Saturday, October 28, 2017

On Grid Solar Power System එකක් ක්‍රියාත්මක වන ආකාරය...

දැරිය නොහැකි විදුලි බිලත් සමග බොහෝ දෙනා දැන් දැන් සෝලා විදුලි පද්ධති ගැන දක්වන්නේ ලොකු උනන්දුවක්. ඉතින් මම අද පහතින් පෙන්වා තිබෙන්නේ, On Grid Solar Power System එකක් ක්‍රියාත්මක වන ආකාරයයි. මෙමගින් හිරු එළියෙන් වැඩිපුර නිපදවන විදුලිය ප්‍රධාන විදුලි පද්ධතියට මුදාහැරිම සිදුවන අතර ඒ සදහා ඔබට මුදල් ලබාගන්න පුළුවන්. 


Friday, October 27, 2017

රිලේ උපාංගයක් ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි...

රිලේ උපාංගයක ඇතුලත ක්‍රියාකාරිත්වය, එහෙමත් නැත්නම් රිලේ උපාංගයක් ක්‍රියාකරන ආකාරය පහතින් ඉදිරිපත්කර තිබෙනවා. එය තුලින් ඔබට රිලේ උපන්ගයක ක්‍රියාකාරිත්වය පිළිබද ඉතාමත් හොද අවබෝධයක් ලබාගැනීමට හැකි වේවි. නිර්මාණාත්මක පරිපත ගොඩනැගීමේදී, රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය පිළිබද හොද අවබෝධයක් ලබා තිබීම ඔබට ඉතා වැදගත් වේවි.


Wednesday, October 25, 2017

Led Torch Circuit with Driver...

Driver එකකින් යුතු  Led Torch පරිපථයක් තමයි පහතින් දක්වා තිබෙන්නේ. Led බල්බයක් සාමාන්‍ය පරිදි බැටරියකින් දල්වනවාට වඩා වැඩි එළියක්, Driver පරිපථයක් හරහා දැල්වීමේදී ලබාගත හැක. එම නිසා මෙම පරිපථය Led Torch එකක් සදහා භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වනවා. මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 6v වේ.


Wednesday, October 18, 2017

Touch Controlled Musical Bell...

පහතින් දැක්වෙන්නේ UM 3481 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කරන ලද  Touch  Controlled Musical Bell පරිපතයකි. මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 3 ක වන අතර, පරිපථයේ පෙන්වා ඇති TP ස්ථානය ස්පර්ශ කල විට පරිපථය ක්‍රියාත්මක වනු ඇත.


Tuesday, October 17, 2017

Fire Alarm Circuit...

BC 548, BC 558, SL 100B ට්‍රාන්සිස්ටර් 3 කින් සහ NE 555 IC උපාංගයක් ආධාරයෙන් නිර්මාණය කරන ලද Fire Alarm පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථයේ Sensor එක ලෙස ක්‍රියා කරන්නේ පරිපථයේ T1 ලෙස පෙන්වා ඇති ත්ර්මිස්ටරයයි. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 6කි. 


Saturday, October 14, 2017

Best Free YouTube Downloader for Windows - 2017

යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න අපි මීට කලින් විවිධ මෘදුකාංග ලබාදීලා තිබෙනවා. අද මෙම ලිපියෙන් ලබාදෙන්නේ ඒ සියල්ලටම වඩා කාර්යක්ෂම මෘදුකාංගයක්.




මේ මගින් 4K වීඩියෝද ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. යූටියුබ් වලට අමතරව Vevo, Facebook, Dailymotion, Metacafe, Vimeo වැනි වෙබ් අඩවි 300 කට මෙය සහාය දක්වනවා. වීඩියෝ Resolution 4096x2160, 3840x2160, 1920x1080 හෝ 1080x720 බාගන්න පුළුවන්.



ඒවගේම වීඩියෝ වල screenshot ගන්නත් පුළුවන්. ඒවා .png format එකෙන් save කරන්න පුලුවන්. යූටියුබ් එකෙන් Music video ඩවුන්ලෝඩ් කරන අයට නම් මේක ගොඩක් වටිනා මෘදුකාංගයක්.

පහත ලින්ක් එකෙන් පිවිස මෙම Software එක Download කර ගන්න පුළුවන්. 


Tuesday, October 10, 2017

Automatic Vehicle Headlight Dimmer Circuit...

සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී වාහනයක් පදවන විට අපට ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට අපගේ වාහනයේ Head ලයිට් Dim කිරීම අප විසින් නිරන්ත රයෙන් සිදුකරන කාර්යක් වනවා. ඉතින් එයට පිලියමක් ලෙස ඉදිරියෙන් වාහනයක්  පැමිණෙන විට ස්වයන්ක්‍රියව අපගේ වාහනයේ Head ලයිට් Dim වන 
Automatic Vehicle Headlight Dimmer පරිපථයක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. මෙම පරිපථය LDR උපාංගයක් මගින් ක්‍රියා කරන අතර, එනම්  LDR එක මතට ඉදිරියෙන් පැමිණෙන වාහනයේ Head ලයිට් වල එලිය වැටුණු විගස මෙම පරිපථය ක්‍රියාත්මක වී අපගේ වාහනයේ Head ලයිට් Dim වීම සිදු වනවා. පරිපථයට වාහනයේ බැටරියෙන්ම 12v ලබාදිය හැක.


Parts List

R1 = 1K,
P1 = 10 K,
LDR = With resistance @ around 10 to 50 K when illuminated in daylight (under shade).
T1 = BC547,
D1 = 1N4007
Relay = coil 400 Ohms, DPDT, 12 volts

Sunday, October 8, 2017

ඉලෙක්ට්‍රොනික් මදුරු නාශකය...

ඉතාමත් සරල සහ  ඉතාමත් අඩු මුදලකින් සාදාගත හැකි ඉලෙක්ට්‍රොනික් මදුරු නාශක පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර, Piezo බසරයෙන් නිකුත්වන නාදයෙහි තියුණු බව 1M Preset එක මගින් සකසා ගත හැක.


Saturday, October 7, 2017

Vehicle Ignition Coil Wiring Diagram...

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පෙට්‍රල් වාහනයක Spark Plugs සදහා විදුලිය සපයන  Ignition Coil Wiring පරිපථයකි. මෝටර් රථවාහන තාක්‍ෂණය පිලිබදව උනන්දුවක් දක්වන අයට, මෝටර් රථයක  Ignition පද්ධතිය ක්‍රියා කරන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීමට මෙම පරිපථය උපකාරී වේවි.