Wednesday, September 30, 2020

230v Automatic Night Lamp එකක් සාදමු...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රියව දැල්වෙන, 230v වලින් ක්‍රියාත්මක කළ හැකි Night Lamp පරිපථයකි. පරිපථයේ Q1 සහ Q2 යනුවෙන් සදහන්ව ඇත්තේ BC 327 PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් සහ BC 337 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයකි. තවද පරිපථයේ R1 ලෙස සදහන්ව ඇත්තේ, Photo රෙසිස්ටරයක් වනාතර එය LDR වශයෙන්ද හදුන්වනු ලබයි. පරිපථයේ D1 යනුවෙන් සදහන්ව ඇත්තේ, TIC106D 400V 5A SCR උපාංගයකි. පරිපථය නිසි ලෙස සාදාගැනීමෙන් අනතුරුව, පරිපථයේ SK1 ලෙස සදහන්ව ඇති ස්ථානයට 230v වලින් ක්‍රියාකරන බල්බයක් සවි කල හැකි අතර, පරිපතයට 230v සපයා තැබූ විට අදුර වැටීමත් සමග බල්බය දැල්වෙන අතර එලිය වැටීමත් සමග බල්බය ස්වයන්ක්‍රියව නිවී යනු ඇත.

 අවශ්‍ය උපාංග...

R1 = Photo resistor (any type)
R2 = 100K 1W Resistor
R3 = 200K 1/2W Trimmer Cermet
R4,R7 = 470R 1/4W Resistors
R5 = 12K 1/4W Resistor
R6 = 1K 1/4W Resistor
C1 = 10nF 63V Polyester Capacitor
D1 = TIC106D 400V 5A SCR
D2-D5 = 1N4007 1000V 1A Diodes
Q1 = BC327 45V 800mA PNP Transistor
Q2 = BC337 45V 800mA NPN Transistor
SK1 = Female Mains socket
PL1 = Male Mains plug & cable

Tuesday, September 29, 2020

Bass Booster Circuit...

 

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, Audio Power Amplifier සදහා භාවිතා කල හැකි Bass Booster පරිපථයක්. Audio Power Amplifier එකේ ඇති Tone Control පරිපථයේ Out Put ස්ථානය Bass Booster පරිපථයේ In Put ස්ථානයටත්, Bass Booster පරිපථයේ Out Put ස්ථානය Audio Power Amplifier එකේ In Put ස්ථානයටත් සවි කරන්න. මෙම පරිපථය සදහා TL 702 IC උපාංගය යොදාගෙන ඇති අතර, පරිපථය සදහා 4.5v වෝල්ටීයතාවයක් ලබාදෙන්න. TL 702 IC උපාංගයේ, 4 වෙනි පින් එක (-) විදුලියටත්, 8 වෙනි පින් එක + විදුලියටත් සම්බන්ධ කරන්න.


Monday, September 28, 2020

3v Operated Audio Amplifier...


මෙම  Audio Amplifier පරිපථයේ විශේෂත්වය වන්නේ, වෝල්ට් 3 වැනි ඉතාමත් අඩු වෝල්ටීයතාවයකින් ක්‍රියාත්මක කල හැකි වීමයි. LM 386 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති  මෙම පරිපථය සදහා 0.5w ,ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කල හැක.



Friday, September 18, 2020

ස්පිකර් සදහා ආරක්ෂකයෙක් ( Power Amplifier Speaker Protection Circuit )

 

අද මම ඔබට ඉදිරිපත්කරන්නේ තවත් ඉතා වැදගත් පරිපථයක්. සාමාන්‍යයෙන් Power Amp එකක් On කරනවිට එයට සවිකර ඇති ස්පිකර් දෙකෙන් එක වරම ශබ්දයක් එනවා. Power Amp එකක් ක්‍රියාකරන්න වැඩි වෝල්ටීයතාවයක් මෙන්ම වැඩි ධරාවකුත් (Amperage) අවශ්‍ය වනවා. එනම් Power Amp වල Power Supply එකේ තිබෙන්නේ වැඩි Volt ගණනක් සහිත වැඩි ඇම්පියර් ගණනක ට්‍රාන්ස්ෆෝමරයක් තමයි.  අපි Power Amp එකක් On කරන විට මෙම අධිබල විදුලි ධාරාව එකවරම ස්පිකර් වලට ගමන් කරන නිසා තමයි, ස්පිකර් වලින් ලොකු ශබ්දයක් එන්නේ. මෙය ස්පිකර් වලට ඉතාම හානිකර තත්වයක්. මෙය නිසා ඇතැම්විට ස්පිකර් පිච්චීමට පවා ඉඩ තිබෙනවා. සමහර අය  මෙම තත්වය වලක්වා ගැනීමට ,Power Amp එකේ Volume එක අඩු කර Power Amp එක On කරන අවස්ථා ඔබ දැකල ඇති. එහෙත් එය සැමවිටම ප්‍රයෝගික නැහැ. මෙම ස්පිකර් ආරක්ෂක පරිපථය පහතින් ඉදිරිපත් කර ඇත. 


 අවශ්‍ය උපාංග.

