Monday, February 28, 2022

Bird Sound Door Bell

 

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, AC 187 ට්‍රාන්සිස්ටර් දෙකකින් යුතු කුරුළු නාදයක් උත්පාදනය කරන දොර සීනු පරිපථයකි. මිලිඇම්පියර් 250 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් මේ සදහා භාවිතා කල හැකි අතර ස්පිකරය සදහා ඕම්ස් 8 ප්‍රමාණයේ 1w ස්පීකරයක් භාවිතා කරන්න. මෙහි ඉහල පෙන්වා ඇති ආකාරයේ කුඩා ප්ලාස්ටික් ආවරණයක් සාදා ගත හොත්, ස්වයන් රැකියාවක් ලෙස මෙම Door Bell එක වෙළද පොලට පවා ඉදිරිපත් කල හැක. 

Tuesday, February 22, 2022

230v Lamp Dimmer Circuit...


මීට පෙර අවස්ථා කීපයකදීම Lamp Dimmer පරිපත කීපයක්ම මම  ඔබට ඉදිරිපත් කළා. පහතින් පෙන්වා තිබෙන්නෙත් තවත් වටිනා Lamp Dimmer පරිපථයක් තමයි. ප්‍රධාන වශයෙන් TIC 226 ට්‍රයැක් උපාංගයකින් සහ ඩියැක් උපාංගයකින් සමන්විත මෙම පරිපථය ඉතාමත් සරල වන අතර පරිපථයේ RV1 ලෙස පෙන්වා ඇති 220K විචල්‍ය ප්‍රතිරෝධකය (Variable Resistor ) මගින් බල්බයේ එලිය අඩු වැඩි කල හැකි වනවා. 220K විචල්‍ය ප්‍රතිරෝධකයට අනිවාර්යෙන්ම ප්ලාස්ටික් Knob එකක් සවිකළ යුතු අතර එසේ නොවුනහොත් ඔබට විදුලි සැර වැදීමේ අවධානමක් පවතින බව තරයේ මතක තබා ගන්න. ඒ වාගේම TIC 226 ට්‍රයැක් උපාංගය සදහා හොද Heat Sink එකක්ද යෙදිය යුතු වනවා.





















Sunday, February 20, 2022

Simple 10W Audio Amplifier...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් ඉතාමත් සරල 10W  Audio Amplifier පරිපථයක්. LF 351 IC උපාංගයක් සහ TIP 127 සහ TIP 122 ට්‍රාන්සිස්ටර් දෙකක් මේ සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කර තිබෙනවා. පරිපථයේ R9 ලෙස පෙන්වා ඇත්තේ 10K Volume Controller එක වන අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 ක් වේ. ඔම්ස් 8 වොට් 15 ක පමණ ස්පීකරයක් මෙම ඇම්ප්ලිෆයරය සදහා භාවිතා කල හැක.





















Friday, February 18, 2022

6v Led Lamp...

 

Led බල්බ 40 කින් සමන්විත Led Lamp පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ 6v වලින් මෙම පරිපථය ක්‍රියාත්මක කල හැකි වීමයි. NE 555 IC උපාංගයකින් සහ 2N 3055 ට්‍රාන්සිස්ටර් දෙකකින් සමන්විත මෙම පරිපථයේ ඇති Led බල්බ සදහා සුදු පති Led භාවිතා කල හැක. බයිසිකල් ඩයිනමෝ එකකින් වුවද 6v සැපයිය හැකි නිසා, මෙම පරිපථය ආධාරයෙන් බයිසිකල් Lamp එකක් ලෙස වුවද මෙම පරිපථය භාවිතා කල හැක.

Thursday, February 17, 2022

230v Touch Dimmer Switch...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ, 230v ස්පර්ශ සංවේදී ඩිමර් පරිපථයක්. පරිපථයේ ඇති Touch Plate එක ස්පර්ශ කිරීමෙන්, පරිපථයේ ඇති 60w බල්බයේ එළිය අඩු වැඩි කරගත හැක. Touch Plate එක සදහා තුනී ඇලුමිනියම් තහඩු කැබල්ලක් හෝ ප්‍රින්ටඩ් බෝඩ් කැබැල්ලක් යොදා ගත හැක. පරිපථයේ ඇති BT 136 Triac උපාංගයේ පින් හදුනාගන්නා ආකාරය පරිපථයේම පසෙකින් පෙන්වා ඇත. තවද පින් අටකින් යුතු TT 6061A  IC උපාංගයේ පින් හදුනාගන්නා ආකාරය පහතින් ඉදිරිපත් කර ඇත. මෙම පරිපථය සදහා භාවිතා කල හැකි බල්බයේ උපරිම වොට් ප්‍රමාණය 60w වන අතර ඊට වැඩි වොට් ප්‍රමාණයේ බල්බ භාවිතා කිරීමෙන් වලකින්න.















