තවත් 10w Audio Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පරිපථයේ විශේෂත්වයක් වන්නේ, විදුලි සැපයුම් පරිපථයද මෙම පරිපථය සමග දක්වා තිබීමයි. TDA 2030 IC උපාංගය භාවිතයෙන් මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර පරිපථයේ VR 100k ලෙස දක්වා ඇත්තේ, Volume Control එකයි. ස්පීකරය සදහා 15w පමණ ඕම්ස් 4 හෝ 8 ස්පීකරයක් භාවිතා කල හැක.
Sunday, November 29, 2020
Saturday, November 28, 2020
Automatic Led Emergency Lamp...
Led බල්බ 12 කින් සමන්විත පහත දක්වා ඇති Automatic Led Emergency Lamp පරිපථය නිවසේ විදුලිය ඇනහිටි ඕනෑම අවස්ථාවක ස්වයන්ක්‍රීයව දැල්වෙනවා. මේ සදහා ඉතාමත් වැඩි දීප්තියෙන් යුතු සුදු පැහැති Led යොදාගැනීම වඩාත් යෝග්‍ය වනවා. මෙමපරිපතයේ ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලි ඇම්පියර් 500 පමණ 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල හැකි අතර, බැටරිය සදහා 6v ඇම්පියර් 4.5 Rechargeable බැටරියක් භාවිතා කලයුතු වේ. පරිපථයේ පෙන්වා ඇති BD 140 ට්‍රාන්සිස්ටරය සදහා අනිවාර්යෙන්ම Heat සින්ක් එකක් භාවිතා කල යුතුවේ.
Wednesday, November 18, 2020
230v බහු කාර්ය Led විදුලි පහන...
අද මම අරගෙන ආවේ 230v වලින් ක්‍රියාකරන තවත් Led විදුලි පහන් පරිපථයක්. Led බල්බ් පහකින් සමන්විත මෙම විදුලි පහන සාදාගත් පසු, Night Lamp එකක් ලෙස හෝ ආගමික ස්ථානයක භාවිතා කරන විදුලි පහනක් ලෙස හෝ විසිතුරු විදුලි පහනක් ලෙස හෝ ඔබට අවශ්‍ය පරිදි භාවිතා කල හැකි වනවා. ඔබගේ අවශ්‍යතාවය අනුව විවිධ වර්ණ Led බල්බ් භාවිතා කරමින් මෙම විදුලි පහන සාදාගත හැක.
පරිපථයේ ඇති, D1, D2, D3, D4 රෙක්ටිෆයර් හතර සදහා IN 4007 රෙක්ටිෆයර් හතරක් හෝ රෙක්ටිෆයර් හතරක් එකට යොදා සාදා ඇති, Bridge Rectifier එකක් භාවිතා කල හැක. Bridge Rectifier එකක සාමාන්‍ය පෙනුම පහතින් ඉදිරිපත් කර ඇත. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් මෙය අත්හදාබැලීමේදී සැලකිලිමත් වන්න.
Subscribe to:
Comments (Atom)







