Friday, August 21, 2015

Computer එකට 3D Desktop සාදාගමු.

ඉතින් අපගේ වෙබ් අඩවිය බලන   ගොඩක් අය ඉල්ලීම් කරනවා ඉලෙක්ට්‍රොනික් තාක්‍ෂණය ගැන තොරතුරු ලබාදෙනවා වගේම Computer Field  එක ගැනත් තොරතුරු ලබාදෙන්න කියලා....ඉතින් සෑම දේම සමබරව  ඉදිරිපත් කරන්න තමයි, අපගේ බලාපොරොත්තුව. අද මම ඉදිරිපත් කරන්නේ ඔබගේ Computer Desktop එක 3D View  එකකට හරවා ගන්නා ආකාරයයි. ඇත්තටම මේක මහා ලොකුදෙයක් නෙවයි. මේක කරන්නේ Desktop එක 3D View  එකකට  Software එකකින්.

මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන link එකෙන් download කරලා install කරන්න විතරයි තියෙන්නෙ. ඒ software එකේම පොඩි tutorial එකක් තියෙනවා වැඩ කරන්නෙ කොහොමද කියලා..

මේකෙ version 2ක් තියෙනවා free & pro කියලා. ඔන්න free use කරන අයට free එකයි crack එකත් එක්ක pro use කරන්න කැමති අයට
එකයි, මේ දෙකම පහල තිබෙනවා..

Pro Version එක සදහා පහත Link එක Click කරන්න.


Free Version එක සදහා පහත Link එක Click කරන්න.




Wednesday, August 19, 2015

Online Game ගහනවනම් මෙන්න සුපිරි Game එකක් .

මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින්. Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක. සමහර අයනම් දන්නවත් ඇති. නොදන්න කස්ටියට තමා කියන්නේ. Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො....

 මේ තමා Logo එක


 මේ තමා Rank ටික


 මේ තියෙන්නේ Play කරන Button ටික


ඉතින් දැන් ඔබට පුළුවන් මම පහතින් පෙන්නලා තිබෙන Link එක Click කරලා මෙම website එකට පිවිසෙන්න.
 http://tankionline.com/en/#friend=DSn4M2vwUCpQrJEXbgLk2J0lY57O2QzEvJRlphAEwFK9EHDRnwsL0gq135sPLd4V

Tuesday, August 4, 2015

Relay උපාංගය ගැන දැනගන්න.

ඉලෙක්ට්‍රොනික් පරිපත වල දැකිය හැකි තවත් ඉතා  වැදගත් උපාංගයක් තමයි රිලේ උපාංගය.ඉතින් මම ඉදිරියේදී ඉදිරිපත් කරන පරිපත කිහිපයකම මෙම රිලේ උපාංග තිබෙන නිසා මෙම රිලේ උපාංග වල  ක්‍රියාකාරිත්වය ගැන හොද අවබෝධයක් අනිවාර්යෙන්ම ඔබ ලබාගත යුතු වනවා. රිලේ උපාංගයක් කියල කියන්නේ කුමක්ද, කියා යමෙකු ඇසුවහොත් ඊට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි, විද්‍යුත් චුම්බක ස්විචයක් කියන එක. මෙම රිලේ උපාංග ඉලෙක්ට්‍රොනික් පරිපතවල මෙන්ම වාහන විදුලි පද්ධති තුලත් ඉතා බහුල වශයෙන් භාවිතා වනවා. ඉතින් මම දැන් ඔබට පැහැදිලි කරන්නම් මෙම රිලේ උපාංග වල ක්‍රියාකාරිත්වය සිදුවන්නේ කොහොමද කියලා... පහතින් මම පෙන්වල තිබෙන්නේ රිලේ උපාංගයක සාමාන්‍ය පෙනුම. එම රිලේ උපාංගයේ පාද 5 ක් තිබෙන බව ඔබ දකින්න ඇති. ඒ වගේම මෙම රිලේ උපාංග 12v ,9v ,6v  ආදී විවිධ වෝල්ටියතාවයන්ගෙන් ඔබට මිලට ගන්න පුළුවන්.

