්න. දැන් මෙම අගයන් මයික්‍රෝ කන්ට්‍රෝලය වෙත අප්ලෝඩ් කිරීම සදහා ඉහත පෙන්වා ඇති Upload බට්න් එක ක්ලික් කරන්න. Upload වී අවසාන වූ පසු, පහතින් Done Uploading යන්න දිස්වනු ඇත.

දැන්  Arduino බෝඩ් එක මත ඇති කහ පැහැති බල්බය තත්පර 5 ක කාලයක් දැල්වී  තිබෙන බවත්,  තත්පර 2 ක කාලයක් නිවී  තිබෙන බවත් ඔබට දැක ගන්නට පුළුවන් වේවි. යම් විදියකින් ඔබ කාලය වෙනස් කල ආකාරයට බල්බය නොදල්වේ නම් Software හෝ Drivers නිසි ආකාරව Install නොවී තිබෙන්නට පුළුවනි. එසේ වුව හොත් ඒවා නැවත Install  කරන්න. මේ ආකාරයට ඔබට කැමති පරිදි කාලය වෙනස් කරමින් මෙය අත්හදා බලන්න. මෙය තවදුරටත් වීඩියෝ දර්ශන මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.       

Thursday, June 2, 2016

ආඩුඊනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 07

මම අද  ඔබට කියල දෙන්නම් Arduino Board එකට අදාලව Software Settings සකසන්නේ කෙසේද කියලා. මුලින්ම Arduino Board එක ඔබේ පරිගණකය හා සම්බන්ධ කර, ඔබගේ පරිගණකයේ Desktop එකේ ඇති Arduino අයිකනය Double Click කරන්න. එවිට පහත පරිදි Arduino Software එක ඕපන් වේවි. මෙය හදුන්වන්නේ , Environment Page ලෙසිනි. අප යම්කිසි වැඩසටහනක් සෑදීමට කේත ලියන්නේ මෙම Environment Page එක තුලයි. ඉන්පසු එම කේත Arduino Board එකට Upload කරනු ලැබේ. ඒවා සිදුකරන කරය ඉදිරියේදී ඉදිරපත් කරනු ලැබේ.


Software Settings සැකසීමේදී අප මුලින්ම කලයුත්තේ අදාල Port එක තෝරා ගැනීමයි. ඒසදහා ඉහත රුපයේ පෙන්වා ඇති ආකාරයට Tools ක්ලික් කර Port යන්න සිලෙක්ට් කරන්න. එවිට පෙන්වන සබ් මෙනුවේ, Arduino Uno ලෙස සදහන්ව ඇති පොර්ට් එක සිලෙක්ට් කරන්න.

මීලගට අප Software එක තුලින් අදාල Board එක තෝරාගත යුතුයි. ඒ සදහා, Tools ක්ලික් කර Board යන්න සිලෙක්ට් කරන්න. අප භාවිතා කරන්නේ,Arduino Uno බෝර්ඩ් එකක් නිසා, එවිට ලැබෙන සබ් මෙනුවේ, Arduino Uno යන්න සිලෙක්ට් කරන්න. දැන් අප සියලුම මුලික සැකසුම් කර අවසන් වන අතර, මින් ඉදිරියට Environment Page එකට පිවිසෙන වාරයක් පාසා මෙම සැකසුම් කිරීම අවශ්‍ය නොවේ. Environment Page එක තුල කේත ලියා Upload කරන ආකාරය ඊලග පාඩමෙන් බලාපොරොත්තු වන්න.