ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික විද්‍යාව මෙම වෙබ් අඩවිය ඔස්සේ ප්‍රයෝගික අත්හදාබැලීම් සහිතව ඉගෙනීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් ඔබගේ අදහස පහතින් comment කරන්න.
Tuesday, March 24, 2015
Sunday, March 22, 2015
ඔබගේ ෆෝන් බැටරිය ඉක්මනින් බහිනවද?
ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි තමන්ගේ ෆෝන් එකේ ඉක්මනින්ම battery low වෙනවා කියල කියන එක.අලුතෙන්ම මිලදී ගත ෆොනේ එකක වුවත් ඉතා කෙටි කලකින් මේ තත්වය ඇති වෙන්න පුළුවන්.ඇත්තටම මේ තත්වය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ තමන් ෆොනේ එක භාවිතා කරන වැරදි ආකාරය නිසා..Mobile Phone බැටරිය කියන්නේ Chargeable බැටරියක්,ඒ කියන්නේ නැවත නැවත ආරෝපණය කල හැකි බැටරියක්. ඉතින් මෙන්න මේ නැවත ආරෝපණය කරන එනම් නැවත charge කරන අවස්ථාව තමයි Mobile Phone බැටරියක ආයු කාලයට බෙහෙවින්ම බලපාන්නේ.
මෙම බැටරි කිසිම විටෙක බාගෙට බැස ඇති අවස්ථවන් හිදී charge කරන්න එපා. එසේ කිරීම මගින් ඔබගේ බැටරියේ ආයු කාලය අඩුවන අතර නිතරම ඒ ආකාරයට කිරීමෙන් ඉතා කෙටි කාලයක් තුල බැටරිය බැස යාමද සිදුවනවා. ඔබගේ බැටරිය Low Battery අවස්ථාවට පත් වූ විට පමණක් charge කිරීම මගින් බැටරිය වැඩි කාලයක් භාවිතා කල හැකියි.
Wednesday, March 18, 2015
Led තොරන් බල්බ එකලස් කිරීම.
අපේ රටේ වැඩියෙන්ම විදුලි ආලෝක සැරසිලි කරන්නේ මැයි මාසයේ කියල අපි ඔබ කව්රුත් දන්නවා...ඒ වෙසක් උත්සවය ඉලක්ක කරගෙන.ඉතින් මේ කාලයට වෙලදපොලේ වැඩිම ඉල්ලුමක් තිබෙන බල්බයක් තමයි 5w බල්බ්.එහෙමත් නැත්නම් මේ බල්බය ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ තොරන් බල්බ් කියල.. මෙම බල්බයට කොපමණ ඉල්ලුමක් තිබෙන වැඩ කියල කිව්වොත් වෙසක් දිනය වන විට මෙම බල්බයක් කඩේක සොයාගන්න වත් නැති තරම්.
සාමාන්‍යයෙන් මේ තොරන් බල්බ් වල ආවරණය විදුරු වලින් තමයි නිමවල තියෙන්නේ. ඇතුලේ තිබෙන්නේ සම්ප්‍රදායික පිලමන්ට් එකක්.
නමුත් Led විදුලි බල්බ වේගයෙන් ජනප්‍රිය වීමත් සමගම මෙම තොරන් බල්බත් දැන් Led වලින් එකලස් කරන්න පුළුවන්. ඒ සදහා දැන් ප්ලාස්ටික් වලින් නිමවන ලද බල්බ ආවරණයක්ද වෙළද පොලේ තිබෙනවා... ඉතින් මම අද කියල දෙන්නම් කොහොමද Led තොරන් බල්බයක් එකල කර ගන්නේ කියලා...

අවශ්‍ය උපාංග
* 47 uf 400v කැපසිටර් - 01
* 100 uf 16v කැපසිටර් - 01
* IN 4007 ඩයෝඩ්( රෙක්ටිෆයර් ) - 02
* 1 M ඕම්ස් රෙසිස්ටර් - 01
* 1 K ඕම්ස් රෙසිස්ටර් - 01
* ඕනෑම පාටක Led බල්බ් - 02
47 uf 400v කැපසිටර්
100 uf 16v කැපසිටර්
IN 4007 ඩයෝඩ්( රෙක්ටිෆයර් )
1 M ඕම්ස් රෙසිස්ටර්
1 K ඕම්ස් රෙසිස්ටර්
ඕනෑම පාටක Led බල්බ්
උපකරණ හදුනාගැනීම
.47 uf 400v කැපසිටර් එකෙහි, කැපසිටර් එක මත 474 400v යනුවෙන් සදහන්ව ඇත. 474 යනු කෝඩ් එකකි. මෙහි පාද දෙකක් ඇති අතර + - භේදයක් නොමැත.
