පරිගණක කියන්නේ දවසින් දවස දියුණු වෙන ක්ෂේත්‍රයක්. මුල් කාලයේ
පරිගණකයක් සම්පූර්ණ කාමරයක් පිරෙන තරම් උපකරණයක් වුනත් අද සුපිරි පරිගණක
පවා ඉතාමත් කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කරන්නට නූතන තාක්ෂණය සමත් වෙලා. නීල්
ආම්ස්ට්‍රෝන් හඳට ගිය ඇපලෝ යානයේ තිබූ සුපිරි පරිගණකයට වඩා දස දහස් ගුණයක්
ප්‍රබල පරිගණකයක් තමයි ඔබේ කුඩා ජංගම දුරකථනය.
මේ විදියට දවසින් දවස ප්‍රබල කුඩා ප්‍රමාණයේ පරිගණක නිර්මාණය කරන්නට
මූලිකම හේතුව තමයි පරිගණකයේ ප්‍රධාන ප්‍රොෙසසෙරයේ ට්‍රාන්සිසටර් අතර පරතරය
කුඩා කළ හැකි වීම. ප්‍රොසෙසර ගැන කතා කරන විට අපට නිතැතින්ම මතක් වෙන්නේ
Intel සමාගම. ඉතින් මේ කියන්න යන්නේ Intel විසින් හඳුන්වාදුන් අපූරු කුඩා
පරිගණකයක් ගැනයි.
ඔබේ අත්ල මත තැබිය හැකි ඩොන්ගලයක තරමේ පරිගණකයක් නිපදවන්නට Intel සමාගම
සමත් වෙලා. Intel Compute Stick නමින් හැඳින්වෙන මේ පරිගණකයේ 32GB මතක
ධාරිතාවයක්, 2GB රැම් මතකයක් සමඟ USB, WiFi, Bluetooth 4.0 වැනි සියළුම
පහසුකම් වලින් සමන්විතයි. HDMI කේබලයක් හරහා ඔබේ රූපවාහිනියට හෝ පරිගණක
මොනිටරයකට සම්බන්ධ කර සම්පූර්ණ පරිගණකයක් ලෙස භාවිත කල හැකි වන අයුරින් මෙය
නිපදවා ඇත. ලිනක්ස් මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිතව වුවත් මිලදී ගත
හැකි මේ උපකරණය නුදුරේදීම ලංකාවේ වෙළඳපල තුලදී අපට දැකගන්නට හැකිවනු ඇත.


No comments:
Post a Comment