ඉතින් දැන් මම ඔබට පහතින් පෙන්වා තිබෙන්නේ ඉහත රිලේ උපාංගයම, පරිපතවල දක්වන සංකේතය. එහි ඔබට පෙනෙනවා ඇති, Coil එකක් එහෙමත්  නැත්නම් දගරයක් තිබෙන බව. මෙම දගරය ඔතා  තිබෙන්නේ මෘදු යකඩ කූරක් මතයි.  එම දගරයට ඉහතින් තිබෙන්නේ Contact Point දෙකක් සහිත ස්විචයක්. එහි එක Contact Point එකක් NC ( Normal Closed ) යනුවෙන් සදහන් කර ඇති අතර, අනෙක් Contact Point එක NO ( Normal Open ) යනුවෙන් සදහන් කර තිබෙනවා. ඒ වගේම C යනුවෙන් සදහන්  වන්නේ Common (පොදු ) අග්‍රයයි. උදාහරණයක් ලෙස අපි සිතමු, මෙය 12v  රිලේ උපාංගයක් කියා...අපි මෙම දගරයේ දෙකෙලවරට 12v ලබාදුන් විට මෙම දගරය විද්‍යුත් චුම්බකයක් බවට පත්වන අතර මෙම චුම්බල බලයෙන්, common අග්‍රයට සම්බන්ධ යකඩ ලීවරය පහතට ඇදී NO නම් Contact Point එක හා සම්බන්ද වේ. දගරයේ 12v විදුලි සැපයුම නතර කල විට චුම්බක බලය නැතිවීයාම හේතුවෙන් නැවතත්, common අග්‍රයට සම්බන්ධ යකඩ ලීවරයඉහලට ගොස් NC නම්  Contact Point එක හා සම්බන්ද වේ.

ඔබ යම්කිසි විදුලි උපකරණයක ස්විචය ගලවා, එම ස්විචයට සම්බන්ධ වයර් දෙකෙන් එක වයරයක් Common   අග්‍රයටත්, අනෙක් වයරය NO යනුවෙන් සදහන් Contact Point එකටත් සවිකර දගරයට 12v ලබාදුන් විට Common අග්‍රය සහ NO යනුවෙන් සදහන් Contact Point එක ලීවරය මගින් සම්බන්ධ වී අදාල උපකරණය ක්‍රියාත්මක වනු ඇත. ඒ වගේම 12v නතර කලවිට මෙම සම්බන්ධතාවය නැතිවී යාම හේතුවෙන් අදාල උපකරණයේ ක්‍රියාකාරිත්වය නතර වනු ඇත.

ඒවගේම මෙම රිලේ උපාංගය තවත් ආකාරයකටද භාවිතා කල හැක. එනම් යම්කිසි විදුලි උපකරණයක ස්විචය ගලවා, එම ස්විචයට සම්බන්ධ වයර් දෙකෙන් එක වයරයක් Common   අග්‍රයටත්, අනෙක් වයරය NC  යනුවෙන් සදහන් Contact Point එකටත් සවිකල  විට එම උපකරණය ක්‍රියාත්මක වේ.දගරයට 12v ලබාදුන් විට Common අග්‍රයට සම්බන්ධ ලිවරය  පහලට ඇදී  ගොස් common අග්‍රයත් NC නම් Contact Point එකත් අතර සම්බන්ධය ගිලිහීයාම හේතුවෙන් එම විදුලි උපකරණය ක්‍රියා විරහිත වේ. ඒවගේම 12v ලබාදීම නතර කල විට නැවතත් common අග්‍රයත් NC නම් Contact Point එකත් අතර සම්බන්ධය ඇති වී එම උපකරණය ක්‍රියාත්මක වේ.

දැන් ඔබට අවබෝධවී ඇති ,කෙසේද රිලේ උපාංගයක් ක්‍රියා කරන්නේ කියලා.....කෙසේ නමුත් යම්කිසි හෝ අපැහැදිලි තාවයක් තිබේ නම් පහත රුපය මගින්ද මෙය තවට් අවබෝධ කරගත හැකිවනු ඇත.

ඒ වගේම රිලේ උපාංගයක   Pin ,පහත පරිදි ඔබට හදුනාගන්න පුළුවන්.