Friday, August 18, 2023

Regulated Dual Power Supply...

 

12v Dual Power Supply පරිපථයක්  පහතින් දක්වා ඇති අතර, මෙම පරිපථයේ පෙන්වා ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 1 පමණ 15v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. පරිපථයේ පෙන්වා ඇති 7812 සහ 7912 Regulated IC උපාංග සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතු අතර, පරිපථයේ F1 ලෙස පෙන්වා ඇත්තේ, මිලි ඇම්පියර් 500 ක Fuse එකකි.

Monday, February 20, 2023

Automatic Power Off Circuit...


පහතින් පෙන්වා තිබෙන්නේ, යම්කිසි විදුලි උපකරණයක් යම්කිසි කාලයකදී ස්වයන්ක්‍රීයව නිවා දැමිය හැකි පරිපථයකි. ඉතා බහුල වශයෙන් භාවිතා කරන Multi Vibrator IC උපාංගයක් වන NE 555 IC උපාංගය සහ BT 136 Triac උපාංගයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර, පරිපථය ON වී තිබෙන කාලය පරිපථයේ ඇති C2 ලෙස සදහන්ව ඇති ඉලෙක්ට්‍රෝලයිටික් කන්ඩෙන්සරයේ අගය මත රදා පවතී. පරිපථයේ යොදා ඇත්තේ 1000uf  ඉලෙක්ට්‍රෝලයිටික් කන්ඩෙන්සරයක් වන අතර මෙහිදී විනාඩි 20 පමණ පරිපථය ON වී පවතී. පරිපථයේ Output / Load ලෙස සදහන් ස්ථානයට වොට් 200 ට අඩු ඕනෑම විදුලි උපකරණයක් සවිකර, පරිපථයට 230v විදුලිය සපයා පරිපථයේ ඇති S1 ස්විචය ඔබන්න. එවිට ඔබ සවිකළ විදුලි උපකරණයට විදුලිය සැපයෙන අතර යම්කිසි කාලයකදී ස්වයන්ක්‍රීයව එම විදුලි උපකරණය Off වනු ඇත.

Monday, January 9, 2023

කැමරා 16 ක CCTV පද්ධතියක් සදහා ගැලපෙන Power Supply එකක්...

 

අද මම ඔබට හදුන්වා දෙන්නේ, කැමරා 16 ක CCTV පද්ධතියක් සදහා ගැලපෙන 12v ඇම්පියර් 10 ක  Common විදුලි සැපයුම් ඒකකයක් (Power Supply Unit ) එකක්. මෙම Power Supply එක භාවිතා කිරීමේදී, සෑම කැමරාවක් ලගම වෙනවෙනම Power Supply සවිකල යුතු වන්නේ නැහැ. DVR එක අසලම Power Supply සවි කර, පහතින් පෙන්වා ඇති ආකාරයේ RG 59 CCTV කේබල් එකක් භාවිතා කල විට මෙම කාර්ය ඉතාමත් පහසු වනවා. එම කේබලයේ Coaxial කොටස BNC ජැක් එකටත්, රතු සහ කලු වයර් දෙක කාමර වලට විදුලිය ගෙනයාම සදහාත් භාවිතා කල හැක.



Saturday, November 19, 2022

24W Hi Fi Stereo Amplifier...

 

ඉතාමත් අනර්ග  Hi Fi Stereo  Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙහි Out Put එක එක චැනල් එකකින් 12w බැගින් චැනල් දෙකෙන් 24w වනවා. TDA 2616 IC උපාංගය මගින් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වන අතර ස්පිකර් සදහා 15w ඕම්ස් 8 ස්පිකර් දෙකක් භාවිතා කල හැක. IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් යෙදීමටද අමතක නොකරන්න.



Tuesday, September 27, 2022

රෙසිස්ටර් වල අගය සොයාගන්න ලේසිම ක්‍රමයක්...

 

මේක ඉලෙක්ට්‍රොනික් දැනුම අඩු අයට ඉතාම වටිනා දෙයක්..ගොඩක් ඉලෙක්ට්‍රොනික් උපාංග මත එහි අගය මුද්‍රණය කර තිබුනත් රෙසිස්ටර් වල අගය දැක්වෙන්නේ රෙසිස්ටරය මත  මුද්‍රණය කර ඇති වර්ණ තීරු වලින්. මෙම වර්ණ තීරු වලින් එහි අගය හදුනාගැනීමට වෙනමම කේත ක්‍රමයක් තිබුනත් ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට අලුතෙන් පිවිසුන කෙනෙකුට එය ටිකක්  තේරුම් ගැනීම සංකීර්ණ වනවා..ඉතින් ඒ අය සදහා පහසුවෙන්ම රෙසිස්ටර් වල අගය සොයා ගැනීම සදහා Online Resistor Colour Code Calculator ක් මම ඉදිරිපත් කරන්න සිතුවා..

