Tuesday, April 23, 2019

Led Circuit for Wesak Festival...

බොහෝ දෙනාගේ ඉල්ලීම මත, ලග එන වෙසක් උත්සවය සදහා භාවිතා කල හැකි තවත් Led පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථය Led බල්බ 8 කින් සමන්විත වනවා. ඔබට ඉතා හුරු පුරුදු NE 555 IC උපාංගය මෙම පරිපතයටද භාවිතා කර ඇති අතර, පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ. 

Monday, April 22, 2019

ජංගම දුරකතනයට USB බැටරි චාජරයක් සාදමු...


පහතින් පෙන්වා ඇත්තේ ඔබගේ ජංගම දුරකථනය සදහා භාවිතා කල හැකි USB බැටරි චාජරයක පරිපතයකි. BD 139 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයේ, D2 ලෙස පෙන්වා ඇත්තේ 4.7v සෙනර් ඩයෝඩයකි. ඉවතලන ලද Pen Drive එකකින් USB Jack එක සොයා ගත හැකි අතර, ඉවතලන ලද Phone චාජරයකින් Phone  එකට සවිවන Jack එක සොයාගත හැක. 



Parts List

Q1 = BD139
D1 = 1N4001
D2 = 4.7V – 1/2W
R1 = 560R – 1/2W
C1 = 16V – 100uF


Sunday, April 14, 2019

Water Sensor Circuit with Alarm...


පහතින් දැක්වෙන්නේ M3482 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කරන ලද  Water Sensor Alarm පරිපථයකි. IC උපන්ගයට අමතරව මෙම පරිපථය ට්‍රාන්සිස්ටර් පහකින් සමන්විත වනවා. පරිපථයේ පෙන්වා ඇති A සහ B  අග්‍ර දෙක ජලයෙන් සම්බන්ධ වූ විට එලාම් එක නාද වනු ඇත. මෙම එලාම් එක එකිනෙකට වෙනස් නාද මාලා 12 කින් සමන්විත වීම මෙහි ඇති විශේෂත්වයක් ලෙස සැලකිය හැක. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 3 කි.


Saturday, April 13, 2019

අදුර වැටීමත් සමග ස්වයංක්‍රීයව දැල්වෙන විදුලි විදුලි පහන...


මම අද ඔබට ඉදිරිපත් කරන්නේ,  අදුර වැටීමත් සමග ස්වයංක්‍රීයව දැල්වෙන විදුලි විදුලි පහන් පරිපථයක්. 2N 2222 ට්‍රාන්සිස්ටරයකින් සමන්විත මෙම පරිපථයේ ඇති LDR උපාංගයට අදුර වැටීමත් සමග රිලේ උපාංගය හරහා සවිකර ඇති බල්බය ස්වයංක්‍රීයව දැල්වෙනවා. ඒ වාගේම LDR උපාංගයට ආලෝකය ලැබීමත් සමගම ස්වයංක්‍රීයව බල්බය නිවීමත් සිදුවනවා. පරිපථයේ ඇති 100K Preset එක මගින් බල්බය දැල්විය යුතු ආලෝක මට්ටම සකසා තැබිය හැක. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ. 



12v Relay

LDR

Friday, April 12, 2019

Single Chip Stereo FM Transmitter...


පහතින් දැක්වෙන්නේ, MAX 2606 IC උපාංගය යොදාගනිමින් නිර්මාණය කර ඇති තවත් FM Stereo ට්‍රාන්ස්මීටර් පරිපථයකි.පරිපථයේ R2 ලෙස දක්වා ඇත්තේ 10k වොලියුම් කොන්ට්‍රෝලයක් වන අතර පරිපථයේ R1 ලෙස දක්වා ඇත්තේ 100k Preset එකකි. මෙම Preset එක මගින් 88 MHz ත් 108 MHz අතර තරංග විසුරුවාහැරිය හැකි Frequency එක තෝරාගත හැක. ඇන්ටනාව සදහා 80cm පමණ දිග වයරයක් භාවිතා කරන්න. පරිපථය සදහා 3v - 5v අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක.


Wednesday, April 10, 2019

CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කරන හැටි...


ගොඩක් දෙනා මගෙන් අහල එවල තිබුනා අඩු TVL අගයක් දාපු CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කර ගන්නා අයුරු කියලා දෙන්න කියලා..ඕනා අද ඒ කට්ටියට පිළිතුර ලබා දෙනවා..මේක ඔයාලටම එකලස් කරන්න පුළුවන් පරිපතයක්.වෙරෝ බෝර්ඩ් එකක හෝ LED විදුලි පහන් නිපදවීමට ගන්නා PCB එකක් වුනත් වැඩේට ගැලපෙනවා..එය නිර්මාණ ශීලිව කරගන්නා එක ඔබට බාරයි..විශේෂයෙන් කියන්න ඕනා රාත්‍රී කාලයට CCTV කැමරාවට දැකීමට ආධාර වන පාරජම්බුල කිරණ ඉතා
හොඳින් තිබීම වැදගත්..එම පාරජම්බුල ආලෝකය අපේ ඇසට නොපෙනුනත් CCTV කැමරාවට නම් හොඳින් පෙනෙනවා..එමගින් තමයි අපට රෑට නයිට් විෂන් එක ලබා දෙන්නේ..මෙම උපාංගය පහසුවෙන් ගැලවිය නොහැකි කිසිවකුට නොපෙනෙන ලෙස සවිකිරීමත් වැදගත් වෙනවා..මෙය සවිකර ගැනීමට හොඳම උපකරණයක් තමයි FLASH LIGHT කේසින් එකක්.එය පිටකොටුවෙන් අඩු මුදලට ගන්න පුළුවන්..මම පහත දාල තියෙන පින්තුරේ කොටස් ටික අරගෙන වැඩේ සෙට් කරලා බලන්න..ඔබේ CCTV කැමරාවේ රාත්‍රී පෙනුම දෙගුණ වී පෙනේවී.









Sunday, April 7, 2019

අධිබල ආරක්ෂක සයිරන් පරිපථය...


පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ ට්‍රාන්සිස්ටර් තුනකින් යුතු Powerful Security Siren පරිපථයකි. ඉතාමත් සරල පරිපථයක් වන මේ සදහා BC 557 ට්‍රාන්සිස්ටර් දෙකක් සහ BC 337 ට්‍රාන්සිස්ටරයක් යොදාගෙන තිබෙන අතර පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. මෙහි ස්පීකරය සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ ඕම්ස් 8 කුඩා Reflex Horn (Loud Speaker ) එකක් යොදා ගත හැක.


Parts List.

P1 = SPST Pushbutton Operating Switch
R1 = 1K
R2 = 10K
R3 = 1K
R4 = 220R
R5 = 10K
R6 = 220K
R7 = 22K
R8 = 100K
C1 = 22uF-25V
C2 = 22uF-25V
C3 = 10nF-63V
C4 = 47uF-25V
Q1 = BC557
Q2 = BC557
Q3 = BC337
B1 = 12V Battery
SW1 = SPST Toggle or Slide Main Switch
SPKR = 8 Ohms Loudspeaker

Monday, April 1, 2019

Multi Channel Surround Sound System...




Multi Channel Surround Sound System එකක් නිවැරදිව ස්ථාපනය කලයුතු ආකාරය...