Tuesday, March 29, 2022
Sunday, March 20, 2022
50w Amplifier Using STK IC...
පහතින් පෙන්වා තිබෙන්නේ, STK පන්තියේ IC උපාංගයක් වන STK 084 IC උපාංගය යොදා ගනිමින් නිර්මාණය කර ඇති Amplifier පරිපථයක්. මෙහි Out Put එක 50w වනවා. මේ සදහා ඕම්ස් 8 වොට් 60 ක පමණ ස්පීකරයක් භාවිතා කල හැක. මෙම Amplifier එක සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 28v වේ. IC උපාංගය සදහා Heat Sink එකක් යෙදීමද අනිවාර්යෙන්ම කල යුතු වේ.
Saturday, March 12, 2022
12v & 5v Combo Power Supply...
පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ, එකම පරිපථයක් තුලින් 12v සහ 5v වශයෙන් වෝල්ටීයතාවයන් දෙකක් ලබාගත හැකි Power Supply පරිපථයක්. මෙහි ප්‍රධාන වශයෙන් LM 7805 සහ LM 7812 Regulator IC උපාංග දෙකක් භාවිතා කර ඇති අතර, ට්‍රාන්ස්ෆෝමරය සදහා 15v 1A ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුය. LM 7805 සහ LM 7812 Regulator IC උපාංග දෙක සදහා Heat Sink දීමටද අමතක නොකළ යුතුයි.
Saturday, March 5, 2022
30w Stereo Amplifier...
TDA 4935 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති තවත් Stereo Power Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. ස්පිකර් සදහා ඕම්ස් 4, වොට් 15 ට වැඩි ස්පිකර් දෙකක භාවිතා කල හැකි අතර, පරිපථය සදහා ඇම්පියර් 2 ක පමණ වෝල්ට් 24 ක වෝල්ටීයතාවයක් සැපයිය යුතුවේ. පරිපථයේ R3 සහ R4 ලෙස පෙන්වා ඇත්තේ 47K Stereo Volume Control එකක් වන අතර, 47K Stereo Volume Control වෙලදපොලේ සොයාගැනීමට අපහසු හෙයින් 50K Stereo Volume Control එකක් වුවද භාවිතා කල හැක.
Subscribe to:
Comments (Atom)









