Led විදුලි පහන් විවිධ මාදිලි වලින් නිෂ්පාදනය කිරීමේ හැකියාව දැන් අපට ලැබී තිබෙනවා.මම මිට කලින් ඔබට ඉදිරිපත් කලා,Led ගෘහස්ත විදුලි පහන් නිෂ්පාදනය,Led තෝරන් බල්බ් නිෂ්පාදනය,Led Flash Light නිෂ්පාදනය,Led Tube Light නිෂ්පාදනය. ඉතින් දැන් ඔබට හොද අවබෝධයක් ඇති,Led විදුලිපහන් නිෂ්පාදනයේ මුලික සංකල්ප ගැන.
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ Led Spot Lamp නිෂ්පාදනය කරන ආකාරයයි.මෙම Led Spot Lamp, බහුල වශයෙන් වියාපාරික ස්ථාන සදහා යොදාගනු ලබනවා.වෙළද සැල් වල ඇතුලත හා Show Case ආලෝකකරණය සදහාත්,විසිතුරු ආලෝකකරණය සදහාත් යොදාගනු ලබනවා.මෙහිදී සිදුවන්නේ Led බල්බයේ ආලෝකය එයට සවිවන කාචයක් මගින් ස්ථානගත කිරීමයි. මේ සදහා අවශ්‍ය සියලු උපාංග දැන් වෙළද පොලෙන් ඔබට මිලට ගත හැකියි.
පහත තිබෙන්නේ එම උපාංග කට්ටලයයි.Led ගෘහස්ත විදුලි පහන් එකලස් කර ඇති ඔබට,මෙය එකලස් කරගැනීම ඉතා පහසු කාර්යයක් වනු ඇති.
මෙම උපාංග කට්ටලය,පහත සදහන් ස්ථානයෙන් ඔබට මිලට ගත හැක.
Digital Electronics,
First Floor,
Wickrama Plaza Building,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2321710

