Friday, October 30, 2020

Low Cost Automatic Emergency Lamp...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, නිවසේ විදුලිය ඇනහිටී අවස්ථාවක ස්වයන්ක්‍රියව දැල්වෙන Emergency Lamp පරිපථයකි. මෙය සුදු පැහැති Led බල්බ 12 කින් සමන්විත වනවා. මෙම පරිපථයේ ඇති බැටරිය සදහා ඇම්පියර් 4.5, 6v Rechargeable බැටරියක් භාවිතා කල යුතු අතර, ට්‍රාන්ස්ෆෝමරය සදහා මිලිඇම්පියර් 500 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක්  භාවිතා කරන්න. පරිපථය සාදා විදුලිය සපයා තැබූ විට, නිවසේ විදුලිය ඇනහිටී ඕනෑම අවස්ථාවක බැටරියේ විදුලියෙන් ස්වයන්ක්‍රියව Led බල්බ දැල්වෙනු ඇත. එසේම නැවත විදුලිය ලැබුණු  විගස, Led බල්බ ස්වයන්ක්‍රියව නිවී යනු ඇත.  

Thursday, October 29, 2020

3A 12v Power Supply...


ඉහල ඇම්පියර් ප්‍රමාණයක් අවශ්‍ය පරිපථ සදහා ඔබට මෙය වැදගත් වේවි. මෙම පරිපථයේ ඇති 2N 3055 පවර් ට්‍රාන්සිස්ටරය සදහා හීට් සින්ක් යෙදීම අනිවාර්යවේ.අනිවාර්යවේ.                                                                               

Tuesday, October 27, 2020

7w Audio Amplifier..

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ තවත් Audio Amplifier පරිපථයක්. මෙම Audio Amplifier පරිපථයේ Out Put එක 7w වනවා. පරිපථය ඉතාම අඩු උපාංග ගණනකින් සමන්විත වීම මෙහි විශේෂත්වයක් වන අතර LM 383 IC උපාංගය පාදක කරගනිමින් මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. මෙම  Audio Amplifier පරිපථය Car Set සදහාත් CD Player සදහාත් ඉතාමත් යෝග්‍ය වන අතර පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 5 ත් වෝල්ට් 20 ත් අතර වුවද, වෝල්ට් 12 සැපයීම ඉතාමත් යෝග්‍ය වනවා. LM 383 IC උපාංගය සදහා Heat Sink යෙදීම අනිවාර්ය වන අතර පරිපථයේ R1 10K ලෙස පෙන්වා ඇත්තේ Volume Controller  එකයි. ඕම්ස් 8 වොට් 10 ක පමණ ස්පීකරයක් භාවිතා කරන්න.


Monday, October 26, 2020

 

Rechargeable Led Search Lamp එකක් සාදමු...

ඉතින් අද මම ඔබට අරගෙන ආවේ,අපට එදිනෙද වැඩකටයුතු වලදී ඉතාමත් ප්‍රයෝජනවන Rechargeable Led Search Lamp එකක් සාදන ආකාරයයි. මෙම Rechargeable Led Search Lamp එකට විදුලිය සැපයීම සදහා භාවිතා කර ඇත්තේ 6v , ඇම්පියර් 4 Rechargeable බටරියකි.මෙම Search Lamp  එකේ ඇති විශේෂත්වය වන්නේ, බැටරිය ගැලවිමකින් තොරව  මෙම Search Lamp පරිපතයටම පිටතින් Power Pack එකක් සවි කර මෙම බැටරිය Charge කරගත හැකි වීමයි.

මෙම පරිපථයේ ඇති BD 139 නම් වූ ට්‍රාන්සිස්ටරයේ Pin හදුනා ගන්න ආකාරය සහ LM 7806 රේගුලේටර් උපාංගයේ  Pin හදුනා ගන්න ආකාරය පහත රුප මගින් ඉදිරිපත් කර ඇත. D 1 සිට D 6 දක්වා ඇත්තේ සුදු පැහැති සාමාන්‍ය ටෝච් Led බල්බ හයකි.