100 uf 16v කැපසිටර් එකෙහි 100 uf 16v ලෙස එහි බදෙහි සදහන්ව ඇති අතර මෙහි පාද දෙකක් වේ. දිග පාදය + පාදය වන අතර කොට පාදය - පාදය වේ. - පාදය අසල බදෙහි ද - ලකුණ සදහන් කර ඇත.
IN 4007 ඩයෝඩ්( රෙක්ටිෆයර්) - 02 හි IN 4007 ලෙස සටහන්ව ඇති අතර මෙහි පාද දෙකකි. එහි බදෙහි සුදුපාට වර්ණ තීරුවක් ඇති පැත්තේ පාදය + පාදය වන අතර අනෙක් පාදය - පාදය වේ.
1 M ඕම්ස් රෙසිස්ටර් එකෙහි එහි අගය සදහන්ව ඇත්තේ වර්ණ තීරු මගිනි.එම වර්ණ තීරු දුබුරු,කලු,කොළ ලෙස සටහන්ව ඇති අතර පාද දෙකෙහි + - භේදයක් නොමැත.
1 K ඕම්ස් රෙසිස්ටර් එකෙහි එහි අගය සදහන්ව ඇත්තේ වර්ණ තීරු මගිනි.එම වර්ණ තීරු දුබුරු,කලු,රතු ලෙස සටහන්ව ඇති අතර පාද දෙකෙහි + - භේදයක් නොමැත.

Led බල්බ් වල දිග පාදය + පදය වන අතර කොට පාදය - පාදය වේ.
එය පහත රුපයෙන් තවත් පැහැදිලි කර ගන්න.
Led තොරන් බල්බ එකලස් කිරීම Video මගින්
උපාංග ලබාගත හැකි ස්ථාන...
බල්බ ආවරණ විවිධ වර්ණ වලින් මිලදීගත හැක.
Saturday, March 14, 2015
එදිනෙදා ජිවිතයට වැදගත්වන සාමාන්‍ය දැනීම 02
ඔබගේ වාහනයේ තිරිංග ලාම්පු (Brake Light ) දැල්වෙන්නේ නැද්ද?
වාහනයක් පාවිච්චි කරන ඔබට මේවගේ දේවල් දැනගෙන සිටීම ගොඩක් වැදගත් වේවි. වාහනයක අත්‍යාවශ්‍යම අංගයක් තමයි තිරිංග ලාම්පු. කාලයක් ගියාම එක තිරිංග ලාම්පුවක් දැල්වෙන්නේ නැත්නම් අපි දන්නවා ඒ බල්බය පිලිස්සිලා කියල..ඉතින් බොහොම පහසුවෙන් අපිට එම බල්බය වෙනුවට අලුතින් බල්බයක් යොදන්න පුළුවන්...
ඒත් තිරිංග ලාම්පු දෙකම දැල්වෙන්නේ නැත්නම් අපිට දෙපාරක් හිතන්න වෙනවා. මොකද බල්බ දෙකම එකවර පිලිස්සියාමේ සම්භාවිතාවය ගොඩක් අඩු නිසාවෙන්.සමහර විට බල්බ දෙකම එකවර පිලිස්සියන්නත් පුළුවන්..ඒත් බල්බ දෙක හොද නම් තිරිංග ලාම්පු දැල්වෙන්නේ නැත්තේ ඇයි? ඕනෑම වාහනයක තිරිංග ලාම්පු පරිපථයේ Switch එකක් තියෙනවා. අපි Brake පැඩලය පාගන විට මෙම Switch එක On වීම මගින් තමයි තිරිංග ලාම්පු දැල්වෙන්නේ..පහත රුප මගින් ඔබට මෙහි ක්‍රියාකාරිත්වය හොදට තේරුම් ගන්නට පුළුවන් වේවි. ඉතින් මෙම Switch එකත් කාලයක් යනවිට අක්‍රිය වෙනවා.ඒ නිසා තමයි බල්බ හොද තත්වයේ තිබියදීත් තිරිංග ලාම්පු නොදැල් වෙන්නේ,..ඉතින් මේවගේ අවස්ථාවක ඔබට කරන්න තියෙන්නේ මෙම Switch එක ගලවාගෙන ගොස් අලුතින් Switch එකක් ගෙනැවිත් සවිකරන එකයි. එහෙම කලොත් ඔබට වැය වෙන්නේ Switch එක සදහා පමණයි.ඉතින් හිතන්න මේවගේ දේවල් සංකීර්ණ වගේ පෙනුනට මොනතරම් සරලද කියලා........