R1 - 5K Ohms Preset.
C1 - 1000uf (25v) Condenser
C2 - 0.1uf (104) Capacitor
D1 - IN 4001 Diode
Q1 - BC 107 Transistor
RL1 - 9v Relay
LS1 - Speaker

රිලේ උපාංගයක් සහිත මෙම පරිපථය මගින් Amp එක On කරන අවස්ථාවේදී ස්පිකර් සම්බන්ධතාවය විසන්ධි කර තබන අතර, සුළු කාල  පමාවකින් ස්පිකර් සම්බන්ධතාවය ලබාදෙනවා. ඉතින් එම නිසා ස්පිකර්වල ආරක්ෂාවට මෙය ඉතා වැදහත් පරිපථයක්. Pioneer , Technics, Akai  වැනි ඉතා උසස් තත්වයේ Power Amp වල මෙම පරිපථය අන්තර්ගත වනවා. ඔබටත් පුළුවන් ඔබගේ Amp එක තුලම මෙවැනි  පරිපථය දෙකක්  සවිකරන්න.

12v වලින් ක්‍රියාකරන මෙම පරිපථය සදහා Amp එකේ Power Supply එක තුලින්ම විදුලිය සපයන්න. පරිපථයේ සදහන් To Speaker Out Put යන ස්ථානය, ඔබගේ Amp එකේ Speaker සවිකරන ස්ථානයට සවිකරන්න.
9v Relay


5k Preset

Sunday, September 6, 2020

Battery Charger...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, 1.5v AA ප්‍රමාණයේ බැටරි චාජර් පරිපථයකි. BC 558 ට්‍රාන්සිස්ටර් 3 සහ LM  317 regulatar උපාංගයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇත. ආරෝපණය කිරීම සදහා, 1.5v AA ප්‍රමාණයේ නැවත ආරෝපණය කල හැකි බැටරි භාවිතා කල හැක. එම බැටරි 4 ක් එකවර ශ්‍රේණිගත කර ආරෝපණය කල හැක. පරිපථයේ x1 ලෙස පෙන්වා ඇත්තේ, මිලි ඇම්පියර් 750 ක 9v ට්‍රාන්ස්ෆෝමරයකි.








 

Tuesday, September 1, 2020

මයික් ප්‍රී ඇම්ප්ලිෆයරයක් හදමු...


ඉතින් අද මම කියල දෙන්නේ මයික් ප්‍රී ඇම්ප්ලිෆයරයක් සාදා ගන්න ආකාරයයි. කුමන හෝ ඇම්ප්ලිෆයරයක, In Put ස්ථානයට කෙලින්ම මයික් එකක් සවි කර ඇමතීමට නොහැක. එයට හේතුව වන්නේ මයික් එකේ ඉම්පීඩන්ස් එකට ඇම්ප්ලිෆයරයේ In Put ඉම්පීඩන්ස් එක සමාන නොවීමයි. මෙම ඉම්පීඩන්ස් සමාන කිරීම  කල යුත්තේ මයික් එකත් ඇම්ප්ලිෆයරයේ In Put ස්ථානයත් අතර මයික් ප්‍රී ඇම්ප්ලිෆයරයක් සවි කර ගැනීමෙනුයි. එවිට නියම ආකාරයට මයික් එක ඉදිරියේ ඇති කරන ශබ්දය ඇම්ප්ලිෆයරයෙන් පිට වෙයි.

පහතින් ම ඉදිරිපත් කර ඇත්තේ පහසුවෙන් සාදාගත හැකි මයික් ප්‍රී ඇම්ප්ලිෆයර් පරිපතයකි. මෙම ප්‍රී ඇම්ප්ලිෆයර් පරිපථය සදහා වෝල්ට් 3 සිට වෝල්ට් 9 දක්වා විදුලි බලයක් ලබා දිය හැක. පරිපථයේ, + 3 - 9v DC යනුවෙන් සදහන් ස්ථානය + විදුලියත්, අර්ත් සලකුණ ඇති ස්ථානයට - විදුලියත් ලබා දෙන්න. Audio Out Put ස්ථානයත්, අර්ත් සලකුණ ඇති ස්ථානයත්, ඕනෑම ඇම්ප්ලිෆයරයක In Put ස්ථානයට සවි කරන්න. එම සම්බන්ධ කිරීම සදහා අනිවාර්යෙන්ම ස්ක්‍රීන් වයර් භාවිතා කරන්න.



පහත රුපය ආධාරයෙන් 2 N 3904 ට්‍රාන්සිස්ටරයේ පාද හදුනාගන්න.


තවද, පරිපථයේ 10K වශයෙන් සදහන් කර ඇත්තේ, Volume Control එකකි. ( මෙය Variable රෙසිස්ටරයක් බව ඔබට අවබෝධ වී ඇතැයි  සිතමි ) මෙය මයික් එකේ ශබ්දය පාලන කිරීමට යොදා ගන්න මයික් Volume Control එකයි.

 10 K  Mic Volume Control 



දැන් පරිපතයට විදුලිය සපයා, පරිපථයේ Mic යනුවෙන් සදහන් ස්ථානයට, ඉම්පීඩන්ස් එක ඕම්ස් 50 සිට ඕම්ස් 1000 දක්වා වූ ඕනෑම මයික් එකක් සවිකර කතා කර බලන්න.