පහත දක්වා ඇති ලින්ක් එකෙන් Online Resistor Colour Code Calculator ට පිවිසෙන්න. ඉන් පසු ඔබට අගය සෙවීමට අවශ්‍ය රෙසිස්ටරයේ ඇති වර්ණ තීරු 4 තෝරන්න. එවිට Resistance Value: යන්න ඉදිරියෙන් රෙසිස්ටරයේ අගය දර්ශනය වනු ඇත.

Tuesday, July 26, 2022

Led Spot Lamp නිෂ්පාදනය...

 

Led විදුලි පහන් විවිධ මාදිලි වලින් නිෂ්පාදනය කිරීමේ හැකියාව දැන් අපට ලැබී තිබෙනවා.මම මිට කලින් ඔබට ඉදිරිපත් කලා,Led ගෘහස්ත විදුලි පහන් නිෂ්පාදනය,Led තෝරන් බල්බ් නිෂ්පාදනය,Led Flash Light නිෂ්පාදනය,Led Tube Light නිෂ්පාදනය. ඉතින් දැන් ඔබට හොද අවබෝධයක් ඇති,Led විදුලිපහන් නිෂ්පාදනයේ මුලික සංකල්ප ගැන.
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ Led Spot Lamp නිෂ්පාදනය කරන ආකාරයයි.මෙම Led Spot Lamp, බහුල වශයෙන් වියාපාරික ස්ථාන සදහා යොදාගනු ලබනවා.වෙළද සැල් වල ඇතුලත හා Show Case ආලෝකකරණය සදහාත්,විසිතුරු ආලෝකකරණය සදහාත් යොදාගනු ලබනවා.මෙහිදී සිදුවන්නේ Led බල්බයේ ආලෝකය එයට සවිවන කාචයක් මගින් ස්ථානගත කිරීමයි. මේ සදහා අවශ්‍ය සියලු උපාංග දැන් වෙළද පොලෙන් ඔබට මිලට ගත හැකියි.

පහත තිබෙන්නේ එම උපාංග කට්ටලයයි.Led ගෘහස්ත විදුලි පහන් එකලස් කර ඇති ඔබට,මෙය එකලස් කරගැනීම ඉතා පහසු කාර්යයක් වනු ඇති.
මෙම උපාංග කට්ටලය,පහත සදහන් ස්ථානයෙන් ඔබට මිලට ගත හැක.

Digital Electronics,
First Floor,
Wickrama  Plaza Building,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2321710   

Saturday, June 18, 2022

Mini Amplifier Circuit ...

  

වොට් දෙකක Output එකකින් යුතු Mini Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර, TDA  7052 IC උපාංගය ආධාරයෙන් මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 6v වේ. පරිපථයේ R1 ලෙස දක්වා ඇත්තේ 4.7K  Volume Controller එකක් වන අතර, වෙළදපොලේ 4.7K  Volume Controller සොයාගැනීමට අපහසු නම් 5K  Volume Controller එකක් වුවද භාවිතා කල හැක. ස්පීකරය සදහා වොට් 2 ට වැඩි ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න.

Tuesday, May 24, 2022

රිමෝට් ටෙස්ටරයක් සාදමු...

 

අප එදිනෙදා භාවිතා කරනු ලබන,රූපවාහිනී,සෙටප්,DVD ප්ලේයර්,වායු සමීකරණ යන්ත්‍ර,ආදී මෙකී නොකී සෑම උපකරනයකටම දුරස්ථ පාලකයක් තිබෙනවා..ඉතින් මෙම රිමෝට් එක ටික කලක් භාවිතා කරනකොට එහි ක්‍රියාකාරිත්වය අඩපන වන එක සාමාන්‍ය දෙයක්..එම අවස්ථාවේදී අපට හරියටම නිශ්චය කරගන්න බැහැ, එය රිමෝට් එකේ වරදක්ද,එහෙමත් නැත්නම් උපකරණයේ වරදක්ද කියලා..මෙය හරියටම දැනගන්න නම් එම මාදිලියේම උපකරණයක් හෝ එම මදිලියේම රිමෝට් එකක් තිබිය යුතු වනවා.. ඉතින් එම නිසා අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඕනෑම රිමෝට් එකක්  Test කරගන්න,රිමෝට් ටෙස්ටරයක් සාදාගත හැකි පරිපථයක්.
එම පරිපථයේ 78L05 කියල සදහන් කරලා තිබෙන්නේ මම මිට කලින් ඔබට ඉදිරිපත් කරන ලද 12v - 5v කරන පරිපථයේ ඇති ආකාරයේ 7805 කියන Regulator උපාංගයකි. ඒ වගේම 100n කියලා සදහන් කරලා තිබෙන්නේ,100nf (104) Capacitor දෙකක්. තවද R1 යනුවෙන් සදහන් වන්නේ 100 ohms රෙසිටරයක් වන අතර C3 ලෙස සදහන් වන්නේ 4.7uf (16v) Electrolytic Capacitor එකකි.පරිපථයේ සදහන් ආකාරයට එහි පට කර පෙන්වා ඇති පාදය - පාදය වේ.එය බැටරියේ - ස්ථානය හා සම්බන්ධ කරන්න.
මෙම පරිපථයේ ඇති  තවත් උපාංග දෙකක් තමයි,BZ 1 ලෙස සදහන් උපාංගය සහ IC2  ලෙස සදහන් උපාංගය. BZ 1 ලෙස සදහන් වන්නේ, බසරයක්.එනම් බීප් ශබ්දයක් නිකුත් කරන උපාංගයක්.පහතින් තිබෙන්නේ බසරයක් රුපයක්.
ඒවගේම IC2  ලෙස සදහන් වන්නේ IR සෙන්සර් එකක්.එනම් රිමෝට් එකෙන් නිකුත් කරන අධෝරක්ත කිරණ ග්‍රහණය කරගන්නේ මෙම IR සෙන්සර් එක මගින් තමයි.එම IR සෙන්සර් එකක සාමාන්‍ය පෙනුම පහත රූපයේ පරිදි වනවා..
පරිපථය සාදා ගැනීමෙන් අනතුරුව එයට 9v විදුලියක් ලබාදෙන්න.ඒ සදහා ඔබට 9v බැටරියක් භාවිතා කරන්න පුළුවන්.ඉන් පසු ඔබට පරික්ෂ කරගැනීමට අවශ්‍ය රිමෝට් එක ගෙන,පරිපථයේ IR සෙන්සර් එක දෙසට එල්ල කර රිමොටේ එකේ Buttons ප්‍රෙස් කරන්න.රිමෝට් එක හොදින් ක්‍රියා කරයි නම් එවිට පරිපථයේ ඇති බසරයෙන් බීප් හඩක් නිකුත්වනු ඇත.
මෙම පරිපතයට අවශ්‍ය සියලුම උපාංග ලංකාවේ ප්‍රධාන නගර වල ඇති ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සල් වලින් ලබාගත හැක

Sunday, May 8, 2022

Single Chip FM Radio Circuit...

 


For L1 and L2 wind 5 turns of 0.6 mm enameled Copper wire on a 4 mm dia plastic former.

Monday, April 25, 2022

Touch on & off Circuit ....

 

මම අද ඔබට ඉදිරිපත්කරන්නේ Touch on & off පරිපථයකි. මෙම පරිපථය NE 555 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර පරිපථය අවම උපාංග ගණනකින් සමන්විත වීම විශේෂත්වයක් වනවා. මෙම පරිපථයේ දක්වා ඇති 12v රිලේ උපාංගයට බල්බයක් හෝ ඕනෑම විදුලි උපකරණනයක් සවිකර පරිපථයේ ඇති Touch Plate එක Touch කිරීම මගින් එම බල්බය හෝ විදුලි උපකරණය On කිරීම සහ Off කිරීම සිදුකල හැක. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 12v වෝල්ටීයතාවයක් ලබාදිය යුතුවේ.




Saturday, April 23, 2022

ඩිජිටල් මල්ටිමිටරය භාවිතා කරන ආකාරය

 

ඩිජිටල් මල්ටිමිටරයෙන් ඩයෝඩ් පරික්ෂා  කරන ආකාරයත්, ට්‍රාන්ස්ෆෝමර් පරික්ෂා කරන ආකාරයත්, DC වෝල්ටීයතාවයන් සහ AC වෝල්ටීයතාවයන් මනින ආකාරයත් පහත Video එක තුලින් මම ඔබට ඉදිරිපත් කර තිබෙනවා. ඇනලොග් මල්ටිමිටරය භාවිතා කරන ආකාරය පිළිබද ව ඔබට දැන් හොද අවබෝධයක් සහ දැනුමක් තිබෙන නිසා ඩිජිටල්  මල්ටිමිටරය භාවිතා කරන ආකාරය තේරුම් ගැනීමට ඔබට එතරම් අපහසුවක් නොවනු ඇති.   

 

Monday, April 4, 2022

Compact Florescent Lamp (CFL) Circuit...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ CFL විදුලි පහන් පරිපතයයි. මෙම පරිපථය CFL විදුලි පහන් අලුත්වැඩියා කරන අයට බොහොම වැදගත් පරිපථයක් වේවි.  





Saturday, April 2, 2022

Regulated Dual Power Supply...

 

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, Regulated Dual Power Supply පරිපථයකි. මෙම පරිපථයේ විශේෂත්වය වන්නේ, 12v සැපයුම් දෙකක් සහ 5v සැපයුම් දෙකක් වෙන වෙනම ලබාගත හැකි වීමයි. මෙම පරිපථය සදහා 7805 Regulator IC උපාංග දෙකක් සහ 7812  Regulator IC උපාංග දෙකක් භාවිතා කර ඇති අතර, 15v ඇම්පියර් 12 ක ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුවේ. පරිපථය ක්රියත්නක කිරීමේදී, Regulator IC උපාංග රත්වන බැවින් ඒවා සදහා Heat Sink දීම අනිවාර්යෙන්ම සිදුකල යුතුවේ.



Sunday, March 20, 2022

50w Amplifier Using STK IC...

 

පහතින් පෙන්වා තිබෙන්නේ, STK පන්තියේ IC උපාංගයක් වන STK 084 IC උපාංගය යොදා ගනිමින් නිර්මාණය කර ඇති   Amplifier පරිපථයක්. මෙහි Out Put එක 50w වනවා. මේ සදහා ඕම්ස් 8 වොට් 60 ක පමණ ස්පීකරයක් භාවිතා කල හැක. මෙම  Amplifier එක සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 28v වේ. IC උපාංගය සදහා Heat Sink එකක් යෙදීමද අනිවාර්යෙන්ම කල යුතු වේ.


Saturday, March 12, 2022

12v & 5v Combo Power Supply...

 

පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ, එකම පරිපථයක් තුලින් 12v සහ 5v වශයෙන් වෝල්ටීයතාවයන් දෙකක් ලබාගත හැකි Power Supply පරිපථයක්. මෙහි ප්‍රධාන වශයෙන් LM 7805 සහ LM 7812 Regulator IC උපාංග දෙකක් භාවිතා කර ඇති අතර, ට්‍රාන්ස්ෆෝමරය සදහා 15v 1A ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුය. LM 7805 සහ LM 7812 Regulator IC උපාංග දෙක සදහා Heat Sink දීමටද අමතක නොකළ යුතුයි.








Saturday, March 5, 2022

30w Stereo Amplifier...

 

TDA 4935 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති තවත් Stereo Power Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. ස්පිකර් සදහා ඕම්ස් 4, වොට් 15 ට වැඩි ස්පිකර් දෙකක භාවිතා කල හැකි අතර, පරිපථය සදහා ඇම්පියර් 2 ක පමණ වෝල්ට් 24 ක වෝල්ටීයතාවයක් සැපයිය යුතුවේ. පරිපථයේ R3 සහ R4 ලෙස පෙන්වා ඇත්තේ 47K Stereo Volume Control එකක් වන අතර, 47K Stereo Volume Control වෙලදපොලේ සොයාගැනීමට අපහසු හෙයින් 50K Stereo Volume Control එකක් වුවද භාවිතා කල හැක.

Monday, February 28, 2022

Bird Sound Door Bell

 

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, AC 187 ට්‍රාන්සිස්ටර් දෙකකින් යුතු කුරුළු නාදයක් උත්පාදනය කරන දොර සීනු පරිපථයකි. මිලිඇම්පියර් 250 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් මේ සදහා භාවිතා කල හැකි අතර ස්පිකරය සදහා ඕම්ස් 8 ප්‍රමාණයේ 1w ස්පීකරයක් භාවිතා කරන්න. මෙහි ඉහල පෙන්වා ඇති ආකාරයේ කුඩා ප්ලාස්ටික් ආවරණයක් සාදා ගත හොත්, ස්වයන් රැකියාවක් ලෙස මෙම Door Bell එක වෙළද පොලට පවා ඉදිරිපත් කල හැක.