තවද BD 139 නම් වූ ට්‍රාන්සිස්ටරයට සහ LM 7806 රේගුලේටර් උපාංගය, පරිපථය ක්රියකිරිමේදී රත්වන අතර, එමනිසා එම උපාංග දෙකටම වෙන වෙනම තාප අවශෝෂක (Heat Sink ) දීම අනිවාර්යෙන්ම සිදු කල යුතුවේ. එමෙන්ම පහත රුපයේ පෙන්වා ඇති ආකාරයේ 12v ,ඇම්පියර් 1 ප්‍රමාණයේ Power Pack එකක්, පරිපත්යේ CHG IN යනුවෙන් සදහන් ස්ථානයට සවිකර බැටරිය Charge කරගත හැක.

Wednesday, October 21, 2020

Regulated Dual Power Supply...


පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, Regulated Dual Power Supply පරිපථයකි. මෙම පරිපථයේ විශේෂත්වය වන්නේ, 12v සැපයුම් දෙකක් සහ 5v සැපයුම් දෙකක් වෙන වෙනම ලබාගත හැකි වීමයි. මෙම පරිපථය සදහා 7805 Regulator IC උපාංග දෙකක් සහ 7812  Regulator IC උපාංග දෙකක් භාවිතා කර ඇති අතර, 15v ඇම්පියර් 12 ක ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුවේ. පරිපථය ක්රියත්නක කිරීමේදී, Regulator IC උපාංග රත්වන බැවින් ඒවා සදහා Heat Sink දීම අනිවාර්යෙන්ම සිදුකල යුතුවේ.




Wednesday, October 14, 2020

Stereo Led Sound Level Indicator එකක් සාදමු...

 

ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ,Led Sound Level Indicator එකක් සාදාගත හැකි පරිපතයක්.ඔයාල දැකල ඇති , සමහර ඇම්ප්ලිෆයර්ස් වලත් සමහර Hifi Setup වලත් මෙවැනි Sound Level Indicators තිබෙන බව.ඉතින් දැන් ඔබටත් පුළුවන් මෙම Led Sound Level Indicator එක සාදලා ඔබගේ ඇම්ප්ලිෆයර් එකට සවි කර බලන්න. පාද 16 න් යුත් TA 7666P නැමති IC උපාංගය පාදක කොට ගෙන මෙම පරිපථය නිර්මාණය වෙලා තිබෙනවා.




මෙය Stereo Led Sound Level Indicator පරිපථයක්. එම නිසා තමයි පරිපථයේ Channel 1 සහ Channel 2 වශයෙන් In Put ස්ථාන දෙකක් තිබෙන්නේ.එම Channel 1 සහ Channel 2 වශයෙන් සදහන් ස්ථාන දෙක ඔබගේ ඇම්ප්ලිෆයරයේ Line In L සහ  Line In R   ස්ථානයට පිලිවෙලින් සවි කරන්න.එසේම මෙම පරිපථය සදහා 12v විදුලි බලයක් අවශ්‍ය වෙනවා.12v + යනුවෙන් සදහන් ස්ථානයට + විදුලියත්, Earth සලකුණ ඇති සෑම ස්ථානයක්ම එකට එකතු කර එම ස්ථානයට - විදුලියත් ලබා දෙන්න. ඉන්පසු ඇම්ප්ලිෆයරය ක්‍රියාත්මක කරන්න.එවිට ශබ්දයේ තීර්ව තාවය අනුව මෙම Led බල්බ දල්වෙනු ඇත.      

Sunday, October 11, 2020

ඉලෙක්ට්‍රොනික් ටියුබ් ලයිට් එකක් හදමු...


1.C3සහ  C2 සදහා  25V ceramic capacitors යොදන්න

2.C2 සදහා ඉලෙක්ට්‍රොලයිටික් වර්ගය යොදන්න

3.T1, සදහා  ,230V to 10V Step Down Transformer එකක් යොදන්න.මෙහි  10V Winding පැත්ත  MOSFET එකට හා  240V Winding පැත්ත  
Florescent Lamp එකට සවිකරන්න..
                       
4.මේ සදහා  12V lead acid battery යක් යොදා ගන්න පුළුවන.

5..MOSFET එකට හීට් සින්ක් යොදන්න.

6.Florescent Lamp සදහා  4W එකක් යොදන්න.