Monday, March 9, 2015
ඔන්ලයින් ගුවන්විදුලි සේවයක් පටන් ගනිමු...
අපි දන්නවා අන්තර්ජාලයේ ඔන්ලයින් ගුවන්විදුලි සේවා රාශියක් තිබෙන බව..ඉතින් දැන් ඔයාලටත් පුළුවන් ඔන්ලයින් ගුවන්විදුලි සේවයක් එහෙමත් නැත්නම් වෙබ් රේඩියෝ එකක් අත්හදා බලන්න. www.iradeo.com කියන වෙබ් අඩවියෙන් ඔබට මෙම සේවාව ලබා ගත හැකයි. මෙම සේවාව මුදල් ගෙවා ලබා ගත යුතු වුනත් ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති, 25MB ධාරිතාවයකින් යුත් Free Version එකෙන් ඔබට අත්හදා බැලීමට ඔන්ලයින් ගුවන්විදුලි සේවයක් ඔබට ආරම්භ කල හැක.
මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න....
Friday, March 6, 2015
TV චැනල් දහස් ගණනක් ඔන් ලයින් බලමු......
දැන් ඔයාලට පුළුවන් TV චැනල් දහස් ගණනක් ඔන් ලයින් බලන්න. Readon TV Movie Player එක පහත ලින්ක් එකෙන් ගිහින් Install කරගන්න. මෙම Readon TV Movie Player එකට Support කරන Operating Systems මම පහත දක්වා තිබෙනවා..
http://www.bestfreewaredownload.com/a-readon-technology-14805-freeware.html
- Windows Vista 32/64 bit
- Windows XP 32/64 bit
- Windows 7
http://www.bestfreewaredownload.com/a-readon-technology-14805-freeware.html
Tuesday, March 3, 2015
බූස්ටර් ඇන්ටනා නිෂ්පාදනය.
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ වෙලදපොලේ සීඝ්‍ර ඉල්ලුමක් ඇති බූස්ටර් ඇන්ටනා
කොහොමද හදන්නේ කියල...මේක ස්වයං රැකියාවක් විදියට ඉහල ආදායමක් ලබන්න
පුළුවන් දෙයක්.සාමාන්‍යයෙන් මෙම ඇන්ටනාවක වෙලදපොලේ විකුණුම් මිල රු.1750
පමණ වනවා..ඇත ඔබට මෙම ඇන්ටනාව රු.1000 ට අඩුවෙන් හදාගන්න පුළුවන්...තව
දෙයක් තමයි මෙම ඇන්ටනාවේ බූස්ටර් සර්කිට් එක ඔබටම හදා ගන්නත් පුළුවන්, එහෙම
නැත්නම් හදපු බුස්ටර් සර්කිට් එක කඩෙන් අරන් දාන්නත් පුළුවන්.. මෙම ක්‍රම
දෙකම මම ඔබට පහතින් ඉදිරිපත් කරලා ඇති..
ඇන්ටනා පෙට්ටි ආවරණ 01
Power Supply ආවරණ 01
ඇන්ටනා සර්කිට් 01
u බෝල්ට් 01
ඇන්ටනා ජැක් 03
ඇන්ටනා වයර් අවශ්‍ය පමණ.
ඇන්ටනා පෙට්ටි ආවරණ 01
Power Supply ආවරණ 01
ඇන්ටනා සර්කිට් 01
u බෝල්ට් 01
ඇන්ටනා ජැක් 02
ඇන්ටනා වයර් අවශ්‍ය පමණ.
අඩි 3 දිග ඇන්ටනා බට 02 (ඇලුමිනියම්)
අහල් 6 දිග අගල් 1/2 ඇලුමිනියම් බට කැබලි 2
ඇන්ටනාව එකලස් කරන ආකාරය.
Power Suppply සර්කිට් එක
Power Suppply සර්කිට් එකේ ට්‍රාන්ස්ෆෝමරය සදහා 12v මිලි ඇම්පියර් 300 පමණ එකක් භාවිතා කරන්න.
මෙම ඇන්ටන වයරයේ දෙකෙලවරට ඇන්ටනා ජැක් දෙකක් සවිකරන්න.
ඇන්ටනාව සවිකරන ආකාරය.
ඇන්ටනාවේ බුස්ටර් සර්කිට් එක ඔබම සාදා ගන්නේ නම් පහත සර්කිට් එක භාවිතා කරන්න.
MT යනුවෙන් සදහන්ව ඇත්තේ මැචින් ට්‍රාන්ස්ෆොමරයකි.
පහත පරිදි වටේට තහඩුවක් පාස්සා උපාංග ඇති පැත්තට ෆයිබර් ගම් වක්කරන්න.
සියලුම කොයිල් සදහා 21 SWG කොයිල් කම්බි වලින් මිලිමීටර් 4 විෂ්කම්භය සිටිනසේ පොටවල් 20 ඔතා ගන්න.
උපාංග ලබා ගත හැකි ස්ථාන,
Kumarasinha Radio,
87/3 & 6, Crystal Plaza,
First Cross Street,
Colombo 11.
Tel, 011 2478337
උපාංග ලබා ගත හැකි ස්ථාන,
Kumarasinha Radio,
87/3 & 6, Crystal Plaza,
First Cross Street,
Colombo 11.
Tel, 011 2478337
පෙට්ටි නිර්මාණය සදහා පහත රුපයෙන් අදහසක් ලබා ගන්න.
Monday, March 2, 2015
12 Volt කාර් බැටරි චාජර් සෑදීම...
වාහනයක් තිබෙන ඕනෑම ගෙදරක තිබිය යුතු උපකරණයක් තමයි බැටරි චාජරය...නැත්නම් හදිසියෙන් හරි ඔබගේ වාහනයේ බැටරිය බැසපු අවස්ථාවක් වුනොත් බැටරිය ගලවාගෙන තවත් වාහනේක දාගෙන බැටරි චාජ් කරන තැනක් සොයාගෙන යන්න වෙනවා...මේ බැටරි චාජරය හදන්න හරිම පහසුයි.
අවශ්‍ය උපාංග
12v 5A full Wave ට්‍රාන්ස්ෆෝමර් 01
5A Rectifier 02
බැටරි ක්ලිප් 02
5A ප්ලග් 01
5A Rectifier 02
බැටරි ක්ලිප් 02
5A ප්ලග් 01
12v 5A full Wave ට්‍රාන්ස්ෆෝමර් 01
5A Rectifier 02
බැටරි ක්ලිප් 02
පහතින් දැක වෙන්නේ බැටරි චාජරයේ පරිපතයයි.
A යනුවෙන් ඇති ස්ථාන 2 ට ප්ලග් එකක් සවිකර 230v ලබාදෙන්න. B (-) සහ B + ස්ථාන වලට බැටරි ක්ලිප් දෙකක් සවි කර බැටරිය සම්බන්ධ කරන්න.
බැටරිය චාර්ජ් කරන විට බැටරියේ පියන් 6 ම අරින්න.එම ස්ථාන 6 යෙන්ම බැටරි ඇසිඩ් තුලින් බුබුළු නැගී නම් බැටරිය චාර්ජ් වී අවසානයි.
බැටරිය චාර්ජ් කරන විට බැටරියේ පියන් 6 ම අරින්න.එම ස්ථාන 6 යෙන්ම බැටරි ඇසිඩ් තුලින් බුබුළු නැගී නම් බැටරිය චාර්ජ් වී අවසානයි.
Sunday, March 1, 2015
Subscribe to:
Comments (Atom)