Wednesday, February 16, 2022

9v Power Supply for Mini Led Board...

 

ඉතින් ගොඩක් අය මගෙන් අහල එවල තිබුණා කලින් ලිපියෙන් මම ඔබට ඉදිරිපත්කල කුඩා Led බෝඅර්ඩ් එක සදහා 9v විදුලි බලයක් ලබාදෙන්නේ කොහොමද කියල...ඉතින් එම කුඩා Led Board එකට විදුලිය සැපයිය හැකි 9v විදුලි සැපයුම් පරිපථයක් මම අද ඔබට ඉදිරිපත් කරනවා. මෙම විදුලි සැපයුම් පරිපථය සදහා LM 7809 Regulator IC උපාංගයක් යොදාගෙන තිබෙනවා...මෙම පරිපථය පහතින්...


LM 7809 Regulator IC උපාංගයේ සාමාන්‍ය පෙනුම සහ එහි Pin හදුනාගන්න ආකාරයද පහතින් පෙන්වා ඇත.

Tuesday, February 15, 2022

වෙසක් උත්සවයට තවත් Led පරිපථයක්...

 

වෙසක් උත්සවයේ විදුලි ආලෝක සැරසිලි සදහා යොදාගත හැකි තවත් Led බල්බ පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙමෙ පරිපථයේ ප්‍රධානතම උපාංග ලෙස NE 555 IC උපාංගය සහ BC 548 සහ BC 558 ට්‍රාන්සිස්ටර් දෙක හදුන්වන්න පුළුවන්. BC 548 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් වන අතර BC 558 PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් වේ. පරිපථයේ ඇති 500k Preset එක මහින් බල්බ දැල්වෙන වේගය වෙනස් කර ගත හැක. පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.

















Sunday, February 13, 2022

1500 W පවර් ඇම්ප්ලිෆයරය...

  

පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ, ට්‍රාන්සිස්ටර් 13 කින් යුතු ඉතාම උසස් තත්වයේ පවර් ඇම්ප්ලිෆයර් පරිපථයකි. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා ඇම්පියර් 5 ක පමණ වෝල්ට් 24 ක වෝල්ටීයතාවයක් ලබාදිය යුතුවේ. මෙම පවර් ඇම්ප්ලිෆයරය එළිමහනේ භාවිතා කිරීමට ඉතාමත් යෝග්‍ය වේ. වොට් 1500 වැඩි බෆල් එකක් මේ සදහා භාවිතා කල හැක. 


















Parts List.

R1,R8____________________10K
R2,R3____________________22R
R4_______________________150R
R6,R7____________________68R
R9_______________________500R
R10______________________1K
R11,R15__________________200R
R13,R38__________________100R
R14______________________15R
R16,R17__________________0,22R 2W
R18,R19__________________10R 5W
R21,R22__________________10K
PR1______________________1K 
C1_______________________10uF 63V
C2_______________________220uF 63V
C3_______________________100p
C6_______________________100n 400V
C11______________________47uF 63V
L________________________10 Turns 0.8 in Diameter
Tr1,Tr2,Tr3,Tr5____________ MPSA92
 Tr4,Tr10,Tr11,Tr13_________MPSA42
Tr6______________________MJE340
Tr7______________________MJ802
Tr8______________________MJE350
Tr9______________________MJ4502

Tuesday, February 8, 2022

USB Lamp...

 

පහතින් ඔබට ඉද්රිපත්කර තිබෙන්නේ, Led බල්බ හතරකින් යුතු  USB Lamp පරිපථයකි. මෙම Led බල්බ හතර සදහා ඉතාමත් වැඩි දීප්තියකින් යුතු Led බල්බ භාවිතා කරන්න. රෙසිස්ටර් හතර සදහා 100 ඕම්ස් රෙසිස්ටර් හතරක් භාවිතා කලයුතු අතර පරිපථයේ පෙන්වා ඇති + විදුලිය සපයන ස්ථානය USB කේබලයේ රතු පැහැති වයරයටත්, පරිපථයේ පෙන්වා ඇති ( - ) විදුලිය සපයන ස්ථානය USB කේබලයේ කළු  පැහැති වයරයටත් සවිකරන්න.

Tuesday, February 1, 2022

Transistor Mini Amplifier...

 

2SC 5200 ට්‍රාන්සිස්ටරයකින් යුතු Mini Audio Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 5v වේ. මෙම පරිපථය 5v වලින් ක්‍රියාකරන නිසා පරිගණකයේ USB Port එකෙන් වුවද විදුලිය සැපයිය හැක. 2SC 5200 ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් පෙන්වා